• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවිය සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලබයි!

November 6, 2024
in Business
Reading Time: 4 mins read
A A
අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවිය සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලබයි!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවිය වන idealmotors.lk වෙබ් අඩවිය BestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් දිනා ගැනීමට සමත් වී ඇත. (Sri Lanka Latest News)

හොඳම වාහන වෙබ් අඩවිය සඳහා වන රන් සම්මානය (Gold Winnder – Best Automotive Website) සහ ජනප්‍රියතම වාහන වෙබ් අඩවිය (Most Popular Automotive Website)  මෙන්ම හොඳම ජංගම දුරකථන අතුරුමුහුණත සහිත වාහන වෙබ් අඩවිය (Best Mobile User Experience Automotive Website) යන සම්මාන ත්‍රිත්වය අයිඩියල් මෝටර්ස් වෙබ් අඩවිය විසින් දිනා ගන්නා ලදී.

Best Web තරඟාවලිය .lk අඩවි නාමය (Domain name) යටතේ නිර්මාණය වන වෙබ් අඩවි සඳහා වූ තරඟාවලියක් වන අතර ස්වාධීන ලාභ නොලබන සංවිධානයක් වන LK Domain ලියාපදිංචි කිරීමේ ඒකකය විසින් මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ගිහාන් ඩයස්  සහ විද්වත් මඩුල්ලකගේ පූර්ණ මඟපෙන්වීම හා තාක්ෂණික උපදේශයට යට‌තේ ක්‍රියාත්මක වන්නකි. මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම වෙබ් අඩවිය සම්පූර්ණයෙන්ම ආයතනයේ නවක වෙබ් අඩවි නිර්මාණකරුවන් පිරිසකගේ දායකත්වයෙන් නිර්මාණය වී තිබීමයි.

මේ පිළිබඳ අදහස් දැක්වූ අයිඩියල් මෝටර්ස් තොරතුරු තාක්ෂණ අංශයේ සමූහ ප්‍රධානී ශාරංග ජයතිලක මහතා අදහස් දක්වමින්, “අපි මේ වෙබ් අඩවිය නිර්මාණය කළේ, ආයතනයේ නවක වෙබ් අඩවි නිර්මාණකරුවන්ගේ දායකත්වයෙන්. ඔවුන්ට තාක්ෂණික පුහුණුව ලබා දෙමින් මාස දෙකක් වගේ කෙටි කාලයක් ඇතුළත ආයතනය තුළින්ම නිර්මාණය කරපු වෙබ් අඩවියක් විදියට තමයි අපි මේ කටයුත්ත නිම කළේ. අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලීන් වෙල්ගම මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කෙරෙන නවකයන්ට පුහුණුවීම් සඳහා අවස්ථාවක් ලබාදීමත් මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුයි. අයිඩියල්  මෝටර්ස් අලෙවි අංශ ප්‍රධානී හර්ෂ කේ. පෙරේරා සහ ජ්‍යේෂ්ඨ අලෙවි කළමනාකරු සුජීව අමරසූරිය ඇතුළු අලෙවි අංශයේ පිරිසගේ දායකත්වය ද ඇතිව සිදු කෙරුණු මෙම ව්‍යාපෘතිය ආයතනයේ අංශ දෙකක දායකත්වය ලබා ගනිමින් සාමූහික කටයුත්තක් විදියට මෙය නිර්මාණය කරන්න අපට හැකි වුනා. ආයතනයට සම්මානයක් දිනා දීමේ අරමුණින් කණ්ඩායමේ සියලු දෙනා ඉතාමත් කැපවීමෙන් යුතුව වැඩ කළා. මේ සඳහා සම්බන්ධ වූ නවක පිරිසත් ඉගෙන ගැනීමේ උනන්දුව ඇති, නවෝත්පාදන හැකියාවෙන් යුතු පිරිසක් වීම මේ කටයුත්ත තවත් පහසු කළා.” යනුවෙන් පැවසීය.

