• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුළු රටම තැතිගැන්වූ අම්මා කෙනෙකුගේ මහා ඛේදවාචකයක්…

January 9, 2023
in Exclusive, News
Reading Time: 7 mins read
A A
මුළු රටම තැතිගැන්වූ අම්මා කෙනෙකුගේ මහා ඛේදවාචකයක්…
Share on WhatsAppShare on Facebook

සමස්තයක් විදියට ගත්තම මරණය කියන අකුරු හතරට බොහෝ මිනිසුන් තිගැස්සෙයි. මරණය ගැන කතාකරන එකත් බොහෝ දෙනකු දකින්නේ මූසල හැඟීමක් ලෙසය. රංගනය කියන විෂය ගත්තහමද තම චරිතය මරාදමන හෝ මැරෙන සිදුවීම් ඇති නිර්මාණවලදී පෙට්ටියක නිදාගන්න තියා ෆොටෝ එකට මල් මාලයක් දාන එකටවත් හුඟක් නළු නිළියෝ මනාප නැත. සාමාන්‍ය මිනිස්සු වුවද කනත්තක් ළඟින් යන විට එහි වැතිර ඉන්න සොහොන් කොත් දිහා සවස හයෙන් පස්සේ ඇස් උස්සා බලන්නට පවා තරමක බියක් දක්වති. එහෙම බලන විට ඔය හැම දේකින්ම වාගේ කියැවෙන්නේ මරණයට මුහුණ දීමට මෙලොව උපන් බොහොමයක් වූ මනුස්සයන් හරිම බයයි කියලාය.

එහි පුදුම වන්නට දෙයක් නැත. පදික වේදිකාවක වුවද සුපිරි නිවාසයක වුවද පණ අදින මහලු වූවන්ද තව එක දවසක් හෝ ජීවත් වීමට හීන දකින්නේ මරණයට මිනිසුන් ලෙස උපන් සත්ව ජාතිය දක්වන අකැප බව නිසාය.

හැබැයි, සමස්තයක්ව ගත්ත ඒ සිතුවිල්ලට පටහැනි මිනිස්සුද ලොව වෙසෙති. ඔවුන් මරණයට බය නැත. බොහෝ දෙනකු තිගැස්මෙන් ඉවත බලාගන්නා මරණය කියන අකුරු හතර මේ කියන මිනිසුන් වුවමනාවෙන්ම බදා වැලඳගනියි.

ඒ කියන්නේ ඔවුන් මරණයට සිනාසෙමින් එය සතුටින් වැලඳ ගන්නා බවද? නැහැ. මරණය සමග ගිවිසුම් ගසන්නට එතැනදී දැනෙන සතුට මොකක්ද? මරණය කියන කළුවර අකුරු කිහිපය සමග ඔවුන් සිය ගනුදෙනුව නිම කරන්නේ මහා අසරණකමකිනි. වෙනත් යමක් කරන්නට ඉතිරිව නැති නිසාවෙනි. ගත යුතු වෙනත් පියවරක් නොපෙනෙන අසරණ සිතුවිල්ල නිසාවෙනි.

පසුගිය දවසක මීරිගම දෙදරු අම්මාටද දැනුණේ එවැනි අසරණකමක් වන්නට ඇත. අවුරුදු 08ක් වයසැති දුවටත්, 05ක් වයසැති පුතු පැටියාටත් වස පොවා අම්මාද වස බිව්වේ ජීවිතයට මුහුණ දෙන්න බැරි මහා අසරණකමක් තදින්ම දැනුණු නිසා නොවන්නේ යැයි නොසිතෙන්නේ කාටද?

‘දරුවන්ට මොකට වහ පෙව්වද? එයාට වහ ටික බීලා මැරෙන්න තිබුණනේ?’

පුවත කියවූ බොහෝ දෙනා දරුවන්ට වස පෙවූ අම්මාට එහෙම දෙස් දෙවොල් තැබූහ. ඒ කතාවත් හිතා බලනකොට ඇත්තය. දරුවන්ට රහසේ ගේ පිළිකන්න පැත්තට ගිහින් අම්මාට වහ ටික බොන්නට තිබුණා නොවේද? ඇත්තෙන්ම ඇය එහෙම කළේ නැත්තේ ඇයි?

