අද දිනයේදී අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත් මහතා හා රෝහිණි කවිරත්න මන්ත්‍රීවරිය අතර ඇතිවූ සංවාදයකදී සුසිල් ප්‍රේමජයන්ත් මහතා නොසරුප් වදන් භාවිත කරන අයුරු දැකගත හැකි විය.
මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරු මණ්ඩල රාජකාරි කටයුතුවල නිරතව සිටි ගුරුවරුන් පිරිසකට ජේෂ්ඨ පොලිස් නිලධාරීන් ඇතුළු පිරිසක් අධ්‍යාපන අමාත්‍යාංශයට කඩා වැදී අමානුෂික ලෙස පහර දී අත්අඩංගුවට ගෙන ඇතැයි පවසමින් සමගි ජන බලවේගයේ කණ්ඩායමක් අද (24) පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය.
පහරකෑමට ලක්වූ පිරිස අනීතික ලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බවත් මේ සම්බන්ධයෙන් වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලමින් අදාළ පැමිණිල්ල සිදුකොට තිබේ.
සමගි ජන බලවේගයෙ පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය ඇතුළු පිරිසක් මෙම පැමිණිල්ල සිදු කරනු ලැබීය.