• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අගුණකොළපැලැස්සෙන් කොළඹට ආවා! ඔන්න වන්ෂොට් දැන් වැලිකඩදී පෙන්වනවා!

November 20, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
අගුණකොළපැලැස්සෙන් කොළඹට ආවා! ඔන්න වන්ෂොට් දැන් වැලිකඩදී පෙන්වනවා!
Share on WhatsAppShare on Facebook

රන්ජන් රාමනායකව දැන් කාටත් අමතකව ගොස් වගේය. ඔහු දැන් ඉන්නේ කොහේදැයි කියාවත් කිසිවකු දන්නේ නැති තරම්ය. අඩුම තරමින් ඔහු නියෝජනය කළ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ටවත් රන්ජන්ව මතකයේ ඇතැයි සිතිය නොහැකිවා මෙන්ම අද ඔහුව බලන්නටවත් ඇතැමුන් හිරේට නොයන්නේ ඒ නිසා විය හැකිය.

මාළුවා නහින්නෙත් කට නිසාය. රන්ජන් හිරේ යන්නේත් කට නිසාය. හැබැයි මාළුවා මෙන් රන්ජන් තාම නැහුණේ නැත. එහෙත් තාමත් කතාවට නම් අගුල් වැටී නැත. හිරේ ඉඳගෙන කරන්නේත් කතාවය. ඒ නිසා හිර ගෙදර ඇතුළෙත් රන්ජන්ට උදව් පදව් දෙන්නට නිලධාරියෙක් තබා හිරකාරයෙක්වත් ළං වන්නේ නැත.

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ මෙතෙක් කලක් සිටි රන්ජන්ගේ දුක සැප බලන්නට වැඩිපුරම බන්ධනාගාරයට ගිය මන්ත්‍රීවරයා වන්නේ දිලිප් වෙදආරච්චිය. රන්ජන් ගැන සජබයට තොරතුරු රැගෙන ගියේ දිලිප්ය. ඔහු හම්බන්තොට නිසාත් මන්ත්‍රීධුර වරප්‍රසාදයක් ඇති නිසාත් ඉඩ ලැබෙන සෑම අවස්ථාවකදීම රන්ජන්ගේ දුක සැප විමසීමට බන්ධනාගාරයට අවේ ගියේය. දැන් ඔහුට එහි ගියා යැයි කියා රන්ජන් මුණගැසෙන්නේ නැත. ඒ, රන්ජන් දැන් සිටින්නේ වැලිකඩ බන්ධනාගාර රෝහලේ නිසාය.

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට රැගෙන ගියදා සිට රන්ජන්ට අවශ්‍ය වූයේ වැලිකඩට එන්නටය. ඒ ඇයි දැයි නොකීවත් ඔහුගේ සිහිනය වූයේ එයයි. අඟුණකොළේ සිරකරුවකු වූ ජුලම්පිටියේ අමරේගෙන් පවා රන්ජන්ට තර්ජනයක් ඇතැයි සජබ මන්ත්‍රීවරු කීවේද ඒ නිසා වන්නට ඇත. සජබ මන්ත්‍රීවරුන්ට නම් එදා රන්ජන්ව වැලිකඩට ගන්නට වුවමනා වූයේ නිතර ඔහුගේ දුක සැප බලන්නට අඟුණකොළයට යනවා වෙනුවට වැලිකඩට යාම පහසු නිසා විය හැකිය.

රිදී තිරයේ පෙම්වතාගේ චරිතයට සැමදා පණපෙවූවත් දැන් රන්ජන්ට 60කට කිට්ටුය. ඇඟපත පිටතින් ලස්සනට තිබුණට රන්ජන් දැන් අසනීපයෙනි. කොන්දේ අමාරුව සහ දණහිස් ආබාධය ඔහුට නිරන්තරයෙන් පීඩා ගෙනදෙයි. බන්ධනාගාර නිලධාරීන් අඟුණකොළෙන් ඔහු කොළඹට ගෙන එන්නේ ඊට ප්‍රතිකාර දෙන්නටය. කොළඹ ජාතික රෝහලෙන් අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව දැන් රන්ජන් සිටින්නේ වැලිකඩ බන්ධනාගාර රෝහලේය. ඒ, ඉකුත් 11 වැනිදා සිටය.

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය මෑතකදී ඉදිකළ බන්ධනාගාරයක් බැවින් තාමත් එම බන්ධනාගාරය අපිරිසිදුවී නොමැත. ඒ නිසා රන්ජන් වැනි අයට එම බන්ධනාගාරය සුරපුරක් වැනිය. හැබැයි ඔහුට නිදාගැනීමට සිදුවූයේ බිමය. ඔහු වැලිකඩ බන්ධනාගාරයේ රැඳවූයේ නම් ඔහු මේ වන විට සිටින්නේ සියදිවි හානිකරගෙනය. අඟුණකොළෙන් ඔහු වැලිකඩට එන්නට පවා මාන බැලු‍වේ හිරේ ඉන්න සිරකරුවන් සෑම අයෙකුගේම සිහිනය වී ඇති බන්ධනාගාර රෝහලට ඇතුළත් වීමේ අපේක්ෂාවෙනි. ඒ, කොට්ටේ පැදුරේ බිම නිදාගන්නවා වෙනුවට ඇඳක් මෙන්ම හොඳ ආහාර වේලක් රෝහලෙන් ලැබෙන නිසාය.

