අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කූලරයක් පසුපසින් තබාගෙන යෝග ව්‍යායාම කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා දැඩි විවේචනයක් එල්ල කළේය.
ඒ මහතා පෙන්වා දුන්නේ රටේ මිනිස්සු පෝලිම්වල දින ගෙවන, මව්වරුන් දරුවන් ගගට විසි කරන පසුබිමක මෙවැනි ක්‍රියා විලිලැජ්ජා නැති ඒවා යැයි කියාය.










