• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

රට ගිහින් ගොඩයන වාසනාවන්තයෝ මෙන්න

August 8, 2020
in Astrology
Reading Time: 1 min read
A A
රට ගිහින් ගොඩයන වාසනාවන්තයෝ මෙන්න
Share on WhatsAppShare on Facebook

වර්තමාන ජන සමාජයේ මිනිසා දැඩි කාර්යබහුලත්වයට පත්ව ඇත. ජීවත්වීම සඳහා ප්‍රබල අරගලයක නිරත වීමට මිනිසාට සිදුවෙමින් පවතී. ඒ සඳහා කෙනෙක් තමන් උපන් භූමියේ රැකීරක්ෂාවල නිරත වෙයි. තව කෙනෙක් රැකී රක්ෂා සඳහා විදේශගත වීමද දැකිය හැකිය. කෙනෙකුට තමන් උපන් මව් බිමේ කරනා රැකී රක්ෂාව ඉතා දියුණුවට පත්වන අතර තවත් කෙනෙකුට මෙරටින් පිටව විදේශයකදී කරන රැකියාව වඩාත් දියුණුවට පත් වීමද අපට දැකිය හැකිය. අධ්‍යාපනයට, විනෝද ගමන් සඳහා හෝ වන්දනා ගමන් සඳහාද කෙනෙකුට විදේශ ගතවීමේ අවස්ථා උදාවේ. මේ ආකාරයට අද ලෝකයේ සෑම රටකම මිනිසුන් විදෙස් සංචාර සිදුකරයි. එය රැකියා, අධ්‍යාපන, ගවේෂණ, විනෝද සංචාර වෛද්‍ය ප්‍රතිකාර ලැබීම් ආදී බොහෝ කරුණු මුල් කර ගෙන මෙලෙස විදෙස් සංචාර සිදු කරයි.

කෙසේ වෙතත් කුමන කරුණක් සඳහා ඡන්මියෙකු විදෙස් ගත වුවත් ඔහුගේ හෝ ඇයගේ කේන්ද්‍රයේ විදෙස් සංචාර ගත කිරීමට රුකුලක් දෙන ග්‍රහ යෝග අනිවාර්යයෙන්ම තිබිය යුතුය. ඒ සඳහා විදෙස් ගත වීමේ ප්‍රධානම රාශිය 12 වැන්නයි. ඊට අමතරව කේන්ද්‍රයේ 07, 09, 10, යන ස්ථානයන්ද විදෙස් ගත වීමට බලපානු ඇත. 5 වන රාශිය හැර සෙසු සියලු රාශි විශ්ලේෂණය කළ යුතුය. කේන්ද්‍රයෙ 1 වැන්න මාතෘභූමියද කේන්ද්‍රයෙ 4 වැන්න තමා ජීවත්වන භූමියද පෙන්නුම් කරයි. පළමු වැන්නත් හත් වැන්නත් දස වැන්නෙත් තැම්පත් ග්‍රහ දෘෂ්ටිය අනුව ලබන ග්‍රහ බලපෑම් අනුව යමෙකුට උපන් රටෙන් පිටව යා හැකිය.

මේ අතර තුන්වන රාශියද කෙටි ගමන් පෙන්වයි. 9 වැන්න පෙන්වන්නේ දීර්ඝ ගමන්ය. එම ස්ථානය මේෂ, කටක, තුලා, මකර රාශියක් වී විදෙස් ගත වීම් සඳහා හිත යොමු කරවන මූලික අඩිතාලම වනු ඇත. වෘෂභ, කන්‍යා, මකර, වැනි පෘථිවි රාශියක් නම් පොළොව මත ගමන් කරන වාහනවලින්ද මිතුන, කන්‍යා, තුලා යන වායෝ රාශියක් නම් ගුවන් යානාවලින්ද වෘශ්චික, හා මීන නම් දියේ ගෙන යන නැව් බෝටිටු මගින්ද සංචාරයේ යෙදෙන බව කිව යුතුය. නමුත් අනෙක් බලපෑම් මත මේවා තරමක් වෙනස් විය හැක. ග්‍රහයන් අනුව රවි, සඳු, බුධ හා සිකුරු චර ග්‍රහයෝ වන අතර ගුරු, කුජ හා ශනි තිර ග්‍රහයෝ වෙයි.

