• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Wednesday, March 22, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Gurudawa

ආණ්ඩුවට අකැමැතියි කියන 90%ට වඩා කැමැති 10% මාරයි කියන නල්ලමලේ මාධ්‍ය! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

November 5, 2022
in Exclusive, Gurudawa
Reading Time: 6 mins read
A A
ආණ්ඩුවට අකැමැතියි කියන 90%ට වඩා කැමැති 10% මාරයි කියන නල්ලමලේ මාධ්‍ය!  (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
893
SHARES
2.8k
VIEWS
Share on FacebookShare on Twitter

‘රනිල් ජනාධිපති වෙලා කරපු හොඳම දේ දන්නවද…?’

මේ උපන්ගෙයි රනිල් විරෝධියෙක් රනිල්වාදියකුට කී කතාවය.

‘ඒ මොකක්ද ඒ…?’ රනිල්වාදියා ඇහුවේය.

‘ලංකාවේ මාධ්‍යවල හෙලුව ගලවපු එක…’ රනිල් විරෝධියා කීවේය.

‘ඇයි එහෙම කියන්නේ…?’ රනිල්වාදියා ඇහුවේය.

‘දැක්කද පහුගිය සතියේ මාධ්‍යවල තිබුණා වෙරිටාස් රිසර්ච් ඔපීනියන් පෝල් එකක්…?’ රනිල් විරෝධියා ඇහුවේය.

‘දැක්කා. මාධ්‍ය ලොකුවට දැම්මේ රනිල් ආණ්ඩුව ගැන ජනතා විශ්වාසය ගෝඨාභයගේ ආණ්ඩුවට වඩා 7%කින් නැගලා කියලා…’ රනිල්වාදියා කීවේ උජාරුවෙන්ය.

‘ඒක තමයි බං කියන්නේ. වෙරිටාස් ඔපීනියන් පෝල් එකට අනුව රටේ ජනතාවගෙන් 90%ක් රනිල්ගේ ආණ්ඩුව ගැන විශ්වාසයක් නැහැ. ගෝඨාගේ ආණ්ඩුව ගැන 97%කට විශ්වාසය තිබිලා නැහැ. ඒ කියන්නේ ගෝඨාගේ ආණ්ඩුව ගැන විශ්වාසය තියලා තියෙන්නේ 3%යි. රනිල් ඒක 10%ක් කරගෙන. හැබැයි 90%ක් තවම රනිල්ගේ ආණ්ඩුවට කැමැති නෑ…’ රනිල් විරෝධියා කීවේ නක්කලයට හිනාවෙමිනි.

‘90%ක් කැමැති නැත්නම් ආණ්ඩුව හාන්සීනේ. හැබැයි මාධ්‍යවල තිබුණේ 3%ට තිබුණු කැමැත්ත 7% කරගත්තා කියලානේ…’ රනිල්වාදියා කිව්වේ ඇස් උඩ තියාගෙනය.

‘ඒකනේ කොහොමද රනිල් මාධ්‍ය පාවිච්චි කරලා 90%ක් ආණ්ඩුවට කැමැති නැති එක හංගලා කැමැති 10% ඇතුළේ 7%ක් නැග්ග හැටි විතරක් පෙන්වන්නේ…? දැන් රනිල් රාජපක්ෂලාගේ ආරක්ෂකයානේ. මේ මාධ්‍ය ඔක්කොම රාජපක්ෂලාගේ ආරක්ෂකයෝ කියලා කිව්වේ රනිල්. දැන් රනිල් රාජපක්ෂලාගේ ආරක්ෂකයා වෙලා, රාජපක්ෂලාගේ ආරක්ෂකයොයි කියලා මාධ්‍ය ගැන එහෙම කිව්ව කතාව ඔප්පු කරලා පෙන්වලා ඒ මාධ්‍ය ලව්වා එයාව ආරක්ෂා කරගන්නවා…’ රනිල් විරෝධියා දුන්නේ මාර විග්‍රහයකි.

කතාව ඇත්තය. රනිල් ඒ දවස්වල මාධ්‍යයට ගැහුවේ මාධ්‍ය රාජපක්ෂලාගේ ආරක්ෂකයන් කියාය.

මේ රනිල් 2016.12.18 දින සිරිකොතදී දෙරණ මාධ්‍ය ජාලය ගැන කිව්ව කතාවය.

