ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බිස්කට් නිෂ්පාදකයා වන මැලිබන් බිස්කට්ස් සමාගම, දැනට පවතින කොවිඩ්-19 වසංගත රෝග ව්‍යාප්ති තත්ත්වය හමුවේ පවා ශක්තිමත්ව නැගී සිටිමින්, පාරිභෝගිකයන් වෙත නොකඩවා තම නිෂ්පාදන සැපයීමට සමත් විය. මේ ආකාරයට සෞඛ්‍ය හා සුරක්ෂිතතාව පිළිබඳ මාර්ගෝපදේශ දැඩිව පිළිපදිමින් කටයුතු කිරීම නිසා සමාගම පසුගිය වර්ෂයේදී කැපීපෙනෙන වර්ධනයක් අත්පත් කරගැනීමටද සමත් වී තිබේ.
පසුගිය වසරේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් මැලිබන් සමාගම වෙත COVID-19 සුරක්ෂිතතා කළමනාකරණ පද්ධති සහතිකකරණය (COVID-19 Safety Management System certification) ලබාදෙන ලදී. එම සහතිකකරණය ආහාර නිෂ්පාදන සමාගමක් වෙත හිමිවූ ප්‍රථම අවස්ථාව එයයි. ආයතන පරිශ්‍රය, එහි කාර්ය මණ්ඩලය, පාරිභෝගිකයන් සහ අනෙකුත් හවුල්කරුවන් ඇතුළු සියලුමදෙනාගේ ආරක්ෂාවට අතිශයින් වැදගත් වන ආකාරයට, ඉතාමත් විධිමත්ව සැලසුම් කර ක්‍රියාත්මක කරන ලද කොවිඩ්-19 සුරක්ෂිතතා කළමනාකරණ පද්ධතියක් පැවතීම වෙනුවෙන් මෙම සහතිකකරණය පිරිනැමේ.