යමෙකුගේ කේන්දරයේ ලග්නාධිපතියා 7 වැන්නේ තැම්පත්ව සිටීම නම් ඔහු හෝ ඇයට මෙම ජන්ම භූමියෙන් පිටත දේශයක වාසය කිරීමට සිදු වේ. තවද චර රාශියක් ලග්නය වී හෝ ලග්නාධිපතියා චර රාශියක සිට වෙනත් චර රාශියක දෘෂ්ටියට හසු වී නම් ඡන්මියා විදේශයක වාසය කිරීමට සලස්වනු ලබන ග්‍රහ බලයකි. ඉතා සාර්ථක විදෙස් ගත වීමක් සිදු වීමට ලග්නය චර රාශියක් වීමත් ලග්නාධිපතියා රවි සඳු බුධ හෝ සිකුරු යන චර රාශියක් වීම අත්‍යාවශ්‍ය වෙයි. මෙවන් ප්‍රබලතම යෝගයක් නොතිබුණද විදේශ ගත වීමට හැකි වෙනත් යෝග තවත් බොහෝ ගණනක් ජ්‍යොතිෂයේ සඳහන් වෙයි.

කේන්ද්‍රයේ 4 වැන්නාධිපතියා සුබ ස්ථානයක ගුරු හා යෝගව හෝ ලග්නාධිපතියාගේ දෘෂ්ටියට හසු වී හෝ එම පිහිටීම සමග 2 වැන්න බලවත් වීම යම් ඡන්ම පත්‍රයක දක්නට ලැබෙයි නම් එම ඡන්මියා විදෙස් ගතව මුළු ජීවිත කාලයම ගත කරනු ලබයි. කුජ 4 වැන්නේ සිටි ජන්ම පත්‍ර හිමියා වෙනත් දේශයක වාසය කරයි. ගෘහ ජීවිතයේ මුල් කාලය ඉතා ප්‍රීතිමත් වෙයි. 6 අධිපතියා 2 වැන්න හෝ 10 වැන්නේ සිටීමද විදෙස් ගමන් සඳහා හිතකර යෝගයකි.

චර ග්‍රහයන් වේගවත් වුවද තිර ග්‍රහයන්ගේ ගමන් මන්දගාමී වෙයි. ගමන් බිමන්වලට විශේෂයෙන් බලපාන්නේ චර ග්‍රහයන්ය. ගුරු ග්‍රහයාගේද ප්‍රබල බලය විදෙස් ගමන් කෙරෙහි බලපානු ලබයි. නිතර විදේශ ගත වන ජන්මීන්ගේ කේන්ද්‍රයන් පරීක්‍ෂාවට ලක්කළ විට දැන ගත හැකි වන්නේ ඔවුන්ගේ කේනදරවල ගුරු බලවත් වීම හෝ ධනු ලග්න හිමියන් වීම බොහෝ විට දැකිය හැකිය.

6 අධිපති 2 වැන්නේ සිට 8 වැන්න දකින්නේ නම් හෝ රාහු 6/8/11/12 ස්ථානය සිටින විට නිතර විදෙස් ගමන් යෙදීමට හේතු වෙයි. 7 වැන්නේ රවි උච්චව සිටීමද ප්‍රබල වූ විදෙස් ගත යෝගයකි. තුලා ලග්නය වී රවි මේෂයේ බලවත්ව සිටීමද විදෙස් රැකියා සඳහා ප්‍රබල යෝගයක් වනු ඇත.
ලග්නාධිපතියා 7 වැන්නේ සිටීම එක් දිනකට හෝ විදෙස් ගත වීමට සිදුවන පිහිටීමකි. 3 වැනි භාවයද විදෙස් ගත වීම් පෙන්නුම් කරයි. රාහු 3 වැන්නේ සිටීම විදේශ ගමන් සඳහා මග පාදයි. තෙවැන්න කටකය හෝ මීන වී එහි සඳු සිටීමෙන් නියත වශයෙන් විදෙස් වන්දනා ගමන් සඳහා අවස්ථා හිමිවෙයි.

