අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ වනවිට සජිත් ප්‍රේමදාස මහතාට දරුවන් නැතිවීම සම්බන්ධයෙන් මැතිවරණ වේදිකාවේ කතා කරන තරමට පහත් තත්ත්වයට ඇද වැටී ඇති බව කොළඹ දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ අපේක්ෂක සහ එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක එස්. එම්. මරික්කාර් මහතා පවසයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ දරුවන් හැදුවද ඒ දරුවන් නියමාකාරයෙන් උස්මහත් කිරීමට දෙමව්පියන් වග බලා ගත යුතු බවකි.
අගමැතිවරයාගේ දරුවන් එදා දළදා මාළිගාව ඉදිරිපිට රුසියානු අංගනාවන් රැගෙන විත් ඉතිහාසයේ පළමු වතාවට කාර් රේස් පවා පැද්ද බවද ඒ මහතා පෙන්වා දුන්නේය.










