එරික් සෝල්හයිම් මහතා මීට සුළු වේලාවකට පෙර කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
ඒ මහතා එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂවරයා ලෙස කලක් සේවය කළද මුල්‍ය චෝදනාවක් හේතුවෙන් 2018 වසරේදී එම තනතුරෙන් ඉවත් වීමට ඔහුට සිදුවිය.
එහිදී එල්ල වූ චෝදනාව වූයේ කිසිදු වගවිභාගයකින් තොරව විදෙස් සංචාර සදහා ඒ මහතා ඩොලර් 488,512ක් වැය කර තිබීමය.
මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වීමෙන් පසු හෙතෙම එම තනතුරින් ඉවත්වීමට පියවර ගෙන තිබිණ.
කෙසේවෙතත් මෙරට මාධ්‍ය වාර්තා කොට ඇත්තේ තවමත් ඒ මහතා එම තනතුරේ කටයුතු කරන බවටය.
මීට අමතරව එරික් සෝල්හයිම් මහතා පසුගිය යුද සමයේ නෝර්වේ හි සාම නියෝජිතවරයා ලෙස ශ්‍රී ලංකාවට කීප වරක්ම පැමිණ තිබුණු අතර නෝර්වේ රජයේ අමාත්‍යවරයකු වශයෙන්ද සේවය කොට තිබිණ.
ඊට අදාළ ලිපිය පහතින් දැක්වේ.










