• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුන්ගේ කිරුළු ගලවන්න ගිය ජූරිට තමන්ගේ කිරුළත් නැතිවෙයි

April 9, 2021
in Exclusive
Reading Time: 13 mins read
A A
නෙළුම් පොකුණේ විවාහක රූ රැජන තරගයේදී ජංජාලයක්! දිනපු කෙනාගේ කිරුළ ගලවා දෙවැනියාට පළදවයි (VIDEO)
Share on WhatsAppShare on Facebook

විවාහක රූ රැජින ලෙස කිරුළු දිනූ පුෂ්පිකා ඩි සිල්වා මහත්මියගේ කිරුළ බලහත්කාරයෙන් ඉවත් කිරීම නිසා මහත් ආන්දෝලනයකට තුඩු දුන් 2020 වසරේ ලෝක විවාහක රූ රැජිණ ලෙස කිරුළ පැළඳි කැරොලයින් ජුරි සිය කිරුළ යලි භාරදීමට තීරණය කර ඇත.

ඒ සම්බන්ධයෙන් ඇය සිය ෆේස්බුක් පිටුවේ තබා තිබූ සටහන මෙසේය.

ආයුබෝවන්!
වනක්කම්!
සියලු ලෝ වැසියනි,

මගේ ලස්සන රටේ සහ ලොව වටා ජීවත්වන සියලු ශ්‍රී ලාංකිකයිනි.

කිරුල දිනාගත් සහ කිරුලක් දිනාගන්නට කැපවී වෙහෙස වූ, මගේ හිතවත් රූ රැජිනියනි.

වාද මතවාදවලට තුඩුදුන්, පසු ගියදා සිදු වූ සිදුවීම ගැන මගේ අවංක කණස්සල්ල පළකර සිටිමි.

කිසිවෙකු සමග පුද්ගලික ආරෝවක් මට නැත.

පුද්ගලික න්‍යාය පත්‍ර ද මා ළඟ නැත.

ශ්‍රී ලංකා විවිහක රූ රැජින තරගයේ අවසාන වටයට තේරී පත් වූ සියලු දෙනා මා ඉතාමත් අගය කොට සළකමි.

”ඔවුනට ඔවුන්ගේ උපරිමයෙන් තරගවැද ජයගැනීමට තරම්, සාධාරණ සහ සැමට සමාන අවස්ථාවක් හිමිවන තරග පසුබිමක් වෙනුවෙන් මා පෙනී සිටිමි. මා කිසිම තරගකාරියකට පක්ෂපාතීව හෝ විරුද්ධව කටයුතු නොකළෙමි. මා නිරන්තරයෙන් සිටගත්තේ මා නිවැරදි යැයි විශ්වාස කරන දේ වෙනුවෙනි.”

මා හට 2020 ලෝක රූ රැජින තරගයේ තරගවැද ජයග්‍රහණය කිරීමට තරම්, සාධාරණ වේදිකාවක් නිර්මාණය කර දුන්, ආදරණීය ලෝක විවාහක රූ රැජින තරග සංවිධායකයින්ට එයින් අත්විඳින්නට සිදු වූ අපහසුතාවයක් වී නම්, මම ද එය අත්විඳිමි.

ලොව වටා සහ මගේ රටේ වෙසෙන, පසුගිය සහ වර්තමාන රූ රැජින තරග ජයග්‍රාහිකාවන්ට එයින් අත් විඳින්නට සිදු වූ අපහසුතාවය මමද එලෙසින්ම අත් විඳිමි.

සෑම රූ රැජින තරගයකටම ඊට අනන්‍ය වූ නීති රෙගුලාසි මාලාවක් ඇත.

මා මුල සිටම පෙනී සිටියේ සාධාරණ වේදිකාවක් සහ සැමට සාධාරණ වූ නීති රෙගුලාසි වෙනුවෙනි.

”තරගයක නීති රීති ඇත්තේ, ඒවාගේ අඩුපාඩුවලින් රිංගා යමින්, කෙසේ හෝ තරගයක් ජයග්‍රහණය කිරීමට නොවේ..

තරගයකට නීති රෙගුලාසි ගෙන එන්නේ, අරමුණක් වෙනුවෙන් වේදිකාවක් සඳහා බව මගේ විශ්වාසයයි.

මා මුලසිටම හඬනැගුවේ ඒ වෙනුවෙනි. නමුත්, අවාසනාවකට හඬනැගීම නොතකා හැරීම නිසාම, අවසාන තරගයට පෙර දිනයේදී, මා විනිශ්චය මණ්ඩලයෙන් ඉල්ලා අස්වූවෙමි.

මගේ ක්‍රියකලාපය ඒ අභිමතාර්ථ සහ අරමුණු වෙනුවෙන් මගේ ක්‍රියාත්මකවීමයි.

මා දකින ආකාරයට ලෝක විවාහක රූ රැජින කිරුළ යනු, විවාහ ජීවිතයක් ගෙවමින්, ඒ වෙනුවෙන් මහා කැපකිරීම් කරමින් වගකීම් දරමින්ම, තම තමන්ගේ සිහින ජයගන්නා විවාපත් කාන්තාවන්ගේ ජාත්‍යන්තර සැමරුමයි.