එහෙම නොකළේ තමන් පමණක් මේ පීඩාකාරී ජීවිතයෙන් පලායෑම දරු දෙදෙනාට කරන ද්‍රෝහිකමකැයි ඇයට සිතුණු නිසා වන්නට බැරිද? දරු දෙදෙනා නැති බැරිකමින් පීඩා විඳීවිද? කාගෙන් හෝ යමක් ඉල්ලා අතපාන තත්ත්වයට පැමිණ හිඟන ගුබ්බෑයමකට ගොදුරු වේවිද?

තාත්තා විසින් උන්ව කාගේ හෝ ගෙදරක බැලමෙහෙවරකමකට විකුණා දමනු ඇතිද? යන කටුක සිතුවිලි මේ අසරණ අම්මාගේ හිතට නැගෙන්නට ඇත. අම්මා දරුවන්ට වහ පෙවීම කිසිසේත්ම සාධාරණ නැති වුවද පවුකාරියකැයි හංවඩු ගැහෙන අම්මාට ඒ පවුකාරකම කරන්නට ඉහත හේතු බලපාන්නට ඇත. නැතිනම් ඒ අම්මාට හිත හදාගෙන තනිවම වහ බී දරුවන්ට වහ පෙවූ පවෙන් නිදහස්ව තමාට හිමි තැනකට යන්නට තිබිණි. හා හාපුරා කියා 2023 අලුත් අවුරුද්ද පැමිණි උණුසුමේම සිදුවූ මේ අවාසනාවන්ත ආරංචියෙන් මුළු ගමම කම්පාවට පත්විය. ජනවාරි පළමුවැනිදා හය හතර නොදන්නා අවුරුදු පහක පුංචි පුතා මරු තුරුලට ගිය බව අසා මුළු රටම කම්පාවට පත්විය. සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ආරංචියට තටු ලැබෙන කොට පොලිසියේ මහත්වරු කිව්වේ අඹුසැමි හුටපටයක් නිසා මේ ඛේදවාචකය සිදුවූ බවකි. එහෙත් මාධ්‍ය පුරා පැතිර ගිය පොදු පුවතක් ලෙස පැතිර ගිය ආරංචිය වූයේ ජීවන වියදම අහස උසට නැඟ ඇති සාපය නිසා දරුවන්ට හරි හැටි කන්නට අඳින්නට බැරිව ගිය වේදනාව දරාගනු නොහැකිව එකී අම්මා මේ අහස පොළොව නූහුලන අපරාධයට හවුල් වූ බවකි.

පස් හැවිරිදි දරු පැටියාගේ මරණයට පැමිණි වැඩිහිටියන් කිහිප දෙනකුම ප්‍රසිද්ධ මාධ්‍ය හරහා කරුණු හෙළිකරමින් කීවේ රටේ පවතින දැඩි ආර්ථික අපහසුතා මුල්කොට ගෙන මෙම අපරාධය සිදුවූ බවකි.

‘කොහොමද රටේ මිනිස්සු මේ ආර්ථික තත්ත්වය දරාගන්නේ? මධ්‍යම පාන්තිකයන්ටත් ජීවිතේ ගැටගහගන්න බැරුව තියෙද්දී කම්කරු මට්ටමේ මෙවැනි පවුල් කොහොමද මේ වියදම දරාගන්නේ? මේ අසරණ අම්මා මේ දරුවො දෙන්නා එක්ක මේ විදියට වස බිව්වේ හෙට දවස ගෙවාගන්න තව ඉස්සරහටත් බැරි නිසයි. මේ සිදුවීම මේ අවුරුද්දේ ආරම්භයක් විතරයි. තව අම්මලා තාත්තලා කී දෙනෙක් ඉදිරියේදී වහ බොයිද දන්නේ නැහැ…’ අසල්වැසියකු සිදුවූ දුක්ඛිත සංගදිය ගැන සිය අදහස් දැක්වූයේ එහෙමය.

මනෝ වෛද්‍ය ආචාර්ය පවිත්‍රා ගොඩමුන්නේ මහත්මිය සඳහන් කොට තිබුණේ පීඩනය දරාගැනීමට නොහැකි තැනදී බොහොමයක් වූ දුර්වල පිරිස් ගන්නා තීරණය මෙම තරුණ අම්මා විසින්ද ගත් බවකි.