බෙහෙත් ගන්න කොළඹට පැමිණි රන්ජන් දැන් වැලිකඩ බන්ධනාගාර රෝහලේ රැඳී සිටින්නේ සිරකරුවන් 25 දෙනකු පමණ රඳවා සිටින වාට්ටුවකය.

“ලොක්කා, ජනාධිපතිතුමාට මට සමාවක් ඉල්ලල ලියුමක් දැම්මොත් මට සමාවක් දෙයිද?” බන්ධනාගාර නිලධාරීන් රෝහලේ රඳවා සිටින සිරකාර රෝගීන් නිරීක්ෂණයට යන අවස්ථාවලදී රන්ජන් ඒ අයගෙන් නිතර විමසන පැනය වී ඇත්තේ එයයි. ඒ ගැන හාරා අවුස්සන්නට ඒ කිසිදු නිලධාරියෙක් යන්නේ නැත. ඒ, රන්ජන් යනු උදව් කළ නොහැකි සිරකරුවෙක් ලෙස හඳුනාගෙන සිටින නිසාය. අඩුම තරමින් සෙසු සිරකරුවන්ට ලැබෙන පහසුකමක්වත් රන්ජන්ට ලබාදෙන්නට නිලධාරීන් සූදානම් නැත.

රන්ජන්ගේ පිම්බුණු හැඩවැඩ සිරුර දැන් වැහැරී ගොසිණි. ඒ, වයස නිසාම නොව, ව්‍යායාම් කිරීමට ඔහුට පහසුකම් නොමැති නිසාත්, කොන්දේ සහ පාදයේ ඇතිවී තිබෙන ආබාධ ඔහුට ව්‍යායාම කිරීමට බාධාවක්ව ඇති බැවිනි. එහෙත් මස්පිඬු පිම්බුණු නිලධාරියකු දුටු විට “ෂා නියමයි” යැයි කියන්නට ඔහු අමතක නොකරයි.

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේදී මෙන්ම වැලිකඩ බන්ධනාගාර රෝහලේදීත් රන්ජන්ගේ කවට වැඩ නම් අඩුවක් නැති තරම්ය. ඉඳහිට ඔහු සිංදුවක් දෙකක්ද නොකියා සිටින්නේද නැත. රෝහල තුළ සින්දු කියන්නට දුවන්නට පනින්නට ඉඩක් නොමැති වූවත් රන්ජන්ගේ පස්සෙන් පන්නමින් ඒවාට තහනම් පනවන්නට නිලධාරීන් යන්නේ නැත. ඒ, සිරකරුවන්ගේ පටන් කොයි කවුරුත් රන්ජන්ට ආදරයෙන් සිටින බැවිනි.

‘චොකා මල්ලී’ යැයි හඳුන්වන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකරද සිටින්නේ වැලිකඩ බන්ධනාගාර රෝහලේය. ඒ, බන්ධනාගාර රෝහල් සංකීර්ණයේ හුදෙකලාව පිහිටි වෙනමම වාට්ටුවකය. විදේශීය කාන්තාවක් දූෂණය කර මරාදැමීමට සිර දඬුවම් ලබන තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයාද සිටින්නේ එම වාට්ටුවේය. ඔවුන්ගේ තනි නොතනියට තවත් සිරකරුවන් දෙදෙනෙක්ද එහි සිටිති. රන්ජන්ට එහි ඇඳක් දෙන්නට බන්ධනාගර නිලධාරීන්ගේ අකැමැත්තක් නැති තරම්ය. රන්ජන්ටද එතැනට යන්න ඇත්තේ දැඩි කැමැත්තකි. එහෙත් කට හොඳ නැති නිසා රන්ජන්ට සිදුව ඇත්තේ සෙසු රෝගී සිරකරුවන් සමග සිටින්නටය. ඒ, බන්ධනාගාර රෝහලේ ඇති නිදහස නිසාය.

SendShareShare
Previous Post

කැලණිතිස්සත් නවතී! බලාගාර 5කටම තෙල් නෑ! කළුවරේ ඉන්න වෙයිද?

Next Post

අගමැතිගේ උපන්දිනයට 2000ක් එක්ක කුරුදුවත්ත පොලීසිය ඉස්සරහ ගහපු ෆුට්බෝල් මැච් එක පොලීසිය දැකලත් නෑ – සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් දැකලත් නෑ! (VIDEO)

MORE NEWS

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ වැඩ ගැන හොයලා බලයි! ලබන අවුරුද්දේ කරන්න යන් දේවල් ගැනත් අහයි! PHOTOS I Sri Lanka Latest News

Load More
අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය හැටන් දික්ඔය නගර සභාවේ ආදායම් පරිපාලක ඇතුලු නිළධාරින් එම වෙළදුන්ට අනවසර ඉදි කිරිම් ඉවත් කරන ලෙසට දැනුම්...

Read more
සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.