මනම්පිටිය සිංහල මහා විද්‍යාලයේ 8 වසරේ අධ්‍යාපන ලබන 13 හැවිරිදි දැරියක් ආර්ථික දරිද්‍රතාව නිසා පාසල් ගමන මගහැරි ඇතැයි කළ ප්‍රකාශයකින් සැකසුන පුවත්පත් වාර්තාවක් සඳහා සිය නිරීක්ෂණ දක්වමින් එම සිසුවිය අනියම් සබන්ධතාවකින් ගැබ්ගත් බාල වයස්කාර මවක් බව පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරයා ජනාධිපතිවරයා ඇතුළු සියලු බලධාරින්ට ලිඛිතව දැන්වූ සිදුවීම මුලුමනින්ම අසත්‍යයක් බව හෙළි වී තිබේ.
මේ වනවිට එම දැරිය බලවත් සිත් තැවුලට පත් වී නීතියේ පිහිට සොයමින් සිටින බව වාර්තා වේ.
දිඹුලාගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරියගේ වාර්තාවක් මත පදනම්ව පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ. ධර්මසිරි පසුගිය දෙවැනිදා එම ලිපිය ජනාධිපති මාධ්‍ය අංශයට, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයට මෙන්ම රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයට යොමු කර ඇත.
සොයා බැලීමකින් තොරව සිදුකළ මෙම ප්‍රකාශය හේතුවෙන් ජීවත්වීමත් එපා වී සිටින බව පවසන එම දැරිය ඒ සඳහා අවශ්‍ය නීතිමය පියවර ගැනීමට උදව් කළ හැකි කවරෙක් හෝ සිටී නම් ඉදිරිපත්වන ලෙස ආයාචනා කරයි.
තමන් සති දෙකකට අධික කාලයක් පාසල් නොගියේ පාසල් යෑමට බස් ගාස්තු නොමැතිවීමත්, අවශ්‍ය පොත්පත් නොමැති වීම සහ ආහාර හිඟයක් පවතින නිසා බව මලීශා සෙව්වන්දි බංඩාර දියණිය මාධ්‍යයයට ප්‍රකාශ කර තිබිණි.
මනම්පිටිය සිංහල මහා විද්‍යාලයේ 8 වසරේ ඉගෙනුම ලබන 13 වියති මෙම දියණිය බාලවයස්කාර මවක් බවට සඳහන් කරමින් අදාළ ආයතනවලට යොමුකර ඇති ලිපිය සම්බන්ධව පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් ධර්මසිරිගෙන් කළ විමසීමක දී ඔහු පැවසුවේ මෙසේය.
්ඒක මම නිවරදි කරලා යවනවා, මට කලාප අධ්‍යාපන කාර්යාලයෙන් ලියුමක් ගෙන්ත් දුන්නා ඒ දැරිය එහෙම තත්ත්වයක නෑ කියලා. ඒ නිසා ලියුම් දාපු හැමතැනටම ඒක නිවරදි කරලා යවනවා…’
lankasara