• About us
  • Contact us
Tuesday, June 30, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජානකී සිරිවර්ධනයි තිලිණි ප්‍රියමාලියි සිරිසුමන හිමියනුයි එකතුවෙලා ගහපු ගේම් සියල්ල CIDයේදී එකින් එක හෙළිවෙයි! සේමිණී ඉද්දමල්ගොඩ ඇවිත් පැය 4ක් තිස්සේ එළියට දාපු රහස් මෙන්න!

November 5, 2022
in Exclusive
Reading Time: 9 mins read
A A
ජානකී සිරිවර්ධනයි තිලිණි ප්‍රියමාලියි සිරිසුමන හිමියනුයි එකතුවෙලා ගහපු ගේම් සියල්ල CIDයේදී එකින් එක හෙළිවෙයි! සේමිණී ඉද්දමල්ගොඩ ඇවිත් පැය 4ක් තිස්සේ එළියට දාපු රහස් මෙන්න!
Share on WhatsAppShare on Facebook

මෙරට අප්‍රකට ප්‍රකෝටිපතියන් මෙන්ම කළු සල්ලි ජාවාරම්කරුවන්ව හොඳට අන්දවා රුපියල් බිලියන ගණනාවක් වංචා කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හසුවී දැන් බන්ධනාගාරයේ සිර මැදිරියකට වී කල් ගෙවන තිලිණි ප්‍රියමාලිගේ තවත් සඟයන් දෙදෙනකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් විසින් ඉකුත් සතියේදී අත්අඩංගුවට ගත්තේය. ඒ අපේ රටේ අන්ධ භක්තියෙන් මිථ්‍යාව පසු පස හඹා යන අහිංසක බොදු ජනතාව හොඳට අන්දමින් රහත් වෙස් ගෙන මඩිය තරකර ගත් තවත් එක් භික්ෂුවක් වන බොරැල්ලේ සිරි සුමන හිමියන්ව සහ සමාගම් අධ්‍යක්ෂවරියක වූ ජානකී සිරිවර්ධන නැමැත්තියවය.

කඩවත වෑබඩ ප්‍රදේශයේ අක්කරයක පමණ භූමි භාගයක අරහත්තක සමාධි ආරණ්‍ය නැමැති විහාරස්ථානයක් ඉදි කරගෙන එහි දිව්‍යලෝකයක්ද තනාගෙන වැඩ වාසය කරන සිරිසුමන නම් වූ මෙම භික්ෂුව සමාජය හමුවේ පෙනී සිටියේ මාර්ගඵල ලැබූ රහතුන් වහන්සේ නමක් ලෙසිනි. ලක්ෂ ගණන් වටිනා සම පැහැපත් වන ආලේපන ගල්වමින් කිරි පාටට බැබළෙමින් සිටි මෙම භික්ෂුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නේ ද තිලිණි ප්‍රියමාලි විසින් කළ දැවැන්ත මූල්‍ය වංචාවේ උන් වහන්සේ ද එක් අංකුරයක් බව විමර්ශන වලින් අනාවරණය වීමත් සමඟිනි. 

මෙම භික්ෂුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කොටුවන්නේ තිලිණි ප්‍රියමාලිට එරෙහිව මෙතෙක් පැමිණිලිකර ඇති අතළොස්සක් අතර සිටින ව්‍යාපාරිකයකු විසින් ලබාදී ඇති සාක්ෂියක් පදනම් කර ගනිමිනි. තිලිණිට එරෙහිව මෙතෙක් ලැබී ඇති පැමිණිලි අතරෙන් වැඩිම මුදල් ප්‍රමාණයක් ඇය වංචාකර ඇත්තේ යැයි කියැවෙන්නේ මෙම ව්‍යාපාරිකයාටය. එම ගණන සුළු පටු නැත. රුපියල් කෝටි 75කි. ඉන්දියානු නිෂ්පාදනයක මෙරට අලෙවි නියෝජිතයා ලෙසද ක්‍රියාකරන මෙම ව්‍යාපාරිකයා ආචාර්ය උපාධිධාරියෙකි. පරම්පරාගත ධනවතෙක් වන මෙම ව්‍යාපාරිකයාට ප්‍රියමාලිව මුණ ගස්සන්නේ යැයි කියැවෙන්නේ මිශ්‍ර ආයෝජන ව්‍යාපෘතියක මෙරට ප්‍රධාන විධායක නිලධාරිනිය බව කියැවෙන ජානකී සිරිවර්ධන නැමැත්තියයි. බලවන්තියක් බව කියැවෙන ඇය මඟින් දැන හඳුනාගත් ව්‍යාපාරිකයාව ප්‍රියමාලි අන්දවා මුළු සේසතම හූරා ගන්නේ මුලින්ම ඔහුට නයෙක් පෙන්වමිනි. ඒ ඇය දිනක් එම ව්‍යාපාරිකයාගේ නිවසට ගොස් ගමන් මල්ලක ඔබා ගෙන රැගෙන ගිය නයෙක් පෙන්වා ඒ එම ව්‍යාපාරිකයාගේ පියා යැයි පවසමිනි. ඇය එහිදී රඟපාන්නේ තමාට මළ ගිය ප්‍රාණකාරයන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමේ බලයක් ඇති තැනැත්තියක් ලෙසිනි. එවැනි දේවල් තදින්ම විශ්වාස කරන්නෙක් වූ මෙම ව්‍යාපාරිකයා ප්‍රියමාලිගේ ගැටයට හොඳටෝම අසු වුණේය.

“ අම්මා මට කියනවා මේ ගෙදර සල්ලි ගොඩගහගෙන ඉන්නවා කියල. ඒ සල්ලි සාපයක්ලු. ගෙදරින් අයින් කරන්න කියනවා. තාත්තගේ ආත්මයටත් සහනයක් නැහැ කියනවා“ ඇය ආවේශ වෙමින් ව්‍යාපාරිකයා හමුවේ පවසන්නට වූවාය.

