• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෙරට ඉතිහාසයේ පළමු වරට සිද්ධවෙන මහා පෙරළියක්! ලංකාව වෙනුවෙන් ජිනීවාවල කාර්යාලයක්! ලංකාව ගැන හොයන්න ජිනීවාවලින් කෝටි 125ක් වෙන් කරලා!

December 27, 2022
in Exclusive, News
Reading Time: 3 mins read
A A
මෙරට ඉතිහාසයේ පළමු වරට සිද්ධවෙන මහා පෙරළියක්! ලංකාව වෙනුවෙන් ජිනීවාවල කාර්යාලයක්! ලංකාව ගැන හොයන්න ජිනීවාවලින් කෝටි 125ක් වෙන් කරලා!
Share on WhatsAppShare on Facebook

දැනට දශක එකහමාරකට (වසර 15ක් පමණ) ආසන්න කාලයක සිටම ශ්‍රී ලංකාවට අසන්නට ලැබී ඇත්තේ මානව හිමිකම් කතාන්දර රැසකි. එනම් එය මානව හිමිකම්වල යහපත් තත්ත්වයක් නොව, මානව හිමිකම්වල අයහපත් තත්ත්වයකි. තවත් අයුරකින් කියනවා නම් මානව හිමිකම් කඩවීමේ කතාන්දර ගොන්නකි. එනම් ශ්‍රී ලංකාවේ රජයක් විසින් සිදුකරනු ලබන මානව හිමිකම් කඩකිරීම් ගැන වූ කතාන්දරයකි. මෙම වගතුග බොහෝ විට පසුගිය කාලයක් පුරාම අසන්නට ලැබුණේ ශ්‍රී ලංකාව තුළින් මෙන්ම බහුතරයක් විදෙස් රටවලිනි. එසේත් නැතිනම් විදෙස් ජාත්‍යන්තර සංවිධාන මගිනි. මේ අනුව පසුගිය වසර 15ක සිට මෙම චෝදනා ශ්‍රී ලංකාවට එරෙහිව බහුලව ගෙන එනු ලබන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මගිනි. යුද අපරාධ චෝදනාවල සිට මෑතකදී සිදුවූ ජන අරගල අපරාධ චෝදනා ගැනද මෙම දෝෂාරෝපණයන් ප්‍රබලව එල්ල වෙති. මෙයට මාසයකට පෙර අවසාන වතාවට ජිනීවා නුවරදී පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුස්සිලයේ 51 වැනි සැසිවාරය දක්වාම මෙලෙස චෝදනා ගොඩනැගිණි. මෙම වටපිටාවේදී එකල මෙයට පෙර පැවැති 49 වැනි ජිනීවා සැසිවාරයේදීද එක්තරා සුවිශේෂ පියවරක් ගනු ලැබුවේය.

ශ්‍රී ලංකාවට එරෙහිව මෙලෙස ගොඩනැගෙන මානව හිමිකම් චෝදනා විමර්ශනය සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම තුළම විශේෂ විමර්ශන කාර්යාංශයක් පිහිටුවීමට තීරණය කිරීම එම පියවර විය. මෙම විශේෂිත කාර්යය සඳහා කොමිසම වෙනම මූල්‍ය පිරිවැයද වෙන් කරන බව පැවැසිනි. එනම් එම මූල්‍ය ප්‍රතිපාදන මගින් කාර්යාලය පවත්වාගෙන යෑමේ කටයුතු සිදුකෙරෙයි. කෙසේ හෝ මෙම තීරණය ගෙන වසර එකහමාරක් පමණ ගතවී ගියේය. එහිදී බොහෝ පාර්ශ්ව සිතුවේ මෙවැන්නක් කොමිසම විසින් සිදු නොකරන බවය. එය යම් ආකාරයකින් කටින් බතල කොළ සිටුවනවා වාගේ පුහු කාරියක් යැයි සිතුවේය. එහෙත් කාලය සෙමින් ගෙවී ගොස් දැන් එම කතාවේ සංක්‍රාන්තිය සහ හැරවුම් ලක්ෂ්‍යය වෙත පැමිණ ඇත. එනම් මෙලෙස සිදුවී ඇති නවතම ආන්දෝලනාත්මක වගතුග කුමක්ද?

