වත්තල පෙගසස් රීෆ් හෝටලය විසින් ඒකාකාරී දින චර්යාවකට හුරුවූ කාර්යාලයීය සේවා කාර්ය මණ්ඩල සඳහා ක්රීඩාශීලීත්වයෙන් පිරිපුන් සදා මතකයේ රැඳෙන විනෝදාත්මක අස්වැසිල්ලක් ලබාදෙමින් ජූලි මාසයේදී Battle of the Reef සංගීතමය වෙරළ ක්රීඩා සැණකෙළිය පවත්වන බව නිවේදනය කොට ඇත. (Sri Lanka Latest News)
වත්තල පෙගසස් රීෆ් වෙරළ තීරයේදී 2024 ජූලි මස 27 වැනිදා ඇරඹෙන Battle of the Reef සංගීතමය වෙරළ ක්රීඩා සැණකෙළිය කාර්යාලයීය සේවයේ යෙදී සිටින කාර්ය මණ්ඩල සඳහාම වෙන්වූවකි. කාර්ය මණ්ඩල අතර මිත්රත්වය හා කණ්ඩායම් හැඟීම වර්ධනය වන ආකාරයෙන් සංවිධාන කෙරෙන බීච් වොලිබෝල්, ටග් රග්බි සහ කඹ ඇදීම ප්රමුඛව තවත් විනෝදාත්මක ක්රියාකාරකම් රැසකින් මෙම සැණකෙළිය සමන්විත වේ.
Battle of the Reef ක්රීඩාශීලීත්වය සංගීත රසයෙන් පුරවාලමින් ජනප්රිය කලාකරුවන් හා සංගීත කණ්ඩායම් රැසක් සහභාගි වීමට නියමිතය.
![](https://sinhala.mawratanews.lk/wp-content/uploads/2024/06/WhatsApp-Image-2024-06-15-at-11.01.45-AM.jpeg)
![](https://sinhala.mawratanews.lk/wp-content/uploads/2024/06/WhatsApp-Image-2024-06-15-at-11.01.44-AM-1.jpeg)
![](https://sinhala.mawratanews.lk/wp-content/uploads/2024/06/WhatsApp-Image-2024-06-15-at-11.01.44-AM.jpeg)
ප්රියන්ත හෙට්ටිගේ