ප්‍රියමාලි මෙහි දෙවැනි පියවර තබන්නේ බොරැල්ලේ සිරිසුමන හිමියන් මෙම නිවෙසට ගෙන්වා ගෙනය. එය සිදුවන්නේ ඊට දින කිහිපයකට පසුවය. ඒ සාපයෙන් ගැලවෙන්නට මඟක් සොයා දෙන්නැයි ව්‍යාපාරිකයා ප්‍රියමාලිගෙන් කළ ඉල්ලීමකට අනුවය.

ඇඟ ගැල්වූ විලවුන්වල සුවඳ විහිදුවමින් බොරැල්ලේ සිරිසුමන හිමියන් මෙම ව්‍යාපාරිකයාගේ නිවසට එන්නේ ප්‍රියමාලිගේ ආරාධනාවකට අනුවය. ඒ පැමිණි උන්වහන්සේ පොඩි වේලාවක් භාවනායෝගීව ද සිටියහ. අනතුරුව උන්වහන්සේ ආරූඪයකින් නිවසේ හැම අස්සක් මුල්ලක් නෑර ම පරීක්ෂා කරමින් සක්මන් කරන්නට වූයේ උන්වහන්සේගේ ජංගම දුරකතනයට ප්‍රියමාලි විසින් විටෙන් විට යොමු කරන කෙටි පණිවුඩ ඔස්සේ තැන් තැන් වලට යමිනි. ඊට පෙර කිසිදු දිනක මෙම නිවසට පය නොතැබූ සිරිසුමන හිමි නිවෙසේ හැම අස්සක් මුලක් නෑරම යන්නට වූයේ ප්‍රියමාලි විසින් දුරකතනයට ලබාදෙන පණිවුඩ ඔස්සේය. ඒ බව දැන සිටියේ උන්වහන්සේත් ප්‍රියමාලිත් පමණි. එබැවින් උන්වහන්සේ ව්‍යාපාරිකයා හමුවේ රඟ දක්වන්ට වූයේ භාවනාවෙන් චිත්ත ශක්තිය දියුණු කරගෙන සිටින බැවින් තමන් වහන්සේට හැම දෙයක්ම පෙනෙන බව හඟවමිනි.

සැබෑ ලෙසම උන්වහන්සේට භාවනාවෙන් ඥානයක් පහළ වී තිබුණි නම් ප්‍රියමාලි වංචාකාරියක් බව මෙන්ම ඇය සමඟ තමන් වහන්සේට ද යම් දවසක හිරේ විලංගුවේ වැටීමට සිදුවූ බවක් පෙනෙන්නට තිබුණු වාර ගණන අපමණය. දැන් ඉතින් වැඩේ වරද්දා ගෙන හමාර බැවින් යම් දිනක හිරෙන් එළියට ඇවිත් , පෙර කළ අකුසලයක් තමන් වහන්සේට පටිසන් දුන් බව කියන්නට ද බැරිකමක් නැත.

එදා මේ කෝටිපති ව්‍යාපාරිකයාගේ ගෙයි හැම අස්සක් මුල්ලක් නෑරම ඇවිදිමින් උන්වහන්සේ අවසානයේදී ව්‍යාපාරිකයාව අන්දවන්නේ නිවෙසට ශාපයක් වැදී ඇති බව පැහැදිලි කරමිනි. එම සාපයෙන් ගැලවෙන්නට නම් නිවෙසේ ඇති මුදල් හා දේපොළ අතහැරිය යුතු බව ද උන්වහන්සේ ව්‍යාපාරිකයාට දේශනා කළහ. එසේ නොවුණොත් ලොකු විනාශයක් සිදු වන බව දෙසා බාන්නට වූයේ ව්‍යාපාර පවා බිඳ වැටී හිඟන්නෙක් ලෙස මහ මඟට ඇද වැටෙනු ඇතැයි කියා බිය ගන්වමිනි.

බොරැල්ලේ සිරිසුමන හිමියන් ආරූඪයෙන් කී මේ දේවල් නිසා මෙම ව්‍යාපාරිකයාට හීන් දහඩිය පවා දැම්මේය. “ අපි මේකට මොකද කරන්නේ“ බොරැල්ලේ සිරි සුමන හිමියන්ගෙන් ඔහු මෙසේ අසන්නේ සාපයෙන් ගැලවෙන්නට මඟක් උන්වහන්සේගෙන්ම දැන ගැනීමේ අධිටනින්ය. එහිදී උන්වහන්සේ ව්‍යාපාරිකයාටත්, නිවෙසටත් සෙත් ශාන්තියක් කරමින් ඔහු සතුව ඒ වන විට නිවසේ ගොඩ ගසාගෙන සිටි මුදල් පිරවූ ගමන් මල්ලකට ද පූජාවක් පවත්වන්නේ තාවකාලික විසඳුමක් ලෙස සිදු කරන ශාන්ති කර්මයක් බව පෙන්වමිනි. අවසානයේදී බොරැල්ලේ සිරි සුමන හිමියන් මෙම ව්‍යාපාරිකයාව පොළඹවන්නේ ඔහු සතුව ඇති සියලු දේපොල විකුණා ඒ මුදල් තිලිණිගේ ව්‍යාපාරවල ආයෝජනය කරවීමටය.

ඒ වන විට හොඳටෝම රැවටීමට ලක්ව සිටි මෙම ව්‍යාපාරිකයා කෝටි 75ක්ම තිලිණිගේ ව්‍යාපාරයන්හි ආයෝජනය කරන්නට වූයේ සාපයෙන් ගැලවෙනවාත් එක්කම ලොකු ලාභයක්ද ඒ තුළින් ඇය ලබාදෙන බව කියන්නට වූ බැවිනි. අවසානයේදී ඔහුට සිදු වන්නේ සිරි සුමන හිමිගේ උපදෙස් පිළිපදින්නට ගොස් සියල්ලම අහිමිකරගෙන මහ පාරට වැටෙන්නටය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ තිලිණිට එරෙහිව පැමිණිලි කිරීමට ඇඹරෙමින් සිටි මෙම ව්‍යාපාරිකයා අවසානයේදී පැමිණිල්ල කිරීමට ඉදිරිපත් වන්නේ ඔහුට සාධාරණයක් පතා වෙන කරන්නට කිසිවක් ඉතිරි නොවූ තැනය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ මෙම ව්‍යාපාරිකයා විසින් කළ පැමිණිල්ලෙහි සඳහන් වන්නේ තමාට අයත් වාහන, ඉඩකඩම් ඇතුළු දේපොළ සියල්ල විකුණා දමා ඒ මුදල් සියල්ලක්ම ප්‍රියමාලිට ලබා දුන් බවය.

