ආණ්ඩුවේ ආර්ථිකමය උපායමාර්ගයන් විවේචනය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී කළ කතාව අතරතුරදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සමග වාදයකට පැටලිණ.
මෙහිදී විපක්ෂනායකවරයා සිය කතාව ඉංග්‍රිසි භාෂාවෙන් සිදු කළ අතර එහිදී රජය අසමත් Failed Government බව විපක්ෂනායකවරයා පෙන්වා දුන්නේය.
මෙහිදී කතානායකවරයා සදහන් කර සිටියේ විපක්ෂනායකවරයා අසමත් රාජ්‍යයක් Failed State යැයි කියමින් කළ ප්‍රකාශය ඉවත් කිරීමට කටයුතු කරන බවකි.
නමුත විපක්ෂනායකවරයා කියා සිටියේ තමන් කිසිදු විටෙක අසමත් රාජ්‍යයක් යැයි නොකියූ බවත්, තමන් කීවේ අසමත් රජයක් බවත්ය.










