පොලීසියට අවශ්‍යව සිටි පාතාල කල්ලි නායකයකු වන චන්දන ලසන්ත පෙරේරා හෙවත් ‘අංගොඩ ලොක්කා’ ඉන්දියාවේදී අභිරහස් ලෙස මරණයට පත්ව ඇති බවට පළවන තොරතුරු මෙතෙක් තහවුරු කරගෙන නැති බවත්, මෙවැනි පුවත් පළකරවා අංගොඩ ලොක්කා ලංකාවට පැමිණිමට හෝ යුරෝපයට පළා යාමට සූදානම් වන බවට බුද්ධි තොරතුරු ලැබී ඇති බවත් පොලීසිය පවසයි.
මේ අතර අංගොඩ ලොක්කාගේ පියා මාධ්‍ය වෙත සදහන් කර තිබුණේ ඉකුත් ජුලි මස පළමු සතියේ සිය පුත්‍රයා මියගොස් ඇති බවට මාධ්‍ය වාර්තා කළත් ඉකුත් සතියේද සිය පුතා නිවෙසට කතා කොට තිබූ බවකි.
ඔහු මීට පෙර ඉන්දියාවේදී මුහුණට ප්ලාස්ටික් සැත්කමක් කරගෙන ඇති බවටද තොරතුරු වාර්තා වී තිබිණ.
අද දිනයේ සියලුම පුවත්පත් වාර්තා කර තිබුණේ, විෂ ශරීරගත වීමකින් “අංගොඩ ලොක්කා” මියගොස් ඇති බවය.