ප්‍රියමාලි ඉතා ලස්සනට බොරැල්ලේ සිරිසුමන හිමියන් සමඟ එක්ව අප්‍රකට ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු අසරණයකු බවට පත් කරනු ලැබුවේ එසේය. ඒ ඔහුව මහ පාරට ඇද දමමිනි. අඩුම තරමින් දෙනවා යැයි කී ඉහළ ලාභාංශ කෙසේ වෙතත් ආයෝජනය කළ මුදලින් කොටසක් වත් ලබා දෙන්නට තරම් තිලිණි කාරුණික නොවූවාය.

“ මේ දවස්වල රටේ ආර්ථික තත්ත්වය හොඳ මදි. ඔයා බය වෙන්න එපා. සිරිසුමන හාමුදුරුවෝ ගාව මගේ රත්තරන් ගොඩක් තියෙනවා. ඒවා විකුණන්න කෙනෙක් මේ දවස්වල හොයනවා. රත්තරන් ටික විකුණපු ගමන් මම ඔයාගේ සල්ලි ඩබල් කරලම දෙන්නම්“ යැයි හැම තිස්සේම ඇය ඔහුට කියන්නට වූයේ තවදුරටත් ඔහුව අන්දවන්න සිතාගෙනය.

මෙවර නම් ඔහු ප්‍රියමාලිට ඇන්දුණේ නැත. ප්‍රියමාලි මේ කියන කිසිවක් ඔහු විශ්වාස කරන්නට ගියේ නැත. ඒ ඇය තමාව ඒ වන විටත් හොඳටම අන්දවා ඇති බව ඔහුට ටිකෙන් ටික වැටහෙන්නට ගත් බැවිනි. දිගින් දිගටම මුදල් ඉල්ලා ඔහු ප්‍රියමාලිට කරදර කරන විට ඇය ඔහුව දිනක් රැගෙන යන්නට වූයේ සිරිසුමන හිමියන්ගේ රාජ භවනටය. ඒ එහි ඇති රත්තරන් පෙන්වන්නටය. එහිදී සිරිසුමන හිමියන් මෙම ව්‍යාපාරිකයාට කාමරයක් විවර කර පෙන්වන්නේ එහි පුරවා ඇති රත්තරන් පොලු ගොඩකි.

“ ඔය මහත්තයා කිසිදේකට බය වෙන්න එපා. මේ ඔක්කොම රත්තරන්.“ යැයි එහිදී උන්වහන්සේ කියන්නට වූයේ ව්‍යාපාරිකයාව අලුත් විදිහකට රැවටීමකට ලක්කරවමිනි.

“මේ හැම දෙයක්ම රත්තරන් වලින් හදල තියෙන්නේ“ යැයි උන්වහන්සේ කියමින් කාමරය පුරා ඇති රන් පැහැති නිර්මාණ ව්‍යාපාරිකයාට පෙන්වමින් පවසන්නට වූහ. ඒ එක් තැනකින් රන් පැහැති තහඩු කැබැල්ලක් අහඹු ලෙස කඩා ගන්නවා මෙන් පෙන්වමින් එය ව්‍යාපාරිකයා අතට තබමින් සිරි සුමන හිමියන් පවසන්නට වූයේ “ මහත්තයාට සැක නම් ගිහින් චෙක් කරල බලන්න.“ යැයි කියමිනි.

රන් යැයි කියා තමා අතට පත් කළ ඒ තහඩු කැබැල්ල රන්කරුවකුට දී පරීක්ෂා කිරීමට ද ව්‍යාපාරිකයා මෙහිදී අමතක නොකළේය. ඒ තවදුරටත් ඔවුන්ගේ රැවටීමට හසු නොවීමට වග බලා ගනිමිනි. එම පරීක්ෂාවේදී එය සැබෑ පිරිසිදු රත්තරන් කැබැල්ලක් බව තහවුරු වීමත් සමඟ නැවත වරක් මෙම ව්‍යාපාරිකයා ප්‍රියමාලිගේ සහ සිරිසුමන හිමියන්ගේ ගැටයට හසු වූයේය. කවදාහරි දවසක තමාට මුදල් ලැබේවි යැයි සිතා ඒත් එක්කම ව්‍යාපාරිකයා සැහැල්ලුවෙන් සිටින්නට පටන් ගත්තේය.

තිලිණි ප්‍රියමාලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හසුවන්නේ ඔය අතර තුරදීය. ව්‍යාපරිකයාගේ බඩ පපුවේ ගින්න ද පත්තුවන්නේ ඒත් එක්කමය. ප්‍රියමාලිට එරෙහිව ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක්ම පැමිණිලි කළත් මෙම ව්‍යාපාරිකයා පස්ස ගසන්නට ගත්තේ ප්‍රියමාලි ඔහුව ඒ වන විටත් බ්ලැක්මේල් කරගෙන සිටි බැවිනි. ඒ ගැන මෙම ව්‍යාපාරිකයා දින දෙක තුනක් තිස්සේම ගැඹුරින් සිතා බැලුවේය. ඒ දැන් තමා කළයුත්තේ කුමක්දැයි කියාය. අවසානයේදී ඔහු තීරණය කරනුයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට යන්නටය.

