OPPO නවතම 5G ස්මාර්ට්ෆෝන් මාදිලිය වන OPPO Find X3 Pro මාදිලියට 5G SA-Compatible eSIM ඇතුළත් වන බව OPPO අද දින නිවේදනය කළේය. මෙය ලොව ප්‍රමුඛතම eSIM සම්බන්ධතා කළමනාකරණ සමාගමක් වන Thales සමග එක්ව නිර්මාණය කර ඇත. 5G Standalone (SA) eSIM සහිතOPPO Find X3 Pro මගින් පාරිභෝගිකයන්ට 5G SA ජාල ඔස්සේ පිරිනමනු ලබන 5G අත්දැකීම විඳගැනීමට අවස්ථාව ලැබෙනු ඇති අතර, පාරිභෝගිකයන් හා ජංගම දුරකතන සේවා සම්පාදකයන් යන දෙපාර්ශ්වයටම eSIM තාක්ෂණයේ ප්‍රතිලාභ අත්විඳීමට අවස්ථාවක් ලබාදෙනු ඇත.
සාම්ප්‍රදායික සිම් කාඩ්පත් දුරකතනවලට වෙනම ඇතුළත් කළ යුතු වන නමුත් eSIM පත් දුරකතනය නිෂ්පාදනයේදීම ඇතුළත් කරනු ලබන අතර, එමගින් පාරිභෝගිකයන්ට තමන් කැමැති දුරකතන ජාලයක් තෝරාගෙන, වඩාත් ඉහළ තලයේ සම්බන්ධතා අත්දැකීමක් විඳගැනීමට අවස්ථාව හිමි වේ. Thales eSIM මේ වනවිට ජංගම දුරකතන සේවා සම්පාදකයන්ට ඩිජිටල් පරිවර්තනය වඩාත් පහසු කරමින් සිටින අතර, ස්මාර්ට් දුරකතන සහ ස්මාර්ට් අත් ඔරලෝසු වැනි පලඳනාවලට අමතරව, Connected රථවාහන සඳහා මෙන්ම Industrial Internet of Things (IIOT) සඳහාද eSIM භාවිත කළ හැකිය.
ප්‍රධාන ධාරාවට අයත් සහ අනාගතයට ගැළපෙන 5G යටිතල ව්‍යුහයක් වශයෙන්, අඩු Latency මට්ටමක් සහ ඉහළ නම්‍යශීලී බවක් සමග වඩාත් පරිපූර්ණ 5G අත්දැකීමක් ලබාදෙන 5G SA (Standalone) ජාලයන් නිර්මාණය කිරීමට ලොව පුරාම ජංගම දුරකතන සේවා සමාගම් කටයුතු කරමින් සිටී.











