පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිකුත් කර ඇති වාර්තාව පිළිබඳව විවාද කිරීම සඳහා තවත් අමතර දිනක් ලබාදීමට ආණ්ඩුව තීන්දු කර ඇත.
අද පැවැති පක්ෂ නායක රැස්වීමේදී මෙම යෝජනාව ඉදිරිපත් කොට ඇත්තේ ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාය.
ඒ අනුව දින දෙකක් ලෙස නියමව තිබූ මෙම විවාදය දින තුනක් වීමට නියමිතය.










