කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට මෙම අවුරුදු සමයේ සාප්පු සවාරියේ යෙදීමේදී ඉහළ ප්‍රතිලාභයක් ලබාදෙමින් දිවයින පුරා විහිදුණු වෙළෙඳසැල් 2000කට වැඩි සංඛ්‍යාවකදී 50%ක් දක්වා වට්ටම් ලබාගැනීමේ අවස්ථාව සහ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට පහසුගෙවීමේ ක්‍රම මත භාණ්ඩ මිලදීගැනීමේ අවස්ථාව ලබාදී තිබේ.
කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් භාවිතා කරමින් 2021 අප්‍රේල් මාසය අවසන් වනතුරු මෙම වට්ටම් පිරිනමන බවත් එම වට්ටම් නිශ්චිත දිනයන් හෝ කාල සීමාවක් තුළ ලබාදෙන බව බැංකුව සඳහන් කරයි. මේ අතර, මාස 03ක සිට 60ක් දක්වා පියවීමේ පහසුකම් සහිත විශේෂ පහසු ගෙවීමේ සැලසුම් මෙම ප්‍රවර්ධන වැඩසටහන සඳහා ලියාපදිංචි වූ දිවයින පුරා විහිදුණු වෙළෙඳසැල් 2000 කට වැඩි ප්‍රමාණයකින් ක්‍රෙඩිට් කාඩ්පත් මගින් මිලදී ගැනීම් කිරීමේදී ලබාගත හැකිවේ. මෙම පහසුගෙවීමේ සැලසුම් වෙළෙඳුන්ගෙන් වෙළෙඳුන්ට වෙනස් වන අතර ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු බැංකුවේ www.combank.lk අඩවියෙන් දැනගත හැකිය.











