කොරෝනා වයිරසය රට තුළ එසේම පැවතියදී මහමැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ජා ආරම්භ කිරීමට මැතිවරණ කොමිසම පියවර ගෙන ඇත.
ඒ අනුව ඊයේ (04) දිනයේදී මැතිවරණ කොමිසමේ නිලධාරීන් සහ සෞඛ්‍ය අංශ බලධාරීන් අතර පළමු සාකච්ජා වටය පැවැත්වී ඇති බව දැනගන්නට ඇත.
මෙහිදී වයිරසය සම්පූර්ණයෙන්ම පාලනය කර නොමැති තත්ත්වයක් යටතේ මැතිවරණය පැවැත්වුවහොත් අනුගමනය කළ යුතු සෞඛ්‍ය ක්‍රමවේදයන් පිළිබදව දෙපාරශ්වය අතර දීර්ඝව සාකච්ජා පැවැත්වී ඇති බව දනගන්නට තිබේ.
දැනට මැතිවරණ කොමිසම තීන්දු කොට ඇත්තේ ජුනි මස 20 වැනි දින මැතිවරණය පැවැත්වීමටය.