‘ඇත්තෙන්ම මේ ව්‍යසනය දරුණු ඛේදවාචකයක්. නැවත මෙවැන්නක් නොවන්නට කවුරුත් වගබලා ගන්නවා නම් හොඳයි…’

දරු මරණයට පැමිණ සිටි වැඩිහිටියකු මහත් සොවින් එලෙස පැවැසුවේය.

විවිධ පිරිස් මොන මොන මට්ටමේ අදහස් දැක්වූවද 2022 දෙසැම්බර් 31 නිමවී 2023 ජනවාරි 01 වැනිදා උදාවන හෝරාව මධ්‍යයේ තරුණ අම්මා කෙනකු,

‘මට උඹලව ජීවත් කරවන්න බැහැ පුතේ. ණය බරයි, ජීවන බරයි අපට කවදාවත් ඔළුව උස්සන්න දෙන එකක් නෑ. අක්කත් එක්ක ඔයත් එන්න මයෙ අම්මා. අපි යමු කිසිම බරක් නොදැනෙන නිදහස් ලෝකෙකට…’

අවුරුදු පහක් සපිරුණු හයක් හතරක් හරි හැටි වැටහෙන්නේ නැති පොඩි එකාට එහෙම කියා වස උගුරු කිහිපයක් පැණි බීම පොවන්නා සේ උගුරට දැම්මාය. අම්මා කළේ මහා අපරාධයක් වුවද අම්මාට ඒ අපරාධය කරන්න පසුබිම තැනුවේ මේ ජඩ පාලන ක්‍රමය නොවේදැයි කිව හැක්කේ කාටද? දැඩිසත්කාර ඒකකයේ සිටින අම්මාට සුවවී පැමිණියහොත් ඇයව දඟගෙයි දමන්නට නීතිය බලාගෙන සිටියත් අම්මාට එහෙම කළාය කියා මේ පාලන ක්‍රමය එයින් පාඩමක් ඉගෙන ගනීවිද? පොලිසියේ මහත්තුරු කියන්නේ දෙන්න දෙමහල්ලන්ගේ ආරවුලක් නිසා අම්මා මෙහෙම කළා කියාය. නමුත් දෙන්නා දෙමහල්ලෝ සණ්ඩු වන්නේ බොහෝ විට ගෙදර තියෙන නැතිබැරිකම් මුල්කොට ගෙනය කියන එක තේරුම් ගන්නට පොලිසියේ මහත්තුරුන්ට බැරිවූ කාරණය කනගාටුවට හේතුවකි. මරණ ගෙදරට පැමිණි වැඩිහිටියකු කිවුවා වාගේම නැතිබැරිකම් දරාගැනීමට බැරිව පවුල් පිටින් මරණයට සේන්දු වන්නට තැනූ නව වසර උදාවේම සියල්ලන් කම්පාවට පත් කළ එකම හෝ අවසාන ශෝකාන්තය වන්නට බැරි බව බොහෝ විට සනාථ කළ හැකිය.

ඇතැමෙක් 2022 දෙසැම්බර් අවසානයේ ‘තර්ටි ෆස්ට් නයිට්’ සමරා ජයපැන් බොද්දී එදා වේල හොයාගන්න තවත් අසරණයන් පිරිසක් මෙලෙස ජීවිතයට සමුදෙන හෝරාවක කල් ගෙවහ. ‘ලෝ දහම මෙය නොවේදැ’යි කිසිවකුට දාර්ශනික කතා කියන්නට බැරිය.

බොහෝ මිනිසුන්ගේ නැතිබැරිකම් කියාපාන සිදුවීමක් පසුගිය දිනෙක මුහුණු පොතේ පෝස්ටුවක් ලෙසද පළවී තිබූ සංසිද්ධියක් මෙහිදී සටහන් කරන්නට සිත් විය.

පෝස්ටුව නිර්මාණය කළ අය ගැන මෙහිදී සඳහන් නොකිරීමට වගබලා ගන්නෙමු. මන්ද යත් අවැසි වන්නේ ඒ පෝස්ටුව හරහා ඔහු රටට දී තිබූ ‘නැතිබැරිකම කොතරම් ශෝචනීයද?’ යන පණිවුඩය පමණක් මෙයට වැදගත් වන නිසාය.