රවි නීචව 8 වැන්නේ සිටීමද අවිවේකී ගමන් සඳහා යොමු කරවන පිහිටීමකි. ගුරු 8 වැන්නේ පිහිටීමෙන් නිතර වන්දනා ගමන්වල යොදවයි. ශනි 8 වැන්නේ නම් ඈත ගමන්වල යෙදීමට හැකි වෙයි. 9 වැන්නේ සිකුරු පිහිටීමද වන්දනා ගමන් සඳහා සුබදායී වනු ඇත. 10 වැන්න අධිපති 1/4/7/12 හෝ 5/9 යන ස්ථානයක සිටීනම් ප්‍රීතිමත් විදේශ සංචාරයක යෙදෙන බවත් 10 වැන්න අධිපති දෘෂ්ට ස්ථානයක සිටි විට විදේශ ගමන් සඳහා අසුබ දේත් සිදුවන බව දැනගත යුතුය.
කෙන්ද්‍රයේ 7 වැන්නාධිපති සිටින්නේ 12 වැන්නේ නම් එම ජන්මියා විවාහයෙන් පසු විදේශ ගතවේ. තම සැමියා හෝ බිරිඳ සමග හෝ නැතිනම් තමා පමණක්ම හෝ විදේශ ගත වනු ඇත. නැතිනම් තමාට ලැබෙන සහකරු හෝ සහකාරිය විදේශයක පදිංචි අයෙකු වීමට බොහෝ දුරට ඉඩ තිබේ. කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම් මෙන්ම නවාංශකයේ ග්‍රහ පිහිටීම් දෙසද අවධානය යොමු කිරීම තුළින් විදේශගත වීම පිළිබඳව සාර්ථක පිළිතුරක් අපට ලබා ගත හැකිය.

ඉහත දැක්වූ ග්‍රහ බල තත්ත්ව හා යෝග ඔබගේ කේන්ද්‍රයෙත් පිහිටා තිබේදැයි අවධානය යොමු කිරීම තුළින් ඔබටත් විදේශ ගතවීමේ වාසනාව උදා කර ගත හැකිය.
ජ්‍යොතිෂවේදී බණ්ඩාරගම සම්පත් එස්. කල්පගේ

SendShareShare
Previous Post

ප්‍රයිම් සමූහයේ The Beach Front – I උස්වැටකෙයියාව පාරිභෝගිකයන් අතට

Next Post

පෑන් ඒෂියා බැංකුව Infosys FInacle වෙතින් ඇගයුමට ලක්වේ

MORE NEWS

පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News
Astrology

පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! Sri Lanka Latest News

සතුරු කරදරද – මානසික පීඩාද – අපහාස උපහාසද – රැකියාවේ ප්‍රතිඵල නැද්ද – ලෙඩ රෝගද – අපල උපද්‍රවද ? විස්මිත සෙත්කවියක හාස්කම විඳින්න සූදානම් වෙන්න…! Sri Lanka Latest News
Astrology

සතුරු කරදරද – මානසික පීඩාද – අපහාස උපහාසද – රැකියාවේ ප්‍රතිඵල නැද්ද – ලෙඩ රෝගද – අපල උපද්‍රවද ? විස්මිත සෙත්කවියක හාස්කම විඳින්න සූදානම් වෙන්න…! Sri Lanka Latest News

ඔබත් විෂ කන්‍යාවක්ද?
Astrology

සල්ලි එන පාරවල් එක පිට එක වැහෙන ඊසාන දිග…! මෙන්න කඩන්නේ නැතුව ගොඩයන සරල පිළියම්…! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

කෝටියක් දෝෂ භංග කරන සුරගුරු! ඔබේ කේන්ද්‍රයේ ගුරු බලපෑම මෙන්න…! Sri Lanka Latest News
Astrology

කෝටියක් දෝෂ භංග කරන සුරගුරු! ඔබේ කේන්ද්‍රයේ ගුරු බලපෑම මෙන්න…! Sri Lanka Latest News

Load More
ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News

සමගි වනිතා බලවේගයේ ප්‍රථම බල මණ්ඩලය ඊයේ (14) දින ආනමඩුව ආසනයේදී අති සාර්ථක ලෙස පැවැත්වුනා. Sri Lanka Latest News මේ...

Read more
කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)

අද කෝච්චියේ කාල සටහන දිහා බලන්න එපා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

යුද්ධය ඉවරයි! ඓතිහාසික ඉරාන-අමෙරිකා සාම ගිවිසුම ලබන සිකුරාදා ජිනීවාවලදී අත්සන් කරනවා! I Sri Lanka Latest News

අවුරුදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News

අවුරුදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.