‘දෙරණත් දැන් මේ විකාරය පටන් අරගෙන තියෙනවා. ඒගොල්ලෝ කරන්නේ රාජපක්ෂලා ආරක්ෂා කිරීමයි. එහෙම ඒගොල්ලෝ රාජපක්ෂලාව ආරක්ෂා කරනවා නම් අපට කියන්න පුළුවන් ඒ අයත් හොරකම් කළ හැටි…’

මේ රනිල් එදිනම ‘ඩේලි මිරර්’ පුවත්පත ගැන කිව්ව කතාවය.

‘ඩේලි මිරර් පත්තරේ ඉන්න ඔක්කොම රාජපක්ෂලාට ටැග්වෙලා ඉන්නේ. මම අහනවා ඒ පත්තරේ මාධ්‍යවේදීන්ගෙන් අපේ අලුත් ගමනට එක්වෙනවාද නැද්ද කියලා. කරුණාකරලා කියන්න. බොරු ලියන්නේ නැතුව…’

පහත දැක්වෙන්නේ රනිල් ලංකාදීප පත්‍රය ගැන 2007.04.12 දින කී කතාවය.

‘ලංකාදීප පත්තරෙත් අද බොරු ප්‍රවෘත්තියක් දමල තියෙනවා. ඉන්දියාව එල්.ටී.ටී.ඊ. එකේ ගුවන් බලය නැති කරන්න යනවා කියලා. මම අහනවා ලංකාදීප කර්තෘට චීනයට යන්න රාජපක්ෂලා දුන්න ටිකට් එක නිසාද මෙහෙම බොරු ලියන්නේ කියලා….’

‘හිරු’ එකට නම් රනිල් බැණලා නැත. ඒත් මංගල 2019.05.17 දින මුදල් අමාත්‍යාංශයේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා කීවේ රාජපක්ෂලා යළි බලයට ගෙන එන්න ජාතිවාදය අවුස්සන හිරු සහ දෙරණට ආණ්ඩුවේ මාධ්‍ය දැන්වීම් දෙන්නේ නැහැ කියලාය.

දැන් රනිල් සහ මංගල බැන්න මාධ්‍ය එදා සිංහයෝ වගේ ඉඳලා අද රනිල් ජනාධිපති වුණාට පස්සේ රනිල් ඉස්සරහ ඉන්නේ පූස් පැටව් වගේය. නැත්නම් වෙරිටාස් ඔපීනියන් පෝල් එකේ රනිල්ගේ ආණ්ඩුවට 90%ක් කැමැති නැහැ කියන ජන මතය හංගා කැමැති 10% ආණ්ඩුවේ ලොකු ජයග්‍රහණයක් ලෙස පෙන්වන්නේ නැත. ඒකෙන් පේන්නේ මහින්දට වඩා හොඳට රනිල් මේ මාධ්‍යවලින් වැඩ ගන්නා බවය.

මේ මාධ්‍ය රනිල්ට ලව් කරන්න පටන්ගත්තේ සජිත් සහ යූ.ඇන්.පී. මන්ත්‍රීවරු යූ.ඇන්.පී.යෙන් ඉවත් වී සමගි ජන බලවේගය හැදුවාට පසුවය. ඒ වෙලාවේ රනිල් තනිවිය. එවිට මේ මාධ්‍ය සිතුවේ රනිල් දේශපාලනයෙන් අයින් වුණොත් සජිත්ලා ශක්තිමත් වී රාජපක්ෂලාට ගහයි කියලාය. ඒක වළක්වා සජිත්වත්, සමගි ජන බලවේගයත් ඉවර කොට රාජපක්ෂලා ශක්තිමත් කරන්න රනිල්ව උස්සන්න ඕනා යැයි මේ මාධ්‍ය සිතීය. රනිල් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු එන විට රනිල්ව ඉස්සුවේ මේ මාධ්‍යයය. රනිල් අගමැති වී ජනාධිපති වූ විට ඔවුන් හිතුවේ දැන් රනිල් රාජපක්ෂලාව ආරක්ෂා කරනවා වගේ අපිවත් ආරක්ෂා කරයි කියලාය.