ප්‍රියමාලිට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ලියැවෙන ශක්තිමත්ම සාක්ෂිය වන්නේ මෙම ව්‍යාපාරිකයාගේ පැමිණිල්ලය. ඒ තුළින් බොරැල්ලේ සිරි සුමන හිමියන්ටද ගැලවිල්ලක් නොවීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්ඩායමක් පසුගිය 01 වෙනිදා කඩවත වෑබඩ පිහිටි දිව්‍ය මාලිගාවට ගොස් උන්වහන්සේව අත්අඩංගුවට ගන්නේ එම සාක්ෂිය පදනම් කරගෙනය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ උන්වහන්සේ නම් පවසන්නේ ප්‍රියමාලි යනු විහාරස්ථානට එන යන උදව් පදව්කරන දායිකාවක් පමණක් බවය. ඇය සමඟ තමන් වහන්සේට නිසිදු මුදල් ගනුදෙනුවක් නොතිබුණු බවද සඳහන් කරති. උන්වහන්සේ සිය ගැලවිල්ලට එසේ කීවත් හැම පැත්තෙන්ම තමන් වහන්සේ කොටුවී ඇති බව දැනෙන්නේ බන්ධනාගාරගත වූ පසුවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලින් මේ වන විට හෙළි වෙමින් ඇති තොරතුරුවලට අනුව තිලිණි ප්‍රියමාලි මෙසේ මළ ගිය ප්‍රාණකාරයන් සමඟ කතා බස් කරමින් රැවටීමට ලක්කර ඇත්තේ මෙම ව්‍යාපාරිකයාව පමණක් නොව, එම ලැයිස්තුවේ තවත් ව්‍යාපාරිකයන් රැසක්ම සිටිති. ඇය මෙසේ මළගිය ප්‍රාණකාරයන් සමඟ සන්නිවේදන කටයුතු කිරීමට ඥානය උපදවා ගත්තේ යැයි කියැවෙන්නේ ද බොරැල්ලේ සිරිසුමන හිමියන්ගෙනි. ඇයට උන්වහන්සේ කියා දී ඇත්තේ මළවුන්ගේ ආත්මවලට පුද පූජා කළ විට ඒ අයගේ හඬ ඇසෙන්නට ලැබෙන බවකි. ඒ අනුව උන්වහන්සේ කියා දුන් විදිහට ඇය මළවුන් සමඟ කතාබහ කරන්නට ගන්නේ පුද පූජා පවත්වමිනි. ඒ වෙනුවෙන්ම ඇය කොළඹ තරු පන්තියේ හෝටලයක මහා මුහුදට මුහුණලා ඇති ජනේලයක් ඇති කාමරයක්ද වෙන් කරගෙන කාලයක්ම එහි රැඳී සිටියාය. ඒ සිරිසුමන හිමියන්ගේ ගුරුහරුකම් ලබමින් මළවුන් සමඟ කතා කිරීමට ඥානය වඩවා ගැනීමේ පූජා පවත්වමිනි.

ඒ හැරුණු කොට ප්‍රියමාලි බලි තොවිල් හා හදි හූනියම් කෙරෙහිද යම් විශ්වාසයකින් සිටි තැනැත්තියක් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට පෙනී ගියේය. 

ඇය මේ දේවල් වැඩි හරියක් කරගත්තේ බාලවයස්කාර පිරිමි දරුවන් අපයෝජනයට ලක්කිරීමේ චෝදනාවකට ලක්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවට පත්වූ මැටරඹ කපුවා ගෙනි. එම කපුවාවද විමර්ශන නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රියමාලි හා ඔහු අතර ඇති සම්බන්ධකම ගැන පවා දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබුණේය. එහිදී ඔහු හෙළි කරනුයේ ඇය සිය ව්‍යාපාර දියුණුව වෙනුවෙන් වරක් තොවිලයක් නටා සෙත් ශාන්තියක් තමාට කියා කර ගත් බවය. ඔහු පවසන්නේ ඒ වෙනුවෙන් තමා රුපියල් ලක්ෂ 08ක ගාස්තුවක් අයකර ගත් බවය. එහෙත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නම් විශ්වාස කරන්නේ එකී මුදල මෙන් විසි තිස් ගුණයක් ඔහු විසින් ඇගෙන් කඩාගෙන ඇති බවය.

ප්‍රියමාලිගේ මේ ගුප්ත වැඩ ගැන කියන්නේ ඇය විසින් සිය සැමියා යැයි කියා සමාජය හමුවේ පෙන්වනු ලැබූ ඇගේ පෙම්වතා වූ ඉසුරු බණ්ඩාරය. දැන් ඔහුත් සිටින්නේ හිර ගෙදරය.

විමර්ශනවලින් හෙළි වෙමින් ඇති ආකාරයට ඇය ඉසුරු බණ්ඩාරගෙන් ද හොඳට වැඩ අරගෙන ඇත්තේය. පසුව ඔහුව ඇය පන්නා දමා ඇත්තේ පස්සට පයින් ගසාය. ප්‍රියමාලිගේ හැම රහසක්ම දැන සිටියෙක් වන ඉසුරු එළ කිරිවලින් දිය නා ප්‍රියමාලි ලක්ෂ ගණන් වටිනා සුවඳ විලවුන් ගල්වන හැටි පවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ දිග හැර තිබිණි. ඒ ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් පසුව කළ ප්‍රශ්න කිරීම් හමුවේය. ඉසුරු පවසන්නේ ප්‍රියමාලි තමාගෙන්ද මුදල් ලබාගෙන වංචා කර ඇති බවය. මුදල් වෙනුවට ඇය තමාට රන් පොලු 10ක් දුන් බවද ඔහු කියන්නේය. එම රන් පොලු ඔහු පිළිමතලාවේ සිය මහගෙදර තබා ඇත්තේ වැඩි පරිස්සමටය. ඒ එක් රන් පොල්ලක බර කිලෝවකට වැඩිය. සිරිසුමන හිමියන්ගේ දිව්‍ය මාලිගාවේද තිලිණි ගොඩගසා තිබී ඇත්තේ එවැනි රන් පොලුය. ඒ සැබෑ රන් නොව, පිත්තල කැබලිය. තිලිණි හැම ව්‍යාපාරිකයෙකුවම රැවටුවේ එම පිත්තල කැබලි පෙන්වාය. ඉසුරු පවසන්නේත් තමා ඊට හසුවුණු බවය. විශ්‍රාමික විදුහල්පතිනියක් වූ ඉසුරුගේ මව මෙන්ම නාවික හමුදාවේ විශ්‍රාමිත ඉංජිනේරුවරයෙක් වූ පියාද මෙම රන් පොලුවලට වැදුම් පිදුම් කර තිබුණේ බුදු මැදුරේ තබාගෙනය. ප්‍රියමාලී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හසුවීමත් සමඟ ඉසුරුගේ පියා ඒ එක් රන් පොල්ලක් රන්කරුවෙක් වෙත රැගෙන ගොස් තිබුණේය.

