අගමැති මහින්ද රාජපක්ෂ මහතා හා ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි අලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය අතර අද (05) උදෑසන විශේෂ සාකච්ජාවක් පැවැත්වී ඇත.
මෙහිදී කොරෝනා වයිරසය මුල් කරගෙන රට තුළ මතුව ඇති තත්ත්වය සහ ආර්ථික තත්ත්වය පිළිබදව දෙපාර්ශ්වය අතර සාකච්ජා පැවැත්වී තිබේ.
මෙහිදී ඇගලුම් ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය විසදා ගැනීම සදහා අගමැතිවරයා අමෙරිකානු රජයේ සහාය ලබා දෙන ලෙසට ඉල්ලීමක්ද කර ඇත.
මීට අමතරව රට ඇතුළේ අමෙරිකානු ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති සම්බන්ධයෙන් සහ ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන්ද දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු වී තිබේ.











