• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

බ්‍රෑන්ඩ් නිව් බජාජ් පල්සර් N160 මෝටර් සයිකලය ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි එළිදක්වයි! PHOTOS I Sri Lanka Latest News

December 9, 2024
in Business
Reading Time: 8 mins read
A A
බ්‍රෑන්ඩ් නිව් බජාජ් පල්සර් N160 මෝටර් සයිකලය ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි එළිදක්වයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දේශීයව අගය එකතු කරමින් මෙරටදීම නිපදවන තුන්වන මෝටර් සයිකල් මාදිළිය ලෙස බජාජ් පල්සර් N160 මෝටර් සයිකලය ශ්‍රී ලංකාවේ වෙළෙද පොළට හදුන්වාදුන් බව ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ලංකා) ලිමිටඩ් පසුගියදා නිවේදනය කළේය. 2020 වසරේදී පනවන ලද ආනයන සීමා තවමත් ඉවත් කර නොමැති තත්ත්වයක් තුළ දේශීයව නිපදවූ උපාංග යොදා ගනිමින් ශ්‍රී ලංකාවේදීම නිෂ්පාදනය කළ පළමු sports කාණ්ඩයේ මෝටර් සයිකලය ලෙස පල්සර් N160 වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරයි. දේශීයව අගය එකතු කළ වැඩහටහන යටතේ මෙරටදීම වාහන නිපදවීමට සම්මත මෙහෙයුම් පටිපාටියක් හදුන්වාදීම සම්බන්ධයෙන් ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි කර්මාන්ත අමාත්‍යංශයට තම කෘතඥතාවද පුද කර සිටියේය. (Sri Lanka Latest News)

දේශීයව අගය එකතු කළ වැඩසටහන යටතේ මෝටර් සයිකල් නිෂ්පාදනය කිරීමේ ප්‍රමුඛයා බවට පත්වෙමින් ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි මීට පෙර බජාජ් CT100 සහ ඩිස්කවර් 125 මෝටර් සයිකල් එම වැඩසටහන යටතේ මෙරටට හදුන්වාදී ඇත. මේ යටතේ මෙරටදීම මෝටර් සයිකල් නිෂ්පාදනය කිරීම හරහා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි තත්ත්වයෙන් උසස් බ්‍රෑන්ඩ් නිව් මෝටර් සයිකල් මෙරට පාරිභෝගිකයින් වෙත හදුන්වාදීම පමණක් නොව දේශීය කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන්ද තම දායකත්වය සපයා ඇත.

රෝද දෙකේම තිරිංග ක්‍රියාකාරිත්වය පාලනය කරමින් ක්‍රියාත්මක වන ද්විත්ව චැනල ABS බ්‍රේක් පද්ධතිය, BI ක්‍රියාකාරී අති නවීනතම LED හෙඩ්ලයිට් මෙන්ම නවීනතම හැඩය මෙරට sports කාණ්ඩයේ මෝටර් සයිකල් ප්‍රිය කරන්නන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් වනු ඇත.

බත්තරමුල්ලේ පිහිටි ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රධාන කාර්යාලයේ පැවති ප්‍රධාන උත්සවයට සමගාමීව දිවයින පුරා පිහිටි ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රාදේශීය කාර්යාල 07ක් තුළ පල්සර් N160 මෝටර් සයිකලය මෙරටට හදුන්වාදීම සිදු කෙරුණි. ඒ අනුව පල්සර් N160 මෝටර් සයිකලය මෙරටට හදුන්වාදීමත් සමගම දිවයිනේ සෑම ප්‍රදේශයකම ජනතාවට පහසුවෙන් නව මෝටර් සයිකලයේ අත්දැකීම ලබා ගැනීමේ මෙන්ම මිලදී ගැනීමේ අවස්ථාව ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි විසින් තහවුරු කර ඇත.

මේ වන විට පල්සර් N160 මෝටර් සයිකලය සදහා දේශීයව නිපදවන උපාංග 26ක් සදහා දේශීය නිෂ්පාදකයින් 07 දෙනෙකු දායක වන අතර CT100 සහ ඩිස්කවර් 125 මෝටර් සයිකල් සදහා පිළිවෙළින් උපාංග 34ක් සහ 26ක් මෙරටදීම එම නිෂ්පාදකයින් විසින් නිපදවනු ලබයි. ඉන්දියාවේ බජාජ් ඔටෝ ලිමිටඩ්හි අනුමත ප්‍රමිතියට අනුව දේශීයව උපාංග නිෂ්පාදනය කෙරෙන අතර ඒ හරහා මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ජාත්‍යන්තර තාක්ෂණික දැනුම තිළිණ කිරීමද සිදුවේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි සාමාන්‍යාධිකාරී (වාහන විකුණුම්) ලක්මාල් ද සිල්වා මහතා මෙසේ පැවසුවේය. “දේශීයව අගය එකතු කළ වැඩසටහන යටතේ මේ වන විට මෙරටදීම අපි මෝටර් සයිකල් 40,000කට අධික සංඛ්‍යාවක් නිෂ්පාදනය කර තිබෙනවා. පල්සර් N160 එය නොකඩවා ඉදිරියට ගෙන යාමට සමත් වන අතර ශ්‍රී ලංකාවේ මෝටර් සයිකල් හිතකාමීන් විසින් එය සාඩම්බරයෙන් වැළද ගනු ඇතැයි අපි විශ්වාස කරනවා.”

දේශීය ආර්ථිකය ඉහළ නැංවීමට දායකත්වය සපයමින් දේශීය කර්මාන්තකරුවන්ට අත්වැලක් වෙමින් නව්‍යකරණය මුසුවූ උසස් ප්‍රමිතියෙන් යුතු මෝටර් සයිකල් මෙරට පාරිභෝගිකයින්ට තිළිණ කිරීමේ ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි විසින් දක්වන කැපවීම සහ මැදිහත්වීම මෙමගින් මනාව පිළිබිඹු කරයි.

දිවයින පුරා විහිදුණු 1,500කට අධික වූ සේල්ස්, අමතර කොටස් හා උපාංග සහ සේවා ඩීලර්වරුන් හරහා කිසිවෙකුට සමකළ නොහැකි අලෙවියෙන් පසු සේවාවක් ලබාදීමට ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි කටයුතු කරයි. දශකයක ආසන්න කාලයක් මුලුල්ලේ පල්සර් සමාජය තුළ කටයුතු කරන සාමාජිකයින් පිළිබදව සැලකූ විට පල්සර් මෝටර් සයිකල්වලට මෙරට ජනතාවගේ ඇති ආකර්ෂණය සහ කැමැත්ත මනාව පිළිබිඹු වනු ඇත.

0114700600 ඇමතීමෙන් හෝ www.dpmco.com වෙත පිවිසීමෙන් පල්සර් N160 පිළිබදව වැඩි විස්තර ලබාගත හැකිය.

මාධ්‍ය විමසීම්: දසුන් එදිරිසිංහ (0777587839)

SendShareShare
Previous Post

‘රුපියල් කෝටි 72ක් විනාශ කළා!’ මහදවල් කරපු තවත් මහා මංකොල්ලයක්! රනිල්ට අපරාධ චෝදනා! ආණ්ඩුව මේ ගැන කිසිම දෙයක් නොකර ඉද්දී ඩලස් නඩු දාන්න ලෑස්ති වෙයි! I Sri Lanka Latest News

Next Post

නීතිවිරෝධී කතාවක්! ලාල්කාන්තගේ ‘රිලා’ කතාවට එරෙහිව තවත් ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.