එතෙක් කාලයක් වැදුම් පිදුම් කළ ඒ රන් පොල්ල අකුලකට විසිකර දමා එන්නේ එය පිත්තල බව එහිදී දැන ගැනීමත් සමගිනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉසුරුගේ ප්‍රකාශ ඔස්සේ යමින් පිළිමතලාවේ නිවෙසින් ඒ රන් පොලුවලින් 08ක්ම සොයා ගත්තේය. ඒ ඉසුරුට අයත් බව කියන රුපියල් ලක්ෂ 150ක මුදලක්ද සමගිනි. ඒ හැරුණු කොට ඉසුරු දෙහිවල නැදිමාලේ රෝහිණි පාරේ පදිංචිව සිටි නිවසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් වටලා පරීක්ෂා කළේය. එහි තිබී මිල අධික රට බීම තොගයක්ද සොයා ගත්තේ ඉසුරු ගත කළ සැපවත් ජීවිතය ගැන සාක්ෂි ගොන්නක්ද සමගිනි. ඒ හැරුණු කොට ඉසුරු පරිහරණය කළ සුඛෝපභෝගී මෝටර් රථයක්ද එම නිවස පිහිටි ගෙවත්තේ නතර කර තිබී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සොයා ගත්තේය.

ඉසුරු බණ්ඩාරගේ නමින් ඇති බැංකු ගිණුම් පරීක්ෂාවකදී හෙළි වන්නේ පෞද්ගලික බැංකු දෙකක ජංගම, ස්ථාවර සහ ඉතිරි කිරීමේ ගිණුම් කිහිපයකම රුපියල් ලක්ෂ 160 ක මුදලක් ඇති බවය. එම ගිණුම්ද අත්හිටුවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගන්නේ එම මුදල්වලට කිසිවකුටත් අත තියන්නට බැරි වන්නටය.

තිලිණි විසින් කළ මෙම දැවැන්ත මූල්‍ය වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවට පත්වූවන් අතර ප්‍රියමාලිගේ ව්‍යාපාර සමූහය අතර ඇති තිකෝ කන්ට්‍රක්ෂන් නැමැති ආයතනයේ අධ්‍යක්ෂකවරයෙක් ලෙස කටයුතු කළ කසුන් පෙරේරාද සිටින්නේය. කොළඹ කොටුවේ බ්‍රිස්ටල් වීදියේ විදේශ මුදල් හුවමාරු ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යන කමල් හසන් නැමැති ව්‍යාපාරිකයා රවටා ලබාගත් රන් භාණ්ඩ කිලෝව ජා-ඇල පැත්තේ ජුවලරියකට අලෙවි කිරීමට මැදිහත්කරු ලෙස කටයුතු කර තිබුණේ කසුන් පෙරේරාය. ඔහුගේ තොරතුරු ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ජා-ඇල දුම්රිය පොල පාරේ පිහිටි එම ජුවලරියේ තිබී පවුම් 40ක රන් භාණ්ඩ තොගයක් සිය භාරයට ගත්තේය. ඒ හැරුණු කොට රුපියල් ලක්ෂ 30 ක මුදලක්ද ජුවලරියේ තිබී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සිය භාරයට ගත්තේය.

මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් ඔස්සේ තිළිණි ප්‍රියමාලිගේ වංචාවට සම්බන්ධ වූවෝ එකිනෙකා කොටුකර ගන්නා විට හෙළිවෙමින් ඇත්තේ ප්‍රියමාලි විසින් අපේ රටේ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පීන්වද රවටා ඇති බවය. ප්‍රියමාලි විසින් වංචාවට හසුකරගත් ඇතැම් ව්‍යාපාරිකයන්ට නිළියන්ව පෙන්වා ගැසූ අමුතුම ගේම් ගොන්නක්ද මේ වන විට ඇත්තේ හෙළි වෙමිනි. ඒ අතර සිටින බොහෝ නිළියන් සැලකෙන්නේ තිලිණිගේ වංචාවට හසුවී වින්දිතයන් බවය. ඒ අතර සිටි අපේ රටේ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පිනියක් වන සේමිණි ඉද්දමල්ගොඩගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පසුගිය සතියේ ප්‍රකාශයක් ලබා ගත්තේය. ඒ ඇයව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවාය. ඒ ප්‍රියමාලි සමඟ ඇයට පැවති සම්බන්ධකම් මුල්කරගෙනය. එම සම්බන්ධකම් හෙළි වන්නේ ප්‍රියමාලිගේ ජංගම දුරකතන විශ්ලේෂණයෙනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැය හතර පහක් පුරාවට එදා සේමිණි ඉද්දමල්ගොඩගෙන් කට උත්තර ගත්තේය. එහිදී ඇගෙන් මුලින්ම විමර්ශන නිලධාරීන් ප්‍රශ්න කරන්නේ ප්‍රියමාලිව දැන හඳුනා ගත්තේ කෙසේ දැයි කියාය. ඊට ඇය පැහැදිලි පිළිතුරක් ලබා දෙන්නේ සිය පාසල් මිතුරියක් විසින් ප්‍රියමාලිව ඇයට හඳුන්වා දුන් බවය. ඒ වන විට ප්‍රියමාලි චිත්‍රපට නිෂ්පාදන ක්ෂේත්‍රයට සම්බන්ධව සිටි තැනැත්තියක් වූ බැවින් සේමිණි සමඟ පමණක් නොව, තවත් බොහෝ නළු නිළියන් මෙන්ම සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධ අයව ඇය ළඟින්ම ඇසුරු කරමින් සිටියාය. දේශපාලනයට සම්බන්ධව සිටින ප්‍රවීණ චිත්‍රපට නළුවකුගේ ජීවිත කතාව අළලා ඇය විසින් ඒ වන විටත් විශාල මුදලක් වැය කරමින් චිත්‍රපටයක්ද නිෂ්පාදනය කර තිබුණාය. ඇය අත්අඩංගුවට පත්වන්නේද එම චිත්‍රපටය එළි දැක්වීමටද දින නියම කරමින් සිටියදීමය.

