ජාතික ලොතරැයි මණ්ඩලය මගින් අලෙවි කරනු ලබන සම්පත ලග්න වාසනා ලොතරැයියේ සුපිරි ත්‍යාගයට අමතරව ලබාදෙන මෝටර් රථ, ජයග්‍රාහකයන් වෙත ලබාදීම සඳහා අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගම විසින් එම රථ ජාතික ලොතරැයි මණ්ඩලය වෙත පසුගියදා භාරදෙනු ලැබීය.
ඒ අනුව සම්පත ලග්න වාසනා ලොතරැයියේ මුල් අදියරේ ජයග්‍රාහකයන් වෙත ලබාදීමට නියමිත රුපියල් ලක්‍ෂ 35ක් පමණ වටිනා Mahindra KUV100 NXT මෝටර් රථ ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේදී එහි සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතා වෙත අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මාලක වේහැල්ල මහතා විසින් නිල වශයෙන් භාරදෙන ලදී.
ඉන්දියාවේ මහින්ද්‍රා ඇන්ඩ් මහින්ද්‍රා සමාගමේ පූර්ණ දායකත්වයෙන් අයිඩියල් ව්‍යාපාර සමූහය එක්ව ආරම්භ කරන ලද මහින්ද්‍රා අයිඩියල් ලංකා සමාගම 2019 වර්ෂයේදී කළුතර දිස්ත්‍රික්කයේ වැලිපැන්න ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් Mahindra KUV100 NXT මෝටර් රථය දේශීය කොටස්ද එකතු කරමින් මෙරට මෝටර් රථ එකලස් කිරීම ආරම්භ කරන ලදී.











