හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඉන්දියාවේ චෙන්නායිහි පිහිටි ඇපලෝ රෝහලට ඇතුළත් කළ ලෝ ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් හට ‘ස්ටෙන්ට්’ 3ක් යොදා ඇති බව දැනගන්නට ඇත.
පළමුව සිදු කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මුරලිගේ හෘදය වස්තුවේ නාල 3ක් අවහිර වී ඇති බවකි.
ඒ අනුව ඉන්දියාවේදී ඉතා සාර්ථකව මෙම සැත්කම සිදු කර ඇති බවත්, මේ වනවිට මුරලි නිරෝධායන කටයුතු ආරම්භ කොට ඇති බවත් දැනගන්නට තිබේ.
ඒ, මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන අයි.පී.එල්. තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් පිලේ පුහුණුකරුවකු වශයෙන් කටයුතු කිරීම නිසාය.










