සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු මහතා සහ මනූෂ නානායක්කාර යන මහත්වරුන් විසින් අද (20) දිනයේදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අතිවිශේෂ කරුණු රැසක් හෙළිදරව් කිරීමට සූදානමින් සිටින බව දැනගන්නට තිබේ.
ඒ අනුව පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට සැලකෙන ප්‍රධාන පුද්ගලයන්ගෙන් කොමිසම ප්‍රශ්න නොකිරීම සහ අදාළ පරීක්ෂණ සිදුකළ රහස් පොලිස් නිලධාරීන් මාරු කිරීම ආදිය සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් කිරීමට නියමිත බව දැනගන්නට ඇත.
මෙහිදී විශේෂ නම් කිහිපයක් හෙළි කිරීමට මෙම මන්ත්‍රීවරුන් සූදානමින් සිටින බවද දැනගන්නට තිබේ.










