අනෙක් කිසිදු ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයකුගේ හෝ පක්ෂයේ සලකුණ හෝ පළ නොකොට තමන්‌ගේ රුව පමණක් යොදා ගනිමින් ඉදිරි මහමැතිවරණයට තරග වදින බව සදහන් කොට අද (04) දින සියලුම පුවත්පත්වල දැන්වීම් පළ කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම සම්බන්ධයෙන් පක්ෂ අභ්‍යන්තරයෙන් විශාල විරෝධයක් මේ වනවිට ඒ මහතාට එල්ලවෙමින් පවතින බව දැනගන්නට ඇත.

මහමැතිවරණයක් කටමුල තිබියදී ලංකාවේ ප්‍රධාන පක්ෂයක නායකයකු ලෙස පක්ෂයේ සියලු දෙනා කුළුගැන්වෙන ආකාරයේ ජයාරූපයක් පළ කළ යුතු වුවද එසේ නොමැතිව තමන්ගේ රුව පමණක් යොදාගෙන මිලියන ගණනක් වැය කරමින් මෙසේ දැන්වීම් පළ කිරීම මෙම විරෝධයට හේතු වී ඇති බව පැවසේ.
මේ පිළිබදව අද (04) දිනයේදී ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනකුම ප්‍රසිද්ධියේ තම විරෝධය පළ කරමින් අදහස් දක්වා ඇති බවක්ද දැනගන්නට ඇත.










