අලුත්කඩේ හල්ස්ට්ඩෝර්ෆ්හි මෙතෙක් පැවැති අධිකරණ අමාත්‍යංශය කොළඹ ලෝක වෙළෙද මධ්‍යස්ථානයට රැගෙන යාමට ආණ්ඩුව තීරණය කොට ඇත.
ඒ අනුව වසර 2ක කාලයකට අදාළ කුලී මුදල් ලෙස රුපියල් මිලියන 400ක් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
2021 වසර සදහා රුපියල් 233,086,544.00ක මුදලක්ද, 2022 සදහා රුපියල් 174,075,701ක මුදලක්ද වෙන් කර තිබේ.
ඒ අනුව මෙතෙක් අධිකරණ අමාත්‍යංශය සදහා භාවිත කළ ගොඩනැගිල්ල අභියාචනාධිකරණයේ කටයුතු සදහා භාවිත කිරීමට නියමිතව ඇත.