ඇය විසින් තවත් දැවැන්ත චිත්‍රපටයක් නිෂ්පාදනයකට මුල්වී සිටියේ අපේ රටේ ඉහළම දේපාලනඥයන්ගේ මෙන්ම ඉන්දියානු නිළියක්ද ගෙන්වා තරු පන්තියේ හෝටලයකදී ඉන්දියානු චිත්‍රපට මුහුරත් උලෙළකට නොදැවෙනි තරමේ උත්සවයක්ද සංවිධානය කරමිනි. මේ හැම වැඩකම ආරාධිතයන් අතර සේමිණි ද සිටියාය.

කොවිඩ් වසංගත සමයේදී අපේ රටේ නළු නිළියන් ඇතුළු කලාකරුවන් 100කට වරින් වර තිලිණි විසින් රුපියල් දහ පහළොස් දහ බැගින් මුදල් බෙදූ හැටි පවා හෙළි වන්නේ සේමිණිගෙනි.

“ආටිස්ලට මේ කාලේ වැඩ නැති නිසා ජීවත් වෙන්නේ අමාරුවෙන් වෙන්න ඇති. එයාලට මොනවා හරි උදව්වක් කරන්න ඕනේ. ඒ නිසා ඔයාට පුළුවන්ද මට ඒ වගේ ආටිස්ල 100කගේ එකවුන්ට් නම්බර්ස් ටිකක් හොයල දෙන්න“ යැයි කොවිඩ් වසංගත සමයේ නිවසේ සිරවී සිටි තමාට ඇමතුමක් දෙමින් ප්‍රියමාලි ඉල්ලා සිටි බව සේමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ කියන්නට වූයේ ප්‍රියමාලි සහ සේමිණි අතර පැවති දුරකතන ඇමතුම් වැඩි ප්‍රමාණයක් හුවමාරු සිදුවූයේ කුමක් සඳහා දැයි පැහැදිලි කර දෙමිනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඇය මෙහිදී පෙන්වා දී ඇත්තේ සිනෙස්ටා පදනමට කතාකර කලාකරුවන් 100 දෙනෙකුගේ තොරතුරු ලබාගෙන තමා ඒවා ප්‍රියමාලිට ලබාදුන් බවය. එම ලැයිස්තුවේ සිටි නළු නිළියන් ඇතුළු කලා කරුවන්ගේ බැංකු ගිණුම්වලට ප්‍රියමාලි පසුව මුදල් බැරකර තිබුණු බවද සේමිණි කියා තිබුණාය.

මේ හැරුණු කොට සේමිණිගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විමසන්නට වූයේ සමාජ මාධ්‍යවල හුවමාරු වූ හඬ පටයක් ගැනය. ඒ සියල්ලක්ම ඇය විසින් මෙහිදී ප්‍රතික්ෂේප කර ඇත්තේ ප්‍රියමාලි සමඟ එවැනි පහත් ගනුදෙනුවක් තමාට නොතිබුණු බව කියමිනි. මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙනී යන්නේ සේමිණිවද තිළිණි අන්දවා ඇය සතු මුදල් ප්‍රමාණයක්ද වංචාවට ලක්කර ඇති බවය. එහෙත් ඇය ඒ ගැන පැමිණිලි කරන්නට ඉදිරිපත් නොවන්නේ පාඩුව දරාගෙන සිටීමට හිත හදා ගෙන සිටින බව කියමිනි. එම මුදල් ප්‍රමාණය කොපමණදැයි කියාවත් ඇය කියන්නේ නැත.

මෙහිදී සේමිණීගෙන් බොහෝ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් අනාවරණය කර ගත්තේය. ඇය විසින් කී දෑ ගැන තවදුරටත් පවතින්නේ විමර්ශන මට්ටමේය. එහිදී මතුවන අලුත් කරුණු අනුව ඉදිරියේදී ඇයව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නැවත කැඳවීමට ඇති ඉඩකඩ ද බොහෝය.

මේ අතර සේමිණී මෙන්ම තවත් රටේ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පිනියන් දෙදෙනෙකුව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇත්තේ ඒ අය හා තිලිණි අතර පැවති සම්බන්ධකම් ගැන විමසන්නටය. ඒ අයද සේමිණි මෙන්ම ප්‍රියමාලිගේ වංචාවට හසුවී සිටින්නන්ය. එහෙත් ඒ අය සේමිණි මෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට නොබියව එන්නේ නැත. තාමත් සිටින්නේ කට්ටි පනිමිනි. ඒ ඇයි දැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ටද දැන් ඇත්තේ ගැටලුවකි. ඒ නිසාම ඒ අයව අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව හමුවට ගෙන්වා ගැනීමට සිදුව ඇත්තේ අධිකරණ නියෝගයක් හරහාය.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ දැඩි විමර්ශනයකට ලක්වන චරිතයක් වන්නේ ජානකී සිරිවර්ධනය. ඒ ප්‍රියමාලිට එරෙහිව පැමිණිලි කළ බොහෝ අය ජානකීගේ නම කියන්නට වූ බැවිනි. ප්‍රියමාලිගේ ව්‍යාපාරවල මුදල් ආයෝජනය කරවන්නට ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු පොලඹවා ගෙන තිබුණු බවට චෝදනා එල්ල වන්නේ ජානකී වෙතය. එම ව්‍යාපාරිකයන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පවසා ඇත්තේ ජානකීව විශ්වාස කරමින් ප්‍රියමාලි සමඟ තමන් ගනුදෙනු කළ බවකි.

ප්‍රියමාලිගේ වංචාවට හසුවූවන් අතරින් ජානකීට එරෙහිව දිගින් දිගටම හඬ නැඟූ අයෙක් වේ නම් ඔහු බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාරවරයෙක් වන අසාද් සාලි පමණි. රුපියල් කෝටි හතහාමාරක් ප්‍රියමාලිට පූජා කර සිටින අසාද් සාලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ ගැන පැමිණිලි කරමින් පවා කියා සිටියේ ජානකී ද මෙම චංචාවේ පුරුකක් බවය. අසාද් සාලි බොහෝ දේවල් ජානකී සම්බන්ධයෙන් කීවත් ජානකීව කොටු කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ශක්තිමත් සාක්ෂියක් ලැබෙන්නේ ජංගම දුරකතන ආනයනයකර අලෙවි කිරීමේ ව්‍යාපාරයක නිරතව සිටින තරුණ ව්‍යාපාරිකයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලක් මතය. එම තරුණයාට ප්‍රියමාලි වංචාකර තිබුණු මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 04කි. ඔහුටද ප්‍රියමාලිව හඳුන්වා දී ඇත්තේ ජානකීය.