පෝස්ටුවෙහි සඳහන්ව තිබුණේ කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි රැකියා ආයතනයක ප්‍රධාන ආරක්ෂක නිලධාරියා හෙවත් එස්.ඕ. තම දහවල් කෑම පාර්සලය එම සේවා ආයතනය අසල ගැවසෙන යාචකයකුගෙන් ලබාගන්නා සිදුවීමක් ගැනය.

යාචකයාට බත් එක ලැබෙන්නේ පිං තකා ඔහු අතට එය ඇති හැකි අයකු විසින් දෙන නිසාය. එස්.ඕ. හැමදාම වාගේ යාචකයාගෙන් එය ලබාගන්නේ රුපියල් සියයක් ඔහුගේ අත තබලාය. රසට පිසූ බත් එකක් කන්න අද රුපියල් හාර පන්සියයක් නැතුව බැරිය. ඒ නිසා එස්.ඕ. යාචකයාට පිනට ලැබුණු බත් එක රුපියල් සියයකට ගන්නේය. යාචකයාද තමාට තව බත් ලැබෙන නිසා එය එස්.ඕ.ට දෙනවා විය හැකිය. මේ ගනුදෙනුව හරහා දෙදෙනාම වාසිය මුල්කොට හිතත් පසුම්බියත් සනසවති.

අනේ ඉතින් සිකියුරිට් ඔෆිසර් කෙනකු යාචකයකුගෙන් බත් පැකට්ටුවක් රුපියල් සියයකට ගන්නට වෙන තරමට ලංකාවේ ආර්ථිකය යකාට ගියේය. නැති බැරිකම දෝරෙ ගලායමින් තිබෙන්නේය.
කාට කියන්නද මේ අවනඩුව?

එකක් දෙකක් මෙහෙම මුහුණු පොත්වල පළවුණාට අපි නොදන්නා මේ වගේ අසරණ කතා තව කොතෙක් සැඟව ඇතිද?

ඉහත වස පෙවූ සිදුවීම වාගේම සිකියුරිටි ඔෆිසර්ගේ බත් ගෙඩියේ කතාවද රටට අත්වී ඇති අවාසනාවන්ත ඉරණම හුවාදක්වන එකම සිදුවීම හෝ අවසාන සිදුවීමද නොවන්නේය. සත්තකින්ම මෙහි අවසානය කොතැනද? මෙහි අවසානයක් වේද?

අම්මලා දස දහස් ගණනක් දරුවන්ට වස පොවා වස බීමද? තව තව එස්.ඕ.ලා යාචකයන්ට රුපියල් සියයක් දී දහවල් බත පිරිමසාගන්නට තම නම්බුව උකස් තැබුවද ඒ කිසිවක් නරුම පාලකයන්ට දැනෙයිද?

එකක් මෙතැනදී කියන්නට පුළුවනිය.

දුක වේදනාව දැනෙන්නේ මේ නින්දිත පාලනයෙන් බැට කන අසරණ මිනිසුන්ටය. ඒ දුක අමතක කොට ආයෙම උන්ව රජ කරවන්නේද ඒ මිනිසුන්මය.

ඉතින් අප දොස් කිව යුත්තේ කාටද?

උන්ව යළි රජ කරන අසරණ මිනිසුන්ටද? නැත්නම් රජ වූ පසුව මිනිසුන්ට වහ බොන්නට සලස්වන උන්ටද?

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ජොනී ඔක්කොටම කලින් කුරුණෑගල ඡන්ද වැඩ පටන් අරන්! (PHOTOS)

Next Post

ගල් අඟුරු මෙට්‍රික් ටොන් එකක මිල හැටියට ඇමැති කංචන කැබිනට් මණ්ඩලයට කියන්නේ ඩොලර් 330යි! හැබැයි බාන්නේ ඩොලර් 230 ගාණේ! රටට පාඩුව රුපියල් කෝටි 7400ක්! මිනිස්සුන්ට කන්න නැතිව හිඟා කන වෙලාවෙත් ආණ්ඩුව කරන මහා ගල්අඟුරු වංචාවක් ගැන ඕමල්පේ සෝභිත හිමියන්ගෙන් හෙළිදරව්වක්! (VIDEO)

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.