කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමෙන් තවත් මරණ 05ක් සිදුව ඇති අතර එම මරණ 5ම කොළඹ නගර සීමාවෙන් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.
ඒ කොළඹ 13 පදිංචිව සිටි 54 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 15 පදිංචිව සිටි 39 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 12 පදිංචිව සිටි 88 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 08 පදිංචිව සිටි 79 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ කොළඹ 13 පදිංචිව සිටි 88 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වශයෙනි.
ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොවිඩ් -19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 58ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මීට අමතරව කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 544 දෙනෙකු හඳුනාගෙන තිබේ.
එම සියලු ආසාදිතයින් මීට පෙර හඳුනාගත් කොවිඩ් රෝගීන්ගේ සමීප ආශ්‍රිතයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.