Best Web තරඟාවලිය LK Domain Registry සංවිධානය විසින් පවත්වනු ලබන අතර, මෙහි ජනප්‍රියතම වෙබ් අඩවිය සඳහා විවෘතව මනාප පළ කිරීමේ අවස්ථාව සලසා දී තිබුණි. රන් සම්මානය සඳහා වෙබ් අඩවියේ අතුරුමුහුණතේ ආකර්ෂණීය හා සුහුරු බව, ජාත්‍යන්තර ප්‍රමිති භාවිතය, අකුරු මෝස්තර භාවිතය, වර්ණ භාවිතය, තොරතුරු කළමනාකරණය වැනි අංශ ගණනාවක් ඉතා සූක්ෂම විනිශ්චයට ලක් කෙරේ. එමෙන්ම UI-UX නිර්ණායක යටතේ පරිශීලකයා රඳවා ගැනීමේ හැකියාවත්, ජංගම දුරකථන අතුරුමුහුණතක වෙබ් අඩවියක් දෘෂ්‍ය හා තාක්ෂණික අතින් ක්‍රියාත්මක විය යුතු ආකාරය හා පරිශීලක අත්දැකීමත්, සයිබර් ආරක්ෂක විධික්‍රම පිළිවඳවත් මෙම සම්මාන සඳහා සලකා බැලුණු නිර්ණායකයන් වේ.  හොඳම වාහන වෙබ් අඩවිය සඳහා වන රන් සම්මානය සහ හොඳම ජංගම දුරකථන අතුරුමුහුණත සඳහා වන සම්මානය, මහාචාර්ය ගිහාන් ඩයස් ඇතුළු තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් මඩුල්ලක්‌ගේ නිර්දේශය අනුව පිරිනමන ලද්දක් විය. Best Web තරඟයේදී සාමාන්‍යයෙන් ආයතනයකට පිරිනැමෙන්නේ එක් සම්මානයක් පමණක් වුවත් අයිඩියල් මෝටර්ස් සඳහා රන් සම්මාන ඇතුළු සම්මාන ත්‍රිත්වයක් දිනා ගැනීම ද විශේෂත්වයකි.

මේ පිළිබඳ අදහස් දැක්වූ අයිඩියල් මෝටර්ස් අලෙවි අංශ ප්‍රධානී හර්ෂ කේ. පෙරේරා මහතා, “අයිඩියල් මෝටර්ස් තුළ තිබෙන ආයතන සංස්කෘතිය ඉතාමත් සුවිශේෂී වගේම විවෘත එකක්. අපි සීමාවාසික තරුණයන්ට නොමිලේ තාක්ෂණික පුහුණුව ලබා දෙනවා. එය එක්තරා විදියකින් සමාජ සත්කාරයක් ලෙසත් සලකන්න පුළුවන්. මේ තරුණ පිරිස‌ගේ අදහස් සහ නිර්මාණශීලී හැකියාවට අප ලබා දුන් තාක්ෂණික අධ්‍යාපනයත් සංකලන කිරීමෙන් මෙවැනි සුවිශේෂී ජයග්‍රහණයක් කරා යන්න අපට හැකි වුණා.”idealmotors.lk වෙබ් අඩවියේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ මේ සඳහා කෘත්‍රිම තාක්ෂණික චැට් බොට්වරයෙක් ද ඇතුළත් කර තිබීමයි. මේ හරහා ඉතා පහසුවෙන් තොරතුරු දැන ගැනීමේ හැකියාව පරිශීලකයාට උදා වේ. එමෙන්ම මෙහි ඇති ආකර්ෂණීය අතුරුමුහුණත නිසා පරිශීලකයාට වෙබ් අඩවිය ඉතා පහසුවෙන් පිරික්සීමේ අවස්ථාව හිමි වන බව කියා සිටියේය.

ඡායාරූපය වමේ සිට දකුණට

අයිඩියල් මෝටර්ස් ජ්‍යේෂ්ඨ අලෙවි කළමනාකරු සුජීව අමරසූරිය මහතා, අයිඩිල් මෝටර්ස් අලෙවි අංශ ප්‍රධානී හර්ෂ කේ. පෙරේරා මහතා, අයිඩියල් සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ හා සභාපති නලීන් වෙල්ගම මහතා, අයිඩියල් මෝටර්ස් තොරතුරු තාක්ෂණ අංශයේ සමූහ ප්‍රධානී ශාරංග ජයතිලක  සහ එම අංශයේ චතුරංග විජේතුංග මහත්වරුන් අදාළ සම්මාන ත්‍රිත්වය සමග.

SendShareShare
Previous Post

හිටපු ජනාධිපතිවරුන්ට ආරක්ෂාව දෙන්නෙ කොහොමද? වැඩබලන පොලිස්පති කැබිනට් මණ්ඩලයට වාර්තාවක් දෙන්නයි හදන්නේ! තීන්දුව ඊට පස්සේ! Sri Lanka Latest News

Next Post

ජනපති අනුරගේ පළමු සුබ පැතුම අමෙරිකානු ජනපති ට්‍රම්ප්ට! I Sri Lanka Latest News

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.