රුවන්ඩාවේ කිගාලි නුවර පැවති ලෝක පාපන්දු සම්මේලනයේ මහා සභා රැස්වී ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකාවට එරෙහිව රටවල් 197ක් ජාත්‍යන්තර පාපන්දු තහනමක් පැනවීමට සහාය පළකරමින් ඡන්දය ලබා දී තිබේ.
රටවල් 208 ක සහභාගීත්වයෙන් පැවති මෙම මහා සභා රැස්වීමේදී ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පාපන්දු තහනමක් පැනවීමට සහාය පළ කරමින් රටවල් 197ක් ඡන්දය ප්‍රකාශ කර තිබුණි.
මෙරට ක්‍රීඩා අමාත්‍යාංශයේ අනිසි බලපෑම්, ක්‍රීඩාවේ ස්වාධීනත්වය කඩකිරීම, අත්තනෝමතික ලෙස නවරෙගුලාසි පැනවීම, සාධාරණ නිලවරණය පැවැත්වීම සඳහා එකඟ වු නිලවරණ මාර්ග සිතියම ඒක පාර්ශ්වික කඩ කිරීම වැනි කරුණු හේතුවෙන් රටවල් රැසක් ශ්‍රි ලංකාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කර තිබේ.










