ඔයිල් පාම් නැවත වගාකිරීම තහනමට ලක්කොට ඇති ලොව එකම රට ශ්‍රී ලංකාවයි.
කුඩා වතුහිමියෝ චෝදනාකරයි.
(ඒ තහනම විද්‍යාත්මක පදනමක් ඇතිව සිදුනොකල බවට විද්වතුන් චෝදනා කරයි) Sri Lanka Latest News
ඔයිල් පාම් වැනි වැඩි අස්වැන්නක් ලැබෙන,අඩු පිරිවැයක් සහිත,කම්කරු ගැටලු සඳහා පහසු විසඳුමක්වන ඔයිල් පාම් වගාව ඒ සඳහා සුදුසු ඉඩම් සඳහා ලබාදෙන ලෙස ඔයිල් පාම් (කටු පොල්)හරිත දෙරණ සංගමයේ සභාපති විජේසිංහ මහතා පසුගියදා කොළඹ මැරීනෝ බිච් හෝටලයේදී පැවති විද්වත් සංවාදයකට එක්වෙමින් පැවසීය. ” මම ජීවත් වෙන්නේ කළුතර දිස්ත්‍රික්කයේ බදුරලිය ප්‍රදේශයේ අපේ පළතේවල තේ,රබර්,වගේම කටු පොල් වගාවත් කලෙයක් තිස්සේ කරගෙන යනවා. දැන් අපිට ඇති ලොකුම ගැටලුව රබර් වලින් හරි අස්වැන්නක් ගැනීමට නොහැකි තරමට වැස්ස වැඩී.වතුවල වැඩවලට සේවකයෝනෑ.අක්කරයක් දෙකක් තියන අය කැමතී අනිත් වගාවන් සමඟ කටුපොල් ගස් කීපයකුත් වවාගන්න එසේ කළහැකිනම් අපේ ගම්වල අයගේ ආර්ථික තත්ත්වය බෙහෙවින් වෙනස් වේවි. යනුවෙන් පැවසීය.
මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවූ ඉන්දුනීසියානු ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිනී දේවි ගුස්ටිනා මහත්මිය පවසා සිටියේ වර්තමානයේ ලෝක පාම් තෙල් නිෂ්පාදනයේ මෙන්ම කර්මාන්තයේ ප්‍රමුඛයා බවට පත්වී සිටින ඉන්දුනීසියාවේද ශ්‍රී ලංකාවේ මෙන් මතවදීමය ගැටලු පැනනැගුන බවයි.ආසියානු කලාපයේ ජීවත්වන විශාල ජනගහනයට අවැසි ආහාර අවශ්‍යතාවට සරිලන භෝගයක් මෙන්ම අනාගත ලෝක ආර්ථිකයේ මුලික අවශ්‍යතාවක් වන ජෛව ඉන්දන නිපදවීමට ශක්තිය ඇති ඔයිල් පාම් වෙතින් යහපත් අස්වැන්නක් ලබාගත හැක්කේ ආසියානු,හා අප්‍රිකානු කලාපයටයි. මේ භෝගය නිසා පාරිසරික හෝ සමාජීය ගැටලු ඇතිවන බවට මත ගොඩනඟන්නේ යුරෝපයයි.ඒ පිළිබඳව නැවත සිතියයුතු වෙනවා. ඉන්දුනීසියාවේ ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් වීමට ඔයිල් ෆාම් කර්මාන්තය සුවිශේෂී සාධකයක් වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ අපගේ ප්‍රධාන ගැනුම් කරුවෙක් නමුත් අපි කැමතියි ශ්‍රී ලංකාවේ මෙහි කොටස් කරුවෙකු වනු දැකීමට.”
මෙම අවස්ථාවට සහභාගිවූ සොලිඩැරිඩැඩ් ආසියාහී කළමනාකර අධ්‍යක්ෂ ආචාර්ය ශතාදෘ චට්ටෝපාධ්‍යයි පවසා සිටියේ ගෝලීය ආර්ථිකයේ ප්‍රමුඛ අවශ්‍යතාවක් වන තෙල් සඳහා පාම් තෙල් ඉතාමත් හොඳ පිළිතුරක් බවයි. අනෙකුත් සියලුම තෙල් භෝග සමඟ සැසදීමේදී පාම් පළතුර අඩු පිරිවැයක් යොදා වැඩි අස්වැන්ක් ලබාගත හැකි භෝගයක් නිසාම පාරිසරික තත්ත්වයන් මැනවින් කළමනාකරණය කරමින් ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබාගතහැකියි.
යනුවෙනි. මෙම අවස්ථාව සඳහා පරිසරවේදීන්,ආර්ථික විද්‍යා මහාචාර්ය වරු,කෘෂිකර්මාන්තය සහ වැවිලි කර්මාන්තයට අදාලව පර්යේෂණ කළ විද්වත් මඩුල්ලක් සහභාගිවී සිටි අතර මෙම සමුළුව සොලිඩැරිඩැඩ් ආසියා ආයතනය සහ Nucleus Foundation විසින් සංවිධානය කොට තිබුණි.













