ලොව smart උපාංග ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන OPPO සිය නවතම දුරකථන මාදිලිය වන OPPO A54 දැන් ශ්‍රී ලංකාවට හඳුන්වාදී තිබේ.
ඉතාමත් අලංකාර දුරකථන මාදිලියක් වන OPPO A54 විශිෂ්ට මට්ටමේ ඡායාරූප ලබාගත හැකිවන ආකාරයට සැලසුම් කර ඇත. එහි 3D panel සඳහා යොදා ඇති ලෝහමය නිමාව මගින් එයට වැඩි ශක්තියක් සහ නොනැමෙනසුලු බවක් එක්වී ඇති අතර, අතේ රඳවා ගැනීමද පහසු වේ. මේ නිසාම මෙය ග්‍රෑම් 192 ක් වැනි අඩු බරකින් යුක්ත වන අතර, මිලිමීටර් 8.4ක් තරම් සිහින්ය. දුරකථනයේ සමස්ත පෙනුම හා ස්වභාවයට සමගාමී වන ආකාරයට Middle Frame Process සඳහාද විශේෂ අවධානයක් යොමුකර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් XINDA Lanka (OPPO Sri Lanka) හි ප්‍රධාන විධායක නිලධාරී බොබ් ලී මහතා මෙසේ පැවසීය. “OPPO A series දුරකථන මාලාව සැලසුම් කර ඇත්තේ පාරිභෝගිකයන්ගේ ජීවන රටාවට පහසුවක් එක්වන සහ එය වැඩිදියුණු කිරීමට අත්වැලක් වන ආකාරයටයි. OPPO A54 මාදිලියත් එම අරමුණ ඇතිවම නිර්මාණය කළ මාදිලියක්.”