පසුගිය සතියේ සජිත් සහ පෙරටුගාමීන් ඇතුළු වෘත්තීය සමිති අරගල නායකයන් පළමු වරට රනිල්ගේ ආණ්ඩුවට එරෙහිව එකට එක්වී කොළඹට එක්රොක් වෙද්දී මේ මාධ්‍ය වෙව්ලන්න පටන්ගත්හ. මේ රැස්වීම ගැන ප්‍රවෘත්ති පළ නොකොට රැස්වීමට ආ සජිත්ට ‘හූ’ කියා පන්නාගත්තා යැයි මේ මාධ්‍ය සියල්ලම ලොකු ප්‍රවෘත්තියක් පළ කළේ සජිත්වයි, අරගලයයි දෙකම ඉවර කරන්නටය. සජිත්ලා ගෝඨාභයට එරෙහිව කොළඹට මහජනතාව ගෙන එද්දී මේ මාධ්‍ය ඒ ජනතා රැල්ල නොපෙන්වා, සජිත් අනෙකුත් පක්ෂ නායකයන්ට කතා කරන්න දුන්නේ නැහැ කියා ලොකු ප්‍රවෘත්තියක් හදලා ප්‍රචාරය කරනු ලැබීය. මෙවර සජිත්ට ‘හූ’ කිව්වා කියලා ලොකු නිවුස් එකක් හදලා ප්‍රචාරය කළේය. හැබැයි මේ මාධ්‍ය නොදන්නා කතාව නම් අද මේ මාධ්‍ය කියන දේ මහජනතාව පිළිගන්නේ නැත. පිළිගන්නවා නම් එදා රාජපක්ෂ පවුලටම එරෙහි මහජන අරගලයක් නැඟිටින්නේ නැත. මේ මහජන අරගලය එන තෙක් මේ මාධ්‍යවත් දැන සිටියේ නැත. ඔවුහු රාජපක්ෂලාට ප්‍රශස්ති ගී ගායනා කරමින් සජිත් සහ සජබය කැඩිලා බිඳලා විනාශ වෙන දවස ගණන් කරමින් සිටියහ. අරගලයෙන් රාජපක්ෂ පවුලටම ගෙදර යන්න සිදුවිය. රාජපක්ෂලා ආරක්ෂා කරගන්න රනිල් අගමැති වී ජනාධිපති වුණාම ඔවුන් සැනසුම් සුසුම් හෙලූහ. රනිල් අරගලය මර්දනය කරන විට අරගලයේ හිටියේ කුඩුකාරයන් ගංජාකාරයන් හොරුන් කියා පුවත් මැවූහ. දැන් සජිත්, පෙරටුගාමීන්, ශ්‍රීලනිපය, ඩලස් – ජී.එල්. පිල, වෘත්තීය සමිති, බහුජන සංවිධාන යළිත් අරගලයට පණ දෙන්න ඉදිරියට ඇවිත් ඇත. රනිල්, රාජපක්ෂලා සහ මේ මාධ්‍ය බය සජිත් රටේ විපක්ෂ නායක ලෙස මේ අරගලයට සහාය දීමෙන් අරගලයට ජාතික සහ ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබෙන නිසාය. ඔවුන්ට ඕනෑ අරගලකරුවන් ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගසන්නටය. සජිත් සහ අරගලය වෙන් කරන්න රනිල් දත කයි. සජිත්ට ‘හූ’ කිව්වා කියා නිවුස් දමන්නේ ඒ නිසාය. අරගලය මර්දනයට එරෙහිව ට්විටර් පණිවුඩ නිකු් කරපු මෙරට ඇමෙරිකානු තානාපතිනී ජූලි චන්ග්ද රනිල්ගේ ආණ්ඩුවට සහ මේ මාධ්‍යයට කරදරයක් විය. ආණ්ඩු හිතවාදී සමාජ මාධ්‍ය ඇයගේ ට්විටර් පණිවුඩ උපහාසයට ලක් කරන අතර ව්‍යාජ ට්විටර් ගිණුමක්ද ඇය නමින් විවෘත වුණේ ඇයව අරගලයෙන් වෙන් කරන්නටය. ඒත් ඇය පසුගිය සතියේදී අරගල රැස්වීම වෙනුවෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කළාය.

අරගලය ගෙදර යැව්වේ රාජපක්ෂලා පමණක් නොවේ. අරගලය මේ මාධ්‍යයද නිරුවත් කළේය. එහෙව් මාධ්‍යවල නිවුස් මවලා රනිල් ගොඩ යන්න හිතනවා නම් රනිල්ට දෙයියන්ගේම පිහිටය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

Share357Tweet223SendShare89
Previous Post

ජානකී සිරිවර්ධනයි තිලිණි ප්‍රියමාලියි සිරිසුමන හිමියනුයි එකතුවෙලා ගහපු ගේම් සියල්ල CIDයේදී එකින් එක හෙළිවෙයි! සේමිණී ඉද්දමල්ගොඩ ඇවිත් පැය 4ක් තිස්සේ එළියට දාපු රහස් මෙන්න!

