අන්තර් පාසල් ආදි සිසු රග්බි ක්‍රීඩකයන්ගේ ‘ඊගල්ස් රග්බි සෙවන්ස්’ (Eagles’ Rugby Sevens) රග්බි ක්‍රීඩා තරගාවලිය මෙම මැයි මස 31 වැනි සෙනසුරාදා කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගනයේදී උත්සවාකාරයෙන් පැවැත්වෙයි. මෙම තරගාවලිය සංවිධාන කරනු ලබන්නේ ‘ආදි අන්තෝනි රග්බි පාපන්දු සමාජය’ (Old Antonian Rugby Football Club) විසින් වන අතර, එහි ප්‍රධාන අනුග්‍රාහකත්වය දරන්නේ ‘ජනතා ස්ටීල්ස්’ සමාගම විසිනි. මැයි 31 වැනිදා උදෑසන සිට දවස පුරාම පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා රග්බි ආදි සිසු කණ්ඩායම් 13ක් සහභාගි වෙති. Sri Lanka Latest News
ඩී.එස්. සේනානායක, ශාන්ත අන්තෝනි, ඉසිපතන, මහානාම, කිංග්ස්වුඩ්, රෝයල්, ශාන්ත බෙනඩික්ට්, ශාන්ත ජෝෂප්, ශාන්ත පීටර්, ශාන්ත තෝමස්, විද්‍යාර්ථ, වෙස්ලි සහ සහිරා යන පාසල්වල ආදි සිසු රග්බි ක්‍රීඩා කණ්ඩායම් මෙලෙස සහභාගි වෙයි. මේ අතර තරගාවලිය අවසානයේ කැන්ඩි ලෙජන්ඩ්ස් සහ කලම්බෝ ලෙජන්ඩ්ස් ක්‍රීඩා කණ්ඩායම් සහභෘගි වන ප්‍රදර්ශන රග්බි තරගයක්ද පැවැත්වෙයි.



ප්‍රියන්ත හෙට්ටිගේ











