ලබන අප්‍රේල් 05 වැනි දින විශේෂ පාර්ලිමේන්තු සභා රැස්වීමක් කැඳවීමට අද පැවැති පක්ෂ නායක රැස්වීමේදී තීන්දු වී තිබේ.
ඉදිරියේදී මැතිවරණ පවත්වන ආකාරය පිළිබඳව තීන්දු ගැනිම සඳහා මෙම විශේෂ පාර්ලිමේන්තු සභාව රැස්කිරීමට නියමිතය.
මෙහිදී මැතිවරණ ක්‍රමයට සිදුකළ යුතු සංශෝධන සහ නෛතික ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට යෝජනා වී ඇති බව දැනගන්නට තිබේ.
එදිනට පැවැත්වෙන මෙම පාර්ලිමේන්තු සභාව විශේෂ කාරක සභාවක් ලෙස කටයුතු කිරීමටද නියමිතය.











