• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහාධිකරණයේ කාර්යය ගැන ජනාධිපතිගෙන් දේශනයක්!

December 22, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
රනිල්ගේ ප්‍රධානත්වයෙන් ආහාර කමිටුව රැස්වෙයි!
Share on WhatsAppShare on Facebook

විසි එක්වන සියවසේ දී යුක්තිය පසිඳලීම වේගවත් කිරීම සඳහා මහාධිකරණයට වැදගත් කාර්යභාරයක් ඉටු කිරීමට ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

නඩු කටයුතු ප්‍රමාදවීම සහ අධික පිරිවැයක් දැරීමට සිදුවීම හේතුවෙන් ජනතාව පීඩාවට පත්වන තත්ත්වය කඩිනමින් අවසන් විය යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මහාධිකරණයේ කාර්යභාරය සහ යුක්තිය ඉටුකිරීම කඩිනම් කිරීම පිළිබඳ ආකල්පය කෙබඳු ද යන්න තීරණය කිරීමට මහාධිකරණය කේන්ද්‍රස්ථානය වන බව ද පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ කොළඹ මොනාක් ඉම්පීරියල් හි පසුගියදා පැවැති කොළඹ මහාධිකරණ නීතිඥ සංගමයේ 25 වැනි සංවත්සර උත්සවය අමතමිනි.
පරිසරය හා දේශගුණික විපර්යාස සම්බන්ධ නීති මාලාවක් ඉදිරියේ දී හඳුන්වා දෙන බවත් රටක් ලෙස ඉදිරියට යන ගමනේදී නිරන්තරයෙන් නව නීති සම්පාදනය වෙමින් පවතින බවත් පෙන්වාදුන් ජනාධිපතිවරයා එහිදී මහාධිකරණයට විශාල වගකීමක් පැවරී ඇති බව ද සඳහන් කළේය.

වසර ගණනාවක් ජාතියේ අභිවෘද්ධිය වෙනුවෙන් තම මෙහෙවර ඉටුකළ ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥයින් වෙත සම්මාන පිරිනැමීම මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු වූ අතර නීතිපති සංජය රාජරත්නම් මහතා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්විණි.

නීතිපති සංජය රාජරත්නම්, ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා, කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් ගුණවර්ධන යන මහත්වරු ඇතුළු ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥයෝ රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා
මුලින්ම ඔබ මට ලබාදුන් සම්මානය ගැන මම ස්තූතිවන්ත විය යුතුයි. නමුත් මම එක දෙයක් ඔබට කිව යුතුයි, මම කිසිදාක මහාධිකරණයක නීතිඥ වෘත්තියේ යෙදී නැහැ. එය මම නීතිඥවරයෙකු ලෙස කටයුතු නොකළ එක් අධිකරණයක්. ඒකට හේතුව මම නීතිඥ වෘත්තියට සම්බන්ධ වූ කාලයේ මහාධිකරණ ස්ථාපිත කර නොතිබීමයි.
එවකට අපට තිබුණේ අසීස් (Assize) අධිකරණයක්. මම සිතන විදියට එය බ්‍රිතාන්‍ය යුගයේ සිට තිබූ අධිකරණයක්. කොළඹ අසීස් අධිකරණයේ නඩු විභාග කෙරෙන අවස්ථාවල අපි නීති සිසුන් ලෙස ඊට සවන් දීමට එහි යනවා. “කලත්තෑව නඩුව” සහ “කුලරත්න නඩුව” වගේ නඩු එවකට අසීස් උසාවියේ විභාග වෙමින් පැවතුණා. “පෝලීන් ඩී කෲස් නඩුව” පිළිබඳ ඔබ කී දෙනෙකුට මතක ති‍බේ දැයි මම දන්නේ නැහැ. නමුත් මේවා මෙරට විභාග වූ ඉතා ප්‍රසිද්ධ නඩු.

මම පාර්ලිමේන්තු‍වට ‍තේරි පත්වන විටත් අසීස් අධිකරණය පැවතුණා. නමුත් 1978 ව්‍යවස්ථාව සම්මත වූවායින් පසු මගේ ජ්‍යෙෂ්ඨයෙකු වූ එච්.ඩබ්ලිව්. ජයවර්ධන මහතා ඇතුළු කිහිප දෙනෙක් මහාධිකරණය පිහිටුවීම පිළිබඳ ගෙන ආ යෝජනාව මට මතකයි. අසීස් අධිකරණයක් තිබියදී මහාධිකරණයක් අවශ්‍යය ද කියලා එවකට රටේ විශාල විවාදයක් ඇති වුණා.
13 වන ව්‍යවස්ථා සංශෝධනයත් සමඟ පළාත් මහාධිකරණ ඇති වුණා. ඊට අමතරව වාණිජ මහාධිකරණත් ඇති වුණා. එම අධිකරණ පද්ධතිය පුළුල් වූ බව එයින් පැහැදිළි වෙනවා. දැන් කොළඹ වරාය නගර බලප්‍රදේශය තුළ අලුතින් වාණිජ මහාධිකරණයක් ස්ථාපිත කිරීම පිළිබඳ කොළඹ වරාය නගර කොමිසම සාකච්ඡා කරමින් සිටිනවා. එමගින් එම ප්‍රදේශයේ අධිකරණ කටයුතු සම්බන්ධයෙන් කටයුතු කිරීමේ හැකියාව ලැබෙනවා.
නමුත් මෙය කොළඹට පමණක් සිමා වන නිසා යම් අසාධාරණයක් සිදු වෙනවා. කෙසේ වෙතත් මෙය අපගේ නීති පද්ධතියට අලුත් මුහුණුවරක් ගෙන එනවා. අපි මේ පිළිබඳ අනෙකුත් ක්ෂේත්‍ර සමග පුළුල් කථිකාවක් ආරම්භ කර තිබෙනවා.
උදාහරණයක් ලෙස කාන්තා සමානාත්මතාව සහ සවි බලගැන්වීම සඳහා අලුත් නීති ගෙන ඒමට අපි බලාපොරොත්