සියලු වෙහෙස සහ කැපකිරීම් මැද පවා තමන්ව මග නොහැරගන්නා, එතැනින් නොනැවතී තරග වේදිකාවේ කිරුළ වෙනුවෙන් තරග කීරීමට උත්සහ ගන්නා, අසීමිත කැපකිරීම් කරන, වෙහෙස වන, හැකියාවක් ඇති, හරයක් සහ අරමුණක් වෙනුවෙන් පෙනී ඉන්නා විවාහක කාන්තාවන්ගේ සැමරුමයි.

ලෝක විවාහක රූ රැජින තරගය නිර්මාණය කර ඇත්තේ, දික්කසාද හෝ පවුල් ජීවිතයෙන් වෙන් වූ කාන්තාවන්ව පහත් කොට සැළකීම සඳහා නොව, විවාහක ජීවිතයේ ඉන්නට තීන්දු කළ කාන්තාවන්ගේ සිහින සැමරීමට සහ ඔවුන්ව අගය කිරීමට බව මට තහවුරු කළ හැකිය.

විවාහක අවිවාහක සියලු කාන්තාවන් ඇත්තටම රැජිනියන්ය.

සෑම රැජිනියකටම තමන්ටම කියා වෙන් වූ විවිධාකාරයේ තරග වේදිකාවන් ඇත.

ඒ ඒ වේදාකාවන් සහ තරගවලට අනන්‍ය වූ නීති රෙගුලාසිද ඇත.

මේ වර ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගයේ වැඩ කටයුතු කරන අතරතුරේදී තරගකාරියන්ගේ කැපවීම, වෙහෙස සහ උද්යෝගය මා අත්වින්දෙමි.

ඔවුන් සියලු දෙනා සමග එක්ව, තවතවත උනන්දුවෙන් සහ වෙහෙස වී වැඩ කරන්නට, ඔවුන්ගේ උද්යෝගය මා හට පන්නරයක් වූ බව කිව යුතුමය.

මා සැමවිටම මගේ අත්දැකීම් සහ දැනුම ඔවුන් සමග නොඅඩුව බෙදාහදාගත්තෙමි.

2020 ලෝක රූ රැජිනිය ලෙස කිරුලු පැළඳීමට මා ගමන් කළ දීර්ඝ වූත්, වෙහෙසකර වූත්, ඉතා අසීරු වූත් ගමන, මා හට ලබාදුන් දැනුම සහ අත්දැකීම් නිසාම, මා ළඟ ඔවුන් සමග බෙදාහදාගන්නට බොහෝ දේ ඇත.

මේ වසරේ, ලෝක විවාහක රූ රැජින තරගයේ සත්කාරක රට ශ්‍රී ලංකාවයි.

ඒ සඳහා ලෝකයේ නන් දෙසින් එන සියලු තරගකාරියන්ව අපි ආදරයෙන් පිළිගන්නා අතරම, අපේ රට නියෝජනය කරමින්, ශ්‍රී ලංකා විවාහක රූ රැජිනියටද, ලෝකයම සමග කරට කර තරගවැදීමට යළිත් අවස්ථාවක් හිමිවේ.

එහිදී, සාධාරණ තර අවස්ථාවක් ලබාගැනීමට සහ හොඳ තරගයක්දීමට, අපේ විවාහක රූ රැජිනියව සූදානම් කිරීම, මුවහත් කිරීම සහ මගපෙන්වීම සඳහා මාගේ උපරිමයෙන් දායකත්වය ලබාදීම, මාගේ වගකීම සහ කර්තව්‍යය ලෙස මා සළකමි.

ලෝකයම සමග තරගකොට, ලෝක රූ රැජිනිය ලෙස කිරුළු පැළඳි, ශ්‍රී ලාංකික කාන්තාවක් ලෙස, මේ වර අපේ රට නියෝජනය කරන කාන්තාවට සාධාරණ තරග අවස්ථාවක් ලබාදීම සහ හොඳ තරගයක් දීම සඳහා ඇවැසි සුදුසුකම් සපුරාගැනීමට උපකාර කිරීම මගේ අරමුණයි.

මා ජයග්‍රහණය කළ කිරුළ නැවත භාරදීමෙන් පසුව පවා, මගේ පවුල් ජීවිතය වෙනුවෙන් කරන කැපවීම් සහ වගකීම් දරන අතරේදීම, ඒ අරමුණ ඒ වෙනුවෙන් කැපවී ක්‍රියාත්මකවීම සහ වැඩ කිරීම මගේ සැලසුමයි.

මා මේ කිරුළ නැවත භාර දෙන්නේ කෙසේද යන කාරණාවට වඩා, 2020 ලෝක රූ රැජිනිය ලෙස ඒ කිරුළ දරණ කාලයේදී, මා ජීවත්වන සහ නියෝජනය කරන ලෝකය වෙනුවෙන් මා එය කෙළෙස යොදාගත්තේද යන්න වඩා වැදගත් බව මා විශ්වාස කරමි.

මා විසින් සමහරවිට ඔබගේ මනෝලෝකයන් කඩා විසුරුවා දමන්නට ඇති බව මා දනිමි.

සමාජ සංවාදයක් ඇති කළ බවද දනිමි.

එපමණක් නොවේ, කිරුළක් දරණ රූ රැජිනකට තිබිය යුතු වැදගත්කම් සහ ඇය පෙනී සිටිය යුතු වටිනාකම් ගැන කතිකාවක්ද ඇති වූ හැටි මා බලා සිටියෙමි.

වැදගත්කම යනු, ලෝකයේ ඇස් ඉදිරියේ කෙනෙකුගේ හැසිරීමෙන් මනින දෙයක් යැයි ඔබ සිතන්න නම්, ඔබට ඔබේ විනිශ්යන්ට එළඹීමට මා බාධා නොකරමි.

නමුත්, වැදගත්කම් යනු, ලෝකයාගේ ඇස් ඉදිරියේ පමණක් නොව, කිසිවෙකු තමන් දෙස බලා නොසිටින අවස්ථාවේ පවා රහසින්වත් වැරදි නොකර සිටීම සහ තමන් පෙනී හිඳිමින් ක්‍රියා කරන්නේද යන වග නම්, සැබෑ වටිනාකම එය බව මගේ ඇදහීමයි.

මා විශ්වාස කරන වටිනාකම් වෙනුවෙන් කොන්ද කෙලින් තියාගෙන පෙනී හිඳීමෙන් පසුව, මගේ කිරුළ අහිමි වූවත්, මා පෙනී සිටියේ සහ සිටගත්තේ ලෝක විවාහක රූ රැජිනියගේ කිරුලේ සැබෑ අරමුණ වෙනුවෙන් බව මගේ හැඟීමයි.

වටිනාකම් යනු අපේ ජීවිතවල මුල්බැසගත් සාරධර්මයන් වේ.

වටිනාකම්, මතුපිටින් මනින්නට නොහැකිය.

කීයටවත් මුදලට ගන්නට නොහැකිය.

මම ඒ වටිනාකම් වෙනුවෙන් සිටගනිමි.

මුලු ලෝකයම ඉවත බලන විටදී පවා තනිවම වුවත්, මම ඒ වටිනාකම් වෙනුවෙන් නැගීසිටිමි.

ඒ කෙතරම් දරුණූ ව්‍යසනයක් හමුවේ වුවත්, මම ඒ වටිනාකම් වෙනුවෙන් පෙනි සිටිමි.

අපි සැවොම සැමවිටම, අපි ජීවත්වන ලෝකය මීට වඩා හොඳවන වෙනසක් ප්‍රාර්ථනා කරන්නෙමු.

නමුත්, තමන් ඒ වෙනස වෙන්නට සිදුවූ විට හෝ ඒ වෙනුවෙන් ක්‍රියාත්මකවෙන්නට සිදු වූ විට, අපි එය මගහැර යන්නෙමු.

ලෝකයම ඉවත බලන විටදී පවා,

යමක් වෙනුවෙන් නැගී සිටින්නට, හඬ නගන්නට සිදු වේ නම්,

කෙතරම් තනි වුවත්,

අපි ඒ සඳහා අපි ධෛර්යය උපද්දවාගත යුතුමයි.

බොහෝවිට අපි එය මගහැර යන්නේ, අපි මහත් වෙහෙස වී, අසීමිත කැපකිරීමෙන් දිනාගත් දේ, අහිමි කරගන්නට ඇති බය නිසාවෙනි.

අරමුණක් වෙනුවෙන් තැනූ වේදිකාවක,

තවත් කාන්තාවකට සමාන සහ සාධාරණ අවස්ථාවක් ලබාදීම සඳහා,

මා අසීරුවෙන් උපයාගත් යමක් අහිමි කරගෙන වුවත් ක්‍රියාත්මක විය යුතු බව මගේ ඇදහීමයි.

ඇත්තටම අපි ඒ වෙනුවෙන් එකපයින් නැගීසිටිය යුතුමයි.

කිරුළකට අරමුණක් තිබිය යුතුය.

මට අනුව ඒ, හැමෝටම සමාන සහ සාධාරණ අවස්ථාවන් තනා දීමය.

දැන්…

මා දිනාගත් කිරුළ නැවත භාරදීමට, මට කාලය එළැඹ ඇති බව මම දනිමි.

කාන්තාවකට අවශ්‍යවන්නේ එකම එක සාධාරණ අවස්ථාවක් මිස, අන් කිසිවක් නොවේ…

ස්තූතියි.

– Caroline Jurie

SendShareShare
Previous Post

වහ පොල්තෙල් අරන් යන්න බාබරා එයි

Next Post

අවුරුදු නිවාඩුව එක දිගට දවස් 5ක්! 12ත් නිවාඩු!!

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.