ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සාමාජීය පර්යේෂණ සහ සමීක්ෂණ ආයතනයක් වන ‘ඇඩ්වොකාටා’ ආයතනයේ (Advocata Institute) 2022 වසරෙහි ප්‍රගතිය සහ කාර්යසාධනය ගැන අගය කෙරෙන උත්සවයක් පසුගියදා කොළඹදී පවත්වන ලදී. දැනට වසර 07කට ආසන්න කාලයක් පුරා ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍රයන් උදෙසා පර්යේෂණ සහ විශ්ලේෂණ කටයුතු රැසක් සිදුකරනු ලබන ‘ඇඩ්වොකාටා’ ආයතනය, දැනට මෙරට තුළ පිළිගත් මිනුම් සලකුණක් බවට පත්ව ඇත.
ශ්‍රී ලංකාවේ දේශපාලනික, සාමාජීය, ව්‍යාපාරික සහ තවත් විවිධ ක්ෂේත්‍රයන් ගණනාවකට අදාළව ඉතා උසස් ප්‍රමිතිකරණයකින් යුත් වාර්තා සැකසීම මෙන්ම, වෙනත් වැදගත් නිබන්ධනයන්ද සැකසීම මෙම ආයතනයේ ප්‍රධානතම කාර්යභාරයන් වෙයි. එම ලේඛන කාර්යයන්ට අමතරව සමාජ පර්යේෂණයන්ට අදාළ ඡායාරූප, ගුවන්විදුලි, රූපවාහිනී සහ සමාජ මාධ්‍ය ජාල කටයුතුද ඉතා බහුලව මෙම ආයතනය සිදුකරනු ලබයි.
නිදහස් සමාජයක් සඳහා ගැළපෙන යහපත් අදහස් සහ ප්‍රතිපත්ති ප්‍රවර්ධනය කිරීම මෙම ආයතනයෙහි අරමුණ වෙයි. ගතවූ වසර 07ක කාලයට ‘ඇඩ්වොකාටා’ ආයතනය පිළිගත් සම්මාන රැසකින්ම පිදුම් ලබා ඇත. ‘ඇඩ්වොකාටා’ ආයතනයේ සභාපති මර්ටාසා ජැෆර්ජි සහ ප්‍රධාන විධායක නිලධාරී ධනනාත් ප්‍රනාන්දු යන මහත්වරුන් උත්සව සභාව අමතන අයුරු ඡයාරූපවලින් දැක්වෙයි.

ප්‍රියන්ත හෙට්ටිගේ











