ශ්‍රී ලංකාවේ ජංගම දුරකතන සන්නිවේදන සේවා සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ගේ ප්‍රියතම තේරීම වන හච්, ස්වකීය පාරිභෝගිකයින්ගේ දැනුම උරගාමින් පැවැත්වූ 26 වන “හච් දැනුමයි මිලියනයයි” ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනේ ජයග්‍රාහකයින් හට මුදල් ත්‍යාග පිරිනැමීම කොළඹ පිහිටි හච් මූලස්ථානයේ දී පසුගියදා පැවැත්විණි.
මෙහි පළමු ත්‍යාගය හිමිකර ගැනීමට මොරවක පදිංචි එම්.එස්. ගර්ටි සමන්මලී සමත්වූ අතර දෙවැනි සහ තුන්වැනි ත්‍යාග පිළිවෙළින් කොළඹ 05 පදිංචි වයි.කේ.පී.පී. සේනානායක සහ කිතුල්හිටියාව පදිංචි බී.එම්.ඒ.එස්. ශ්‍රීපාල් සමත් වූහ. ජයග්‍රහකයින්ට ත්‍යාග ලබාදීම හච් පසුගෙවුම් සමාන්‍යාධිකාරී, ඉඳුනිල් ප්‍රනාන්දු මහතා අතින් සිදුකෙරිණි.
hSenid Mobile Solutions අනුබද්ධ BeyondM, මෙම වැඩසටහන් මාලාවේ මාධ්‍ය සහ සේවා හවුල්කරු වේ. BeyondM යනු, ලොව පුරා ව්‍යාප්ත පාරිභෝගික ජාලයක් සතු මෘදුකාංග නිෂ්පාදන සහ සේවාවන් සපයන සමාගමකි. දැනුමයි මිලියනයයි යනු මාස 6 කාලපරිච්ඡේදයක් පුරා දිවෙන ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් වන අතර පාරිභෝගිකයින් හට SMS, web හෝ දැනුමයි මිලියනයයි app ඔස්සේ ඒ සඳහා සහභාගි විය හැක.











