වාර්ෂිකව ශ්‍රී ලංකාවේදී පවත්වනු ලබන 2025 SLADA Racing මෝටර් රථ ශූරතාවලිය දියත් කිරීම පසුගියදා නිල වශයෙන් කොළඹදී සිදුකරන ලදී. Sri Lanka Latest News
මෙම ‘ස්ලාඩාර් රේසින්’ තරගාවලිය Asian Paints Causeway (ඒෂියන් පේන්ට්ස් කෝස්වේ) සමාගමේ ප්‍රධාන අනුග්‍රහයෙන් පැවැත්වෙයි. පසුගිය කොවිඩි වසංගතය සහ ආර්ථික අර්බුද සමයේදී වසර 04ක් පුරා මෙම තරගාවලිය පැවැත්වීම සිදුනොකෙරිණි. එහෙත් මෙවර මෙම ශූරතාවලිය ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර කාණ්ඩ හතරක තරගාවලීන් හතරක් ලෙසට එය සංවිධාන කෙරෙයි. තවද මෙම තරගාවලීන් මෝටර් රථ සහ මෝටර් බයිසිකල් ශූරතාවලීන් ලෙසද වෙන වෙනම පැවැත්වෙනු ඇත. මෙය සාර්ථක කරගැනීම සඳහා SLADA Racing සංවිධානයට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ ශ්‍රී ලංකා යුද හමුදාවේද සහාය ලැබෙනු ඇත. මෙම අගෝස්තු 16දා ඇරැඹෙන තරගාවලිය ශූරතාවලීන් හතරක් යටතේ ලබන නොවැම්බර් 02 දක්වා පැවැත්වෙන අතර, අවසාන සම්මාන රාත්‍රිය 2025 දෙසැම්බර් 12දා පැවැත්වෙයි. ඉහත තරගාවලිීන් හතර සහ දින වකවානු මෙසේ ප්‍රකාශට පත්කෙරී ඇත.





ප්‍රියන්ත හෙට්ටිගේ