Next Post

කොටි මාධ්‍ය ප්‍රකාශක තමිල්සෙල්වම් මතකද? මැරිලා අවුරුදු 15ක්! උතුරේ පුංචි සැමරුමක්! (PHOTOS)

MORE NEWS

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ගැන හර්ෂ මහා හෙළිදරව්වක් කරයි! කෝටි ගණන් ගෙවලා පත්තරවල දැන්වීම් දානවා! සුපිරි මත්පැන් දීලා පාටි දාන්න කෝටි ගණන් වියදම් කරනවා! හැබැයි ජනතාවට සහනයක් වන සුවසැරියට ගෙවන්න රක්ෂණ සංස්ථාවට සල්ලි නෑ! එහෙම වෙන්නෙ කොහොමද? (VIDEO)
Exclusive

කෝප් එකේදි එළියට ආපු රක්ෂණ සංස්ථාවේ ‌බිලියන ගණන් ගැහිලි ගැන අපි කලින් එකක් හෙළිකළා! ඒ පාර අපි කිව්වේ ලොක්කන්ගේ පඩි රහසක් කියලා! මෙන්න දෙවැනි එක! මේ පාර කියන්නේ විදෙස් ශ්‍රමිකයන් රක්ෂණය කරද්දි හොර පාරෙන් ගහපු කෝටි ගාණක ගැහිල්ලක් ගැන! ලිපිගොනුත් නෑ! අහද්දි ලොක්කන්ට කටඋත්තරත් නෑ! ඊළඟ වංචාවත් හෙට අනිද්දම එළියට දානවා! VIDEO

March 21, 2023
මහ මොළකරු… ආරක්ෂක ලේකම්… පොලිස්පති… දේශබන්දු… දඩයම සහ ජවිපෙ! (VIDEO)
Exclusive

හම්බන්තොට වරාය විකුණපු වෙලාවෙත් රනිලුයි මලිකුයි මේ වගේම උජාරුවෙන් පෙන්නුවා! අදත් ඒ වගේම කොන්දේසිවලට යට වෙලා බදු බර වැඩි කරලා රාජ්‍ය ආයතන විකුණලා ණය අරන් උජාරුවෙන් කතා කරනවා! ලැජ්ජයි! IMF ගැන ජවිපෙ මතය! VIDEO

March 21, 2023
ස්ථාවර නියෝග 21යි 2  යටතේ මේ පාර්ලිමේන්තුව ඇතුළේ පිටස්තර කෙනෙකුට කතා කරන්න බෑ! වහාම කතානායකතුමා එයාව එළියට දාන්න! කව්ද අද පාර්ලිමේන්තුවට ආපු පිටස්තරයා? සභාව උණුසුම්! (VIDEO)
Exclusive

කවදාවත් IMF යන්නේ නෑ කියපු පොහොට්ටු අය අද වීරයෝ වෙලා! කෝටි ගාණක IMF ණයක් අරන් පුදුම චූන් විල්ලක් චූන් වෙලා! VIDEO

March 21, 2023
සල්ලි දුන්නත් පාර අතිදුෂ්කර බව මතක තියාගන්න! මේක රිදී උණ්ඩයක් නෙමෙයි! IMF ණයේ තියෙන හොඳ නරක දෙකම MOODY’S පෙන්වා දෙයි!
Exclusive

සල්ලි දුන්නත් පාර අතිදුෂ්කර බව මතක තියාගන්න! මේක රිදී උණ්ඩයක් නෙමෙයි! IMF ණයේ තියෙන හොඳ නරක දෙකම MOODY’S පෙන්වා දෙයි!

March 21, 2023
ළමයින්ගේ ප්‍රශ්න සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! ආණ්ඩුවේ මන්දගාමී ප්‍රතිපත්තියට දැඩි ප්‍රහාරයක්! (VIDEO)
Exclusive

අද උදේම පාර්ලිමේන්තුව උණුසුම් වෙයි! ආණ්ඩුව ගෙනා ගැසට් එකට සජිත් ඡන්දයක් ඉල්ලයි! අණ්ඩුවත් සජිත්ගේ යෝජනාවට පක්ෂව අත උස්සයි! ආණ්ඩුවේ ගැසට් එක පරාද වෙයි! සජිත් නීති සිසුන්ට සාධාරණය ඉටු කරයි! VIDEO

March 21, 2023
ඡන්දෙට සල්ලි නෑ කියලා මම කිව්වේ නෑ! මුදල් අමාත්‍යංශ ලේකම් පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කමිටුවට අද දැනුම් දෙයි!
Exclusive

ඡන්දෙට සල්ලි නොදී මුදල් ලේකම් නඩු 2ක් දාගනී! එකක් සජබෙන්! අනෙක ජාජබෙන්! අද ෆයිල් කළා!

