යාපනය චෙම්මනි සමූහ මිනීවලෙන් මේ දක්වා මතුකරගෙන ඇති සමස්ත මිනිස් සිරුරු සංඛ්‍යාව 351ක් දක්වා ඉහළ ගොස් තිබේ. Sri Lanka Latest News
ඒ අනුව, මීට පෙර මිනිස් සිරුරු 342ක අස්ථි කොටස් හමුවෙමින් උතුරු පළාතේ විශාලම සමූහ මිනීවල ලෙස සැලකුණු මන්නාරම පැරණි සතොස සමූහ මිනීවල පරදවමින් චෙම්මනි උතුරේ විශාලම සමූහ මිනීවල බවට පත්ව ඇත.
මේ අතර, එහි වළලා දැමූ සිය ගණනක් දෙනා වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටිමින් යාපනයේ ‘මහජන ක්‍රියාකාරී සංවිධානය’ විසින් ඉකුත් 28 වැනි ඉරිදා ‘සදාකාලික දැල්ල’ නමින් ව්‍යාපාරයක් ද ආරම්භ කර තිබේ.
1998 වසරේදී ක්‍රිෂාන්ති කුමාරස්වාමි සිසුවිය ඝාතන නඩුවේ විත්තිකරුවකු වූ සෝමරත්න රාජපක්ෂ කළ පාපොච්චාරණයක් අනුව 1999 දී මෙහි මුල්ම කැණීම්වලින් ඇටසැකිලි 15ක් හමු වුවද පසුව එහි නීතිමය කටයුතු ඇණහිට තිබුණි. කෙසේ වෙතත්, පසුගිය 2025 පෙබරවාරි මාසයේදී ඉදිකිරීම් කම්කරුවන්ට නැවතත් අස්ථි කොටස් හමුවීමත් සමඟ යාපනය මහේස්ත්‍රාත් අධිකරණ නියෝග මත යළි කැණීම් ආරම්භ වූ අතර, මේ වන විට අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (CID) මගින් මෙහි ඉදිරි විමර්ශන පවත්වාගෙන යනු ලබයි.











