අධිකරණයට අපහාස කළ බව කියමින් සිවුවසරකට සිරගත කොට ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හට ජනාධිපති සමාවක් ලබා දෙන ලෙස ඉල්ලා වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්විණ.
ඊට පූජ්‍ය රාජාංගනේ සද්ධාරතන හිමි ඇතුලු පිරීසක් සහභාගී වී සිටියහ.
මිනීමරුවන්ට, කුඩුකාරයන්ට ජනාධිපති සමාව ලබා දුන් රටේ රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබා නොදිය හැක්කේ මන්දැයි උන්වහන්සේ එහිදී විමසා සිටියහ.










