• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

සුපිරි ENOVA ඇග්‍රෝ නිෂ්පාදන එළිදැක්වෙයි! Sri Lanka Latest News

November 25, 2025
in Business
Reading Time: 5 mins read
A A
සුපිරි ENOVA ඇග්‍රෝ නිෂ්පාදන එළිදැක්වෙයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වෙන්කඩේශ්වර ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රි ලිමිටඩ් සමාගම, 2025 නොවැම්බර් 21 වන අද දින කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ, සමුද්‍රා බෝල්රූම් හි දී පැවත්වූ විශේෂ උත්සවයේ දී, සිය ප්‍රමුඛතම සන්නාමය වන ENOVA යටතේ නව සිල්ලර ඇසුරුම් පරාසයේ ආහාරයට ගන්නා තෙල් සහ මාගරින් සහ බේකරි මේද නිෂ්පාදන කාණ්ඩයේ නිෂ්පාදන නිල වශයෙන් දියත් කිරීම සාඩම්බරයෙන් සිදු කරයි.Sri Lanka Latest News

පාරිභෝගිකයින්ගේ වෙනස්වන අවශ්‍යතා සපුරාලීම සඳහා සහ කලාපීය ව්‍යාප්තිය පුළුල් කිරීම සඳහා නිර්මාණය කර ඇති උසස් තත්ත්වයේ ආහාරයට ගත හැකි තෙල් සහ බේකරි මේද සමඟින් තම නිෂ්පාදන පරාසය පුළුල් කරන බැවින් මෙම දියත් කිරීම සමාගම සඳහා ඉතා වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. අලුතින් හඳුන්වා දුන් සිල්ලර ඇසුරුම් පරාසයේ ආහාරයට ගත හැකි තෙල් සහ මාගරින් සහ බේකරි මේද නිෂ්පාදන මූලික වශයෙන් ම පහසුව, ගුණාත්මකභාවය සහ පාරිභෝගික විශ්වාසය පදනම් කර ගනිමින් වැඩි දියුණු කර ඇති අතර, ගෘහස්ථ සහ ව්‍යාපාරවලට එදිනෙදා ආහාර පිසීම සහ බේකරි කටයුතු සඳහා විශ්වාසදායී අමුද්‍රව්‍ය ලබා දීම සිදු කරයි.

2014 වසරේ දී යාපනයේ දී සීමිත වගකීම් සමාගමක් ලෙස සංස්ථාගත කරන ලද වෙන්කඩේශ්වර ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රි ලිමිටඩ් සමාගම උතුරු පළාතේ පළමු සහ විශාලතම ආහාරයට ගත හැකි තෙල් නිෂ්පාදකයා බවට පත් විය. සමාගම RBD තෙල් (පාම් ඔලීන්, පොල්තෙල්, රයිස් බ්‍රෑන් තෙල්) නිෂ්පාදනය කිරීම පිළිබඳ ව විශේෂඥතාවයක් දක්වයි. සමාගම මෑතක දී මාගරින් සහ බේකරි මේද නිෂ්පාදන සහ පෑන් ලුබ්රිකන්ට්ස් ආදිය ඇතුළත් වන ලෙස සිය නිෂ්පාදන පරාසය පුළුල් කළේ ය. වෙන්කඩේශ්වර ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රි ලිමිටඩ් සමාගම සිය අලෙවිකරණ සහ විකුණුම් කාණ්ඩයට සිල්ලර හා නවීන වෙළඳාම ඇතුළත් කිරීම සඳහා එහි පවතින තොග වෙළඳපොළ පුළුල් කිරීමට සහ සමාගමේ නිෂ්පාදන ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රදේශවල ලබා ගත හැකි බව සහතික කිරීම සඳහා බෙදාහැරීමේ ජාලය වැඩිදියුණු කිරීමට සැලසුම් කරයි.

මෙම සමාගම එහි උසස් තත්ත්වයේ නිෂ්පාදන, ඉහළ නිෂ්පාදන පහසුකම් සහ ප්‍රමිතීන් සඳහා ප්‍රසිද්ධත්වයක් උසුලයි. වෙන්කඩේශ්වර් ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රි ලිමිටඩ්, යාපනය දිස්ත්‍රික්කයේ ආහාරයට ගත හැකි තෙල් නිෂ්පාදනයේ උසස් පෙරහන් කිරීමේ තාක්ෂණයේ පුරෝගාමියෙකු වන අතර නිෂ්පාදන ක්‍රියාවලියේ සෑම අදියරයක දී ම දැඩි තත්ත්ව පාලන ක්‍රියාපිළිවෙතක් අනුගමනය කරයි. තිරසර නිෂ්පාදන පිළිවෙත් සහතික කිරීමේ පහසුකම් සහිත වෙන්කඩේශ්වර් ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රි ලිමිටඩ් ISO 9001:2015, HACCP, G​MP සහ හලාල් සහතික ලත් සමාගමකි.

සමාගමේ ඉදිරි ගමන් මග පිළිබඳ එහි සභාපති බ්‍රැඩ්ලි එමර්සන් මෙසේ පැවසීය:

“අපගේ රටේ ආර්ථික ශක්තිය පෙන්නුම් කෙරෙන්නේ භූ ගෝලීය ලක්ෂණවලින් නොව රටේ ජනතාවගේ දැක්ම සහ අධිෂ්ඨානයෙන් බව වෙන්කඩේශ්වර් ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රි ලිමිටඩ් සමාගමේ ආරම්භ සහ වර්ධනය මගින් සිහිපත් කෙරේ. සුගන්තන් මහතාගේ ව්‍යවසායකත්ව ගමන මග, ධෛර්යය, ඔරොත්තු දීමේ හැකියාව සහ සියලු බාධකවලට එරෙහිව නැඟී සිටීම සම්බන්ධයෙන් කදිම නිදසුන් සපයයි. මෙම තීරණාත්මක අවස්ථාවේ දී මණ්ඩලයක් ලෙස, අපි වෙන්කඩේශ්වර් ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රි ලිමිටඩ් සමාගම සමග නැඟී සිටින්නෙමු. අප මෙම සමාගම සතු හැකියාව පිළිබඳ ව පූර්ණ විශ්වාසයෙන් පසුවන අතර වෙන්කඩේශ්වර් ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රි ලිමිඩට් සමාගම රටේ නිෂ්පාදන ක්ෂේත්‍රය නඟා සිටුවීමට පමණක් නොව රට පුරා නවෝත්පාදන සහ රැකියා අවස්ථා රැල්ලක් ජනිත කිරීමට සමත් බව අපගේ විශ්වාසය යි

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

දඹුල්ලට අතිනවීන පහසුකම්වලින් සමන්විත අංග සම්පූර්ණ රෝහලක්! වියදම බිලියන 12ක්! I Sri Lanka Latest News

Next Post

මම නම් නාමල්ට විශේෂත්වයක් කළේ නෑ! ඒක ඕගොල්ලෝ හරීන්ගෙන් අහගන්න! රනිල් ඔය පණිවුඩය මට දුන්නා නම් මම කියවනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.