ජානකී මෙම ව්‍යාපාරිකයාගේ හිතවතෙකි. ඇය ජංගම දුරකතන මිලදී ගන්නේත් අලුත්වැඩියා කර ගන්නේත් මෙම තරුණ ව්‍යාපාරිකයාට කියාය. දිනක් ජානකී මෙම ව්‍යාපාරිකයාට ඇමතුමක් ලබා දෙමින් පවසා ඇත්තේ ජංගම දුරකතන වර්ගයක් නම පවසා එය සිය මිතුරියකට මිලදී ගැනීමට අවශ්‍ය බැවින් දුරකතන කිහිපයක් රැගෙන සිය නිවසට පැමිණෙන ලෙසය.

ඒ අනුව එම තරුණ ව්‍යාපාරිකයා වැල්ලවත්තේ පිහිටි සිය වෙ‌ෙළඳ සැලෙන් ජංගම දුරකතන මාදිලි කිහිපයක්ම රැගෙන යන්නේ ජානකීගේ කොළඹ පිහිටි නිවසටය. ඒ යන විටත් ජානකීගේ මිතුරිය එහි රැඳී සිටියාය. ඇය ප්‍රියමාලිය. මෙම තරුණ ව්‍යාපාරිකයාට ප්‍රියමාලිව හඳුන්වා දෙන්නේ රටේ සිටින ලොකුම ව්‍යාපාරික කාන්තාවක් ලෙසිනි. ඒ වන විට ප්‍රියමාලි සිටින්නේ අමෙරිකානු ඩොලර් නෝට්ටු තොගයක් ගණන් කරමින් මිටි බඳිමිනි. එතරම් විශාල නොට්ටු තොගයක් ඊට පෙර මෙම තරුණ ව්‍යාපාරිකයා සියසින් දැක තිබුණේ නැත. ඒ නිසාම ඔහුගේ දෑස් ඒ දෙසට යොමු වන්නට වූයේ ඉබේටමය.

එය දුටු ප්‍රියමාලි මෙරට ප්‍රබල දේශපාලනඥයෙකුගේ නමක් කියමින් මෙම මුදල් ඒ අයගේ බව තරුණ ව්‍යාපාරිකයාට පවසන්නට වූවාය. තරුණ ව්‍යාපාරිකයා සිතන්නේ ප්‍රියමාලි කියන්නේ සැබෑවක් බවය. ප්‍රියමාලි කියන්නට වූයේ අරගලය නිසා එම නෝට්ටු එම දේශපාලනඥයන්ට සිය නිවාසවල තබා ගැනීමට නොහැකිව තමන්ට ලබා දුන් බවකි.

එම මුදල් පවතින විනිමය අනුපාතයට වඩා අඩු ගණන්වලට මාරු කරන බව තරුණ ව්‍යාපාරිකයාට එහිදී පවසමින් ආපු කාරණාව පැත්තක තබා ජානකී ඔහුව පොලඹවන්නට වූයේ ඩොලර් මිලදී ගන්නටය. මෙම තරුණ ව්‍යාපාරිකයා අත ඒ වන විට විශාල මුදලක් නොවීය. බැංකුවේ තිබුණේ ද සුළු මුදල් ප්‍රමණයක් පමණි. එයින් රුපියල් ලක්ෂ 50ක් ඔහු අන්තර්ජාල බැංකු ගනුදෙනුවක් ලෙස ප්‍රියමාලිගේ ගිණුමට බැරකරමින් ඩොලර් ටිකත් ගත්තේ ජානකීගේ පෙරැත්ත නිසාමය. එම නෝට්ටු තරුණ ව්‍යාපාරිකයාට ලැබෙන්නේ වෙ‌ෙළඳ පොළේ පැවති විනිමය අනුපාතයට වඩා රුපියල් 20ක් අඩුවෙනි. අනතුරුව ජානකීගේ උනන්දු කිරීම මත ඔහු රුපියල් කෝටි 04ක මුදලක් ප්‍රියමාලි අතට පත්කරනුයේ ඩොලර් මිලදී ගැනීම ඒ මොහොතේ වාසිදායක ගනුදෙනුවක් බව පෙනී යන්නට වූ බැවිනි. අවසානයේදී ඔහුට ඒ වෙනුවට ලැබෙන්නේ ඩොලර් නොව අගරු වූ චෙක්පත් ගොන්නක් පමණි.

මෙම තරුණ ව්‍යාපාරිකයාගේ සාක්ෂිය ජානකීට ගැලවෙන්නට බැරි තරමේ ශක්තිමත් සාක්ෂියක් බවට පත්ව තිබුණේය. ඒ්නිසා ජානකීට නම් ගැලවිල්ලක් නොවීය. ප්‍රියමාලි කළ දැවැන්ත වංචාවේ ජානකී කොටස්කාරියක් බව පැහැදිලිවම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට පෙනී ගියේය. ඒ නිසාම නීතිපතිවරයාගෙන්ද මේ ගැන උපදෙස් පතන්නට වූයේ ජානකීට ඇති හයි හත්තිය ගැන දැන සිටි නිසාමය. අවසානයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඇයව අත්අඩංගුවට ගත්තේ ප්‍රියමාලි විසින් කළ වංචාවට ආධාර හා අනුබල දුන් තැනැත්තියක් ලෙස චෝදනා නඟමිනි.

ගයාන් කුමාර වීරසිංහ

SendShareShare
Previous Post

පොළොන්නරු දිසා ලේකම් අවුරුදු 13ක දැරියක් බාල වයස්කාර මවක් කරලා! පස්සේ සොරි කියයි!