මෙයට දින කිහිපයකට පෙර අසන්නට ලැබුණු එම අලුත්ම පුවතින් කියැවුණේ යට කී ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇමෙරිකානු ඩොලර් මිලියන 3.4ක සුවිශාල මුදලක් වෙන්කර ඇති බවය. එනම් මෙම මුදල ශ්‍රී ලංකා රුපියල්වලින් ගත් කල රුපියල් කෝටි 125ක් පමණ වෙයි. සැබැවින්ම මෙය අතිවිශාල මූල්‍ය ප්‍රතිපාදනයක් වෙයි. එක්සත් ජාතීන්ගේ ප්‍රධාන සංවිධානය හරහා මෙම මුදල ලබාදෙන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙතය. ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර එම කොමිෂන් කාර්යාලය (මූලස්ථානය) පිහිටා තිබෙයි. මෙලෙස රුපියල් කෝටි 125ක් හෙවත් ඩොලර් මිලියන 3.4ක සුවිශාල මුදලක් ලබාදෙන්නේ ශ්‍රී ලංකාවට අදාළව තිබෙන මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව ක්‍රියාත්මක කිරීම උදෙසාය. එනම් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩකිරීමේ චෝදනාවන් උදෙසා මෙම යෝජනාව ක්‍රියාත්මක වෙයි. මෙලෙස එක්සත් ජාතීන්ගේ මූල්‍ය ප්‍රතිපාදනය හරහා වෙන්කර තිබෙන මුදල මගින් ඉදිරියේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කරුණුවලට අදාළව ඉතා සංකීර්ණ, පුළුල් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරෙනු ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රතිසංවිධානය, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ මානව හිමිකම් කවුන්සිලයේ නවතම යෝජනාව බලාත්මක කිරීම සඳහා ඉදිරියේදී මෙම මූල්‍ය ප්‍රතිපාදනය භාවිත කෙරෙනු ඇත. පසුගියදා පැවැති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී මෙම සුවිශේෂ තීරණය ගෙන ඇත. එසේම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නවතම අයවැයෙහි කොටසක් ලෙසටද මෙම මූල්‍ය ප්‍රතිපාදනය මානව හිමිකම් කවුන්සිලය වෙත ලබාදී ඇත. මානව හිමිකම් යෝජනාවලට අදාළව ලෝකයේ රටවල් රැසක් අතරින් මෙලෙස ශ්‍රී ලංකාවටද අදාළව මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත මෙම මූල්‍ය ප්‍රතිපාදන සපයනු ලබන්නේ විවිධ බලගතු සාමාජික රටවල් මගිනි. කෙසේ වෙතත් මෙලෙස තවත් රටවල් ගණනාවක් සඳහාද මානව හිමිකම් යෝජනාවලීන්ට අදාළව මෙලෙසම මුදල් ප්‍රතිපාදන වෙන්කර ඇත.

කෙසේ හෝ ශ්‍රී ලංකාවට අදාළ මෙම මානව හිමිකම් යෝජනාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා මෙසේ ඩොලර් මිලියන 3.4ක මුදලක් වෙන්කිරීම ගැන ශ්‍රී ලංකා රජය බලවත් ලෙස තම විරෝධතාව ප්‍රකාශ කර සිටියේය. රජය පසුගියදා විශේෂ නිල ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ මෙලෙස විශාල මුදල් ප්‍රතිපාදනයක් වෙන්කිරීම තරයේම හෙළාදකින බවත්, එම ක්‍රියාව ප්‍රතික්ෂේප කරන බවත්ය. ‘කිසිදු ස්වෛරී රාජ්‍යයක එහි ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියාත්මක වන සහ එහි දේශීය නීතිරීති ක්‍රියාවලීන්ගේ කැපවීම පූර්ව විනිශ්චය කරන බාහිර යාන්ත්‍රණයක් අධිස්ථාපනය කිරීම පිළිගත නොහැකි කරුණක්’ යැයි ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කර ඇත. කෙසේ හෝ පසුගිය 2022 ඔක්තෝබර් මාසයේදී පවත්වන ලද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයේදී 51/1 දරන යෝජනාව සම්මත කරන ලද්දේ සාමාජික රටවල වැඩි ඡන්දයෙනි. කෙසේ හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙවර රට රටවල යෝජනා ක්‍රියාත්මක කිරීම උදෙසා වැඩිදියුණු කරන ලද අයවැය ප්‍රතිපාදනයක් සිදුකරන ලදී. මෙවර මානව හිමිකම් යෝජනාවලීන් ක්‍රියාත්මක කිරීමට අදාළව මෙසේ රටවල් ගණනාවකට මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇත. මෙහිදී ශ්‍රී ලංකාව සමග රුසියාව, ඉරානය, ඉතියෝපියාව සහ උගන්ඩාව යන රටවල්ද පෙරමුණෙහි සිටිති. මෙලෙස 2023 සහ 2024 වසරවලදී රටවල් රාශියක මානව හිමිකම් යෝජනාවලීන් ක්‍රියාත්මක කිරීම සඳහා තිබෙන ප්‍රතිපාදනවලට අමතරව තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 22ක් පමණ වෙන්කර ඇතැයි ප්‍රකාශ වෙයි. පසුගිය 05 වැනි මහා මණ්ඩලයේදී එම තීරණය ගනු ලැබුවේය. කෙසේ හෝ මානව හිමිකම් ප්‍රබල ලෙස උල්ලංඝනය කරනු ලබන රටවල් 07ක් පමණ මෙම පෙරමුණෙහි සිටින අතර, ශ්‍රී ලංකාවද ඒ අතර වෙයි. මෙම සමයේදී රුසියාව සහ ඉරානය අතිශය දරුණු ලෙස මානව හිමිකම් උල්ලංඝනය කරන රටවල් දෙකක් ලෙස ප්‍රධාන ස්ථානයේ සිටියි. මෙම සමයේදී එම රටවල සිදුවී ඇති සහ සිදුකරනු ලබන මනුෂ්‍ය ඝාතනයන්ද අනෙක් අපරාධද බොහෝය.

කෙසේ හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානය ගෙන ඇති මෙම නවතම තීරණය සහ ක්‍රමවේදය ශ්‍රී ලංකාව ඉදිරියේදී අතිමහත් අර්බුදයකට යොමු කරනු ඇත. එනම් ඉදිරියේදී වසර 02ක කාලයක් දක්වා ශ්‍රී ලංකාවට එරෙහි මානව හිමිකම් චෝදනා ගැන බොහෝ දැඩි පියවර ගැනීම ඒ අනුව සිදුවනු ඇත. මෙහිදී මූලිකව සිදුකරනු ලබන පියවර වන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම තුළ පිහිටුවනු ලබන ශ්‍රී ලංකාවටම අදාළ වූ විශේෂ කාර්යාලය මගින් කටයුතු ක්‍රියාවේ නැංවීමය. ශ්‍රී ලංකාවට අදාළ යෝජනාවේ සියලු කටයුතු අධීක්ෂණය කරනු ලබන්නේ මෙම විශේෂිත කාර්යාලය හරහාය. කාලයක් පුරා ශ්‍රී ලංකාවට එරෙහිව එල්ලවූ ප්‍රධානතම මානව හිමිකම් චෝදනාව වූයේ යුද අපරාධ චෝදනාය. එහෙත් පසුකාලීනව එනම් විශේෂයෙන් පසුගිය වසර කිහිපයක් තුළදී තවත් විවිධ මානව හිමිකම් චෝදනා වර්ග එල්ල වන්නට ගත්තේය. එසේම දැන් එම තත්ත්වය පසුගිය මාස 06ක පමණ කෙටි කාලයක් තුළ අතිශයින් උත්සන්න තත්ත්වයට පැමිණ ඇත. එනම් මෙරට තුළ එම සමයේදී ඇතිවුණු ජන අරගල පසුබිමේදී එම තත්ත්වය තවත් උච්ච තත්ත්වයකට පත්විය. වත්මන් රජය සහ වත්මන් රාජ්‍ය නායකත්වය හරහා මෙම මානව හිමිකම් අපරාධ උත්සන්න වූ බව මානව හිමිකම් විශ්ලේෂකයෝ ප්‍රකාශ කර සිටිති. එනම් පසුගිය ජන අරගලවලදී ඒවාට සහභාගිවූ පිරිස්වලට එරෙහිව විවිධ ක්‍රියාමාර්ග මෙන්ම දඬුවම් පැමිණවීමද අතිශයම උච්ච තත්ත්වයට පත්විය. එම මර්දනකාරී තත්ත්වයට පසුගිය කාලයේ එක එල්ලේම චෝදනා ලැබුවේ වර්තමාන රාජ්‍ය නායකත්වයයි. එම චෝදනා ලෙහෙසි පහසු ඒවා නොවුණු අතර ශ්‍රී ලංකාව තුළ සිටින පාර්ශ්ව මෙන්ම බහුතරයක් ජාත්‍යන්තර පාර්ශ්ව විසින්ද එම චෝදනා ගෙන එනු ලැබුවේය. එහිදී ප්‍රධාන වශයෙන්ම ගත් කල එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හා තවත් ප්‍රකට ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන කිහිපයක්ම එම ප්‍රබල චෝදනා එල් කරනු ලැබුවේය. මෙම තත්ත්වය රහසක් නොවන අතර පොදුවේ ලොවම දැනගත් කරුණකි.

ලෝකයේ මානව හිමිකම් ක්‍රියාවලිය ගැන අතිවිශිෂ්ට සේවයක් ඉටුකළ සුවිශේෂ චරිතයක් ලෙස සැලකෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ හිටපු මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය ගැන දැඩි අවධානයක් යොමු කළාය. 2018 සිට 2022 දක්වා ඇයගේ සිවු අවුරුදු පාලන කාලය තුළදී ශ්‍රී ලංකාවට සහ එහි රාජ්‍ය නායකත්වයන්ට එරෙහිව එල්ලවුණු මානව හිමිකම් අපරාධ ගැන ඇය බොහෝ තදබල අයුරින් තම අදහස් සහ මතිමතාන්තර ඉදිරිපත් කළාය. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් යෝජනාවලියට අදාළව ශ්‍රී ලංකාව වෙනුවෙන්ම විශේෂ කාර්යාලයක් ජිනීවා මූලස්ථානය තුළ විවෘත කළ යුතු යැයි යෝජනාව ගෙන ආවේ ඇයගේ පාලන කාලය තුළදීය. මානව හිමිකම් කඩකළ ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලකයන්ට සහ අනෙකුත් අදාළ උසස් රාජ්‍ය තනතුරු දරන්නන්ට එරෙහිව ඉතා තදබල ලෙස කටයුතු කළ යුතු යැයි බොහෝ විට කියා සිටියාය. කෙසේ හෝ ඇය පසුගිය 2022 අගෝස්තු 31 වැනි තම ධුරයෙන් විශ්‍රාම යන තෙක්ම තමන්ගේ එම සටන අතහැරියේ නැත. අද ශ්‍රී ලංකාවේ මානව හිමිකම් අපරාධ කළ පිරිස්වලට එරෙහිව කටයුතු කිරීමට විශේෂිත කාර්යාලය විවෘත කෙරුණේද ඇයගේ තදබල ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් ලෙසිනි. මිෂෙල් බැෂලේ යනු ලොව සිටින අතිශයම බලවත් කාන්තාවන් සිය දෙනා අතරට ගරුත්වයෙන් නම්කෙරුණු කාන්තාවක් වන අතර ඇය එම සම්මානනීය තත්ත්වය වසර 04ක් පුරා නොකඩවා හිමිකර ගත්තාය. එසේම ඇය පසුව ලෝකයේ කිරීතිමත් ‘ටයිම්’ සඟරාව විසින් තෝරනු ලැබූ ලෝකයේ බලවත් කාන්තාවන් 15 දෙනා අතරටද පත්වූවාය. එසේම ඇය හිමි කරගෙන ඇති ජගත් සම්මාන සහ විශ්වවිද්‍යාල ගරු උපාධි සංඛ්‍යාවද 35කට අධිකය. මිෂෙල් බැෂලේ යනු චිලී රාජ්‍යයේ හිටපු ජනාධිපතිනිය වන අතර එම ජනාධිපති ධුරය ඇය නොකඩවා වසර 05ක් පුරා දැරුවාය. මේ ආකාරයට මානව හිමිකම් ලෝකයේ බලවත් වූ කාන්තාවක් විසින් ලෝකයේ රටවල් රාශියකටම මානව හිමිකම් උදෙසා මහත් සේවයක් සිදුවී ඇත.

අද ශ්‍රී ලංකාව යනු රාජ්‍ය පාලකයන්ගේ දූෂණ වංචා සහ ඔවුන්ගේ අතිශය අමනෝඥ පාලනයන් හමුවේ මහා අගාධයකට ඇදවැටුණු රටක් වෙයි. අද මුළු මහත් රටත් ජනතාවත් පත්ව සිටින්නේ අතිශය මහා ශෝචනීය තත්ත්වයකටය. දුක්ඛිත ජනතාව අද මහා සාගින්දරකට පත්ව සිටින්නේ මෙම නිහීන දේශපාලකයන්ගේ ආර්ථික අපරාධ හේතුවෙනි. එහෙයින් මෙම මහා විනාශයට එම දේශපාලකයන් මුළුමනින්ම වගකිව යුතුය. මෙවැනි තත්ත්වයක් යටතේ පසුගිය කාලයේ ශ්‍රී ලංකාවට මෙවැනි ආර්ථික අපරාධයක් සිදුකළ වගකිවයුත්තන් නීතිය හමුවට ගෙන ආ යුතු යැයි හිටපු මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැෂලේ ප්‍රකාශ කර සිටියාය. ආර්ථික අපරාධ යන මාතෘකාව ප්‍රථම වතාවට ගොඩනැගුණේ එම අවස්ථාවේදීය. එනම් ආර්ථික අපරාධකරුවන් යන මාතෘකාව ප්‍රථම වරට ශ්‍රී ලංකාව උදෙසා මානව හිමිකම් කොමිසමේ සැසිවාරයේදී ප්‍රකාශයට පත්විණි. එවැනි අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙනැවිත් දඬුවම් පැමිණවිය යුතු යැයි එම සැසිවාරයන්වලදී අවධාරණය විය. කෙසේ හෝ මෙවැනි පිරිස් ජාත්‍යන්තර නීතිය හරහා ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත රැගෙන ආ යුතු බව අවධාරණය කෙරිණි. 1945 දෙවැනි ලෝක මහා යුද්ධයෙන් පසු මේතාක් විවිධ යුද අපරාධ සඳහා චෝදනා ලැබූ රාජ්‍ය නායකයන් මෙන්ම වෙනත් උසස් රාජ්‍ය තාන්ත්‍රික පිරිස්ද මෙසේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් දඬුවම් ලබා ඇත. කෙසේ හෝ මෙම පිරිස් සියල්ලම යුද අපරාධකරුවන්ය. සමූල මිනිස් ඝාතනවලට සම්බන්ධ වූ ඔවුන්ට නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටුවා තිබෙන ජාත්‍යන්තර අපරාධ අධිකරණය මගින් විවිධ දඬුවම් පමුණුවා ඇත. එසේම තම තමන්ගේ රටවල තිබෙන අපරාධ අධිකරණයන් මගින්ද සමහර රාජ්‍ය නායකයන්ට දඬුවම් පමුණුවා ඇත. මෙවර එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් චෝදනා ගැන කටයුතු කිරීමට රුපියල් කෝටි 125ක මහා ධනස්කන්ධයක් වෙන් කිරීම යනු අරුමපුදුම වගතුගකි.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

කුලී ගෙදර හිමිකරුවන් අහක බලයි! හිසේ පිළිකාවකින් හදිසියේ මියගිය සිසුවියගේ සිරුර තියන්න තැනක් නැතිවෙයි! අන්තිමේදී පන්සලේ හාමුදුරුවෝ අවසන් කටයුතු කරන්න ධර්ම ශාලාව දෙයි! හත්දොහේ දානයත් පන්සලේම!

Next Post

අලුත් අවුරුද්දේ ලයිට් බිල වැඩිවෙන්නේ 65%කින්! අපි නෙමෙයි කියන්නේ විදුලි බල මණ්ඩලය!

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.