ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළලේදී බේස්බෝල් තරග සඳහා භාවිත කරන පන්දුව ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයක් බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර සිටී.
මේ සඳහා සුජීව විජේනායක මැදිහත්වූ බවද අමාත්‍ය නාමල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කර ඇත.
“ඇඟලුම් නිර්මාණ වලට වගේම ක්‍රීඩා ඇඟලුම් නිෂ්පාදනයේ ද ලෝක පරිමාණයේ, ඉහළ නමක් දිනා සිටින අපේ රටට ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදනයේද ලෝක වෙළෙඳපළක් දිනාගැනීමට හැකිවීම අපගේ ක්‍රීඩා ආර්ථිකයේ තවත් ඉදිරි පිම්මක් ලෙස සැළකිය හැකියි. එමෙන්ම මෙමගින් අපේ රටේ ක්‍රීඩා ආර්ථිකය නංවාලීමට ද විශාල දායකත්වයක් ලබාදෙනවා.” යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කර ඇත.
එම සටහන මෙසේය.
#LKA is renown for its manufacturing capabilities in the sports apparel & garment industry now another first toward our sporting economy!The official baseball ⚾️ used at the #Tokyo2020 games is exclusively #MadeinSriLanka 🇱🇰! Thank you🙏🏽 SJ Wijenayake for driving it fwd! #ජයගමු🇱🇰 pic.twitter.com/CmI4Vb27av
— Namal Rajapaksa (@RajapaksaNamal) July 27, 2021