Next Post

ආණ්ඩුවට අකැමැතියි කියන 90%ට වඩා කැමැති 10% මාරයි කියන නල්ලමලේ මාධ්‍ය! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

MORE NEWS

ජනපති අනුර තන්තිරිමලේ ආලෝක පූජාවට එක්වෙද්දී විපක්ෂනායක සජිත් සිතුල්පව්වේ ආලෝක පූජාවට එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ජනපති අනුර තන්තිරිමලේ ආලෝක පූජාවට එක්වෙද්දී විපක්ෂනායක සජිත් සිතුල්පව්වේ ආලෝක පූජාවට එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

6 වැනිදා වෙද්දි ජනපතියි අගමැතියි අවසන් තීන්දුව නොගත්තොත් රටේ දරුණු තත්ත්වයක්! සියලු වෘත්තීය සමිති අවසන් සටනට සූදානම් වෙයි!
Exclusive

සති 3ක් තිස්සේ කඩුවෙල කුණු වෙයි! දේශපාලනය ගැන ලොකු ටෝක් දෙන නගරාධිපති රංජන් බුදිද? Sri Lanka Latest News

චෙම්මනි සමූහ මිනීවළෙන් සිරුරු 141ක් ගොඩගනී! සොයාගත් ඇඳුම් සහ අනෙකුත් පෞද්ගලික භාණ්ඩ මහජන ප්‍රදර්ශනයට තියයි! පවුල් 200කට අධික පිරිසක් අතුරුදන් වූ ඥාතීන් හොයාගන්න චෙම්මනියට ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

‘සදාකාලික දැල්ල’! යාපනයේ අලුත් සටන් ව්‍යාපාරයක් ආරම්භ වෙයි! වාර්තාවක් තැබූ චෙම්මනි සමූහ මිනී වළ ලොකු මාතෘකාවක් වෙයි! I Sri Lanka Latest News

මැයි රැලියට කලින්ම සජිත් ග්‍රවුන්ඩ් එකට බහී! මරික්කාර්-මුජිබර්-තිස්සත් ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

රටටම ඩෙංගු වසංගතයක් වෙලා තියෙන වෙලාවේ විපක්ෂනායක සජිත් ආණ්ඩුවට ඩෙංගු නැත්තටම නැති කරන හැටි කියයි! ඔස්ට්‍රේලියානු රජය අපේ රටට ‘වෝල්බැකියා’ විසඳුම නොමිලේ ලබාදෙන්න සූදානම්! ආණ්ඩුව දැන්ම වැඩේට බහින්න! VIDEO I Sri Lanka Latest News

ඉස්කෝලෙ කෙල්ල එක්ක තරහා වෙලා උපන්දින පාටියේදී කෙල්ලගේ නිරුවත් ෆොටෝ යාලුවන් 6 දෙනෙක් එක්ක ෂෙයාර් කරගත් කුරුණෑගල පාසල් සිසුවා! I Sri Lanka Latest News
Exclusive

වට්ස්ඇප් එක දුරකතන අංකය හංගන්න ලෑස්ති වෙයි! පේන්නෙ නමක් විතරයි! I Sri Lanka Latest News

පොසොන් පෝ දා අනුර තන්තිරිමලේ රජමහා විහාරයේ ආලෝක පූජාවට එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පොසොන් පෝ දා අනුර තන්තිරිමලේ රජමහා විහාරයේ ආලෝක පූජාවට එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

Load More
විසාකා කේෂකල්‍යාණී 2026! Sri Lanka Latest News
Business

විසාකා කේෂකල්‍යාණී 2026! Sri Lanka Latest News

සිඬාලේප විසාකා කේෂකල්‍යාණී 2026, පසුගිය 24 වැනිදා ගල්කිස්ස සිඬාලේප අනර්වා හෝටල් පරිශ්‍රයේ දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි. ශ්‍රී ලාංකීය කාන්තාවන්ගේ...

Read more
ජනපති අනුර තන්තිරිමලේ ආලෝක පූජාවට එක්වෙද්දී විපක්ෂනායක සජිත් සිතුල්පව්වේ ආලෝක පූජාවට එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජනපති අනුර තන්තිරිමලේ ආලෝක පූජාවට එක්වෙද්දී විපක්ෂනායක සජිත් සිතුල්පව්වේ ආලෝක පූජාවට එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

6 වැනිදා වෙද්දි ජනපතියි අගමැතියි අවසන් තීන්දුව නොගත්තොත් රටේ දරුණු තත්ත්වයක්! සියලු වෘත්තීය සමිති අවසන් සටනට සූදානම් වෙයි!

සති 3ක් තිස්සේ කඩුවෙල කුණු වෙයි! දේශපාලනය ගැන ලොකු ටෝක් දෙන නගරාධිපති රංජන් බුදිද? Sri Lanka Latest News

චෙම්මනි සමූහ මිනීවළෙන් සිරුරු 141ක් ගොඩගනී! සොයාගත් ඇඳුම් සහ අනෙකුත් පෞද්ගලික භාණ්ඩ මහජන ප්‍රදර්ශනයට තියයි! පවුල් 200කට අධික පිරිසක් අතුරුදන් වූ ඥාතීන් හොයාගන්න චෙම්මනියට ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

‘සදාකාලික දැල්ල’! යාපනයේ අලුත් සටන් ව්‍යාපාරයක් ආරම්භ වෙයි! වාර්තාවක් තැබූ චෙම්මනි සමූහ මිනී වළ ලොකු මාතෘකාවක් වෙයි! I Sri Lanka Latest News

මැයි රැලියට කලින්ම සජිත් ග්‍රවුන්ඩ් එකට බහී! මරික්කාර්-මුජිබර්-තිස්සත් ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටටම ඩෙංගු වසංගතයක් වෙලා තියෙන වෙලාවේ විපක්ෂනායක සජිත් ආණ්ඩුවට ඩෙංගු නැත්තටම නැති කරන හැටි කියයි! ඔස්ට්‍රේලියානු රජය අපේ රටට ‘වෝල්බැකියා’ විසඳුම නොමිලේ ලබාදෙන්න සූදානම්! ආණ්ඩුව දැන්ම වැඩේට බහින්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.