ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ ජනප්‍රිය රියැලිටි සිහින තාරකා යුගලය වන ෆැලන් ඇන්ඩි්‍රයා සහ නුවන්ධිකා සේනාරත්න තම සන්නාම තානාපතිනියන් ලෙස පත්කිරීමට, ජාතික දුරකථන ජාලය වන SLT-Mobitel පසුගියදා පියවර ගත්තේය.
ෆැලන් සහ නුවන්ධිකාගේ සංයෝගයෙන් මෙරට තරුණ පරපුර SLT-Mobitel සන්නාමය හා හොඳින් සම්බන්ධ කරගැනීමට අවස්ථාවක් උදා වන බව සමාගමේ විශ්වාසයයි. ඔවුන් දෙදෙනාම මෙරට ජනප්‍රිය රියැලිටි TV ගායන තරගයකින් ඉදිරියට පැමිණි තාරකාවන් දෙපළකි. එහිදී ෆැලන් එම ගායන කිරුළටත්, නුවන්ධිකා එහි අනුශූරතාවටත් හිමිකම් කීහ. සිය ගායන හැකියාව හා සොඳුරු පෞරුෂය හේතුවෙන් ඔවුන් දෙදෙනාම තම තමන්ගේ රසික ප්‍රජාව අතර මහත් ජනප්‍රියත්වයක් සහ ආදරයක් දිනා ගැනීමට සමත්ව සිටී.
මෙරට තොරතුරු සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය ඉහළට ඔසවා තැබීම අරමුණු කරගනිමින් SLT-Mobitel ලෙස එක්ව නව ගමනක් ආරම්භ කර ඇති මේ මොහොතේදී, සමාගම් සමූහයේ සන්නාම තානාපතිනියන් ලෙස ෆැලන් සහ නුවන්ධිකා ඉතා හොඳින් ගැළපෙන අතර SLT-MOBITEL සන්නාමය තවදුරටත් ජනතා හදවත්වලට සමීප කරවීමට ද ඔවුන්ට හැකිවනු ඇතැයි අපේක්ෂිතය. විශේෂයෙන්ම ෆැලන් සහ නුවන්ධිකා දෙදෙනාම තම තමන්ගේ අරමුණු කරා සාර්ථකව ළඟා වූ ශක්තිමත් තරුණ යුවතියන් දෙදෙනෙකු ලෙස ඔවුනොවුන්ගේ තරුණ රසික ප්‍රජාවට ආදර්ශයක්ද වී තිබේ. ඉදිරියේදී SLT-MOBITEL හඳුන්වා දෙන විවිධ ක්‍රියාකාරකම් සමඟ ජනතාවට වඩාත් සමීපව කටයුතු කිරීමට ෆැලන් සහ නුවන්ධිකා කටයුතු කරනු ඇත.