March 21, 2023
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ගැන හර්ෂ මහා හෙළිදරව්වක් කරයි! කෝටි ගණන් ගෙවලා පත්තරවල දැන්වීම් දානවා! සුපිරි මත්පැන් දීලා පාටි දාන්න කෝටි ගණන් වියදම් කරනවා! හැබැයි ජනතාවට සහනයක් වන සුවසැරියට ගෙවන්න රක්ෂණ සංස්ථාවට සල්ලි නෑ! එහෙම වෙන්නෙ කොහොමද? (VIDEO)
Exclusive

කෝප් එකේදි එළියට ආපු රක්ෂණ සංස්ථාවේ ‌බිලියන ගණන් ගැහිලි ගැන අපි කලින් එකක් හෙළිකළා! ඒ පාර අපි කිව්වේ ලොක්කන්ගේ පඩි රහසක් කියලා! මෙන්න දෙවැනි එක! මේ පාර කියන්නේ විදෙස් ශ්‍රමිකයන් රක්ෂණය කරද්දි හොර පාරෙන් ගහපු කෝටි ගාණක ගැහිල්ලක් ගැන! ලිපිගොනුත් නෑ! අහද්දි ලොක්කන්ට කටඋත්තරත් නෑ! ඊළඟ වංචාවත් හෙට අනිද්දම එළියට දානවා! VIDEO

March 21, 2023

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නිලධාරීන් පසුගිය දිනෙක කෝප් කමිටුව හමුවට කැදවා තිබුණු අතර එහිදී පසුගිය කාලයේදී සිදුව ඇතැයි කියන වංචා...

Read more
මහ මොළකරු… ආරක්ෂක ලේකම්… පොලිස්පති… දේශබන්දු… දඩයම සහ ජවිපෙ! (VIDEO)

හම්බන්තොට වරාය විකුණපු වෙලාවෙත් රනිලුයි මලිකුයි මේ වගේම උජාරුවෙන් පෙන්නුවා! අදත් ඒ වගේම කොන්දේසිවලට යට වෙලා බදු බර වැඩි කරලා රාජ්‍ය ආයතන විකුණලා ණය අරන් උජාරුවෙන් කතා කරනවා! ලැජ්ජයි! IMF ගැන ජවිපෙ මතය! VIDEO

March 21, 2023
ස්ථාවර නියෝග 21යි 2  යටතේ මේ පාර්ලිමේන්තුව ඇතුළේ පිටස්තර කෙනෙකුට කතා කරන්න බෑ! වහාම කතානායකතුමා එයාව එළියට දාන්න! කව්ද අද පාර්ලිමේන්තුවට ආපු පිටස්තරයා? සභාව උණුසුම්! (VIDEO)

කවදාවත් IMF යන්නේ නෑ කියපු පොහොට්ටු අය අද වීරයෝ වෙලා! කෝටි ගාණක IMF ණයක් අරන් පුදුම චූන් විල්ලක් චූන් වෙලා! VIDEO

March 21, 2023
සල්ලි දුන්නත් පාර අතිදුෂ්කර බව මතක තියාගන්න! මේක රිදී උණ්ඩයක් නෙමෙයි! IMF ණයේ තියෙන හොඳ නරක දෙකම MOODY’S පෙන්වා දෙයි!

සල්ලි දුන්නත් පාර අතිදුෂ්කර බව මතක තියාගන්න! මේක රිදී උණ්ඩයක් නෙමෙයි! IMF ණයේ තියෙන හොඳ නරක දෙකම MOODY’S පෙන්වා දෙයි!

March 21, 2023
ළමයින්ගේ ප්‍රශ්න සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! ආණ්ඩුවේ මන්දගාමී ප්‍රතිපත්තියට දැඩි ප්‍රහාරයක්! (VIDEO)

අද උදේම පාර්ලිමේන්තුව උණුසුම් වෙයි! ආණ්ඩුව ගෙනා ගැසට් එකට සජිත් ඡන්දයක් ඉල්ලයි! අණ්ඩුවත් සජිත්ගේ යෝජනාවට පක්ෂව අත උස්සයි! ආණ්ඩුවේ ගැසට් එක පරාද වෙයි! සජිත් නීති සිසුන්ට සාධාරණය ඉටු කරයි! VIDEO

March 21, 2023

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version