තමන් 2008 වසරේදීත් නාමල් රාජපක්ෂ මහතා නීති විද්‍යාලයට පැමිණෙන ආකාරය සම්බන්ධයෙන් යම් යම් ගැටුම් ඇති කර ගත් බව අරගලයේදී විශාල කාර්යභාරයක් කළ නීතීඥ අමිල එගොඩමහවත්ත මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ එවකදී පවා ඇතැමුන් තමන්ට සිස්ටම් එකට අනුව ජීවත්වන ලෙස දැනුම් දුන් බවකි.
නමුත් එදාද තමන් එවැනි කටයුතුවලට විරෝධය පළ කළ බව ඒ මහතා කියා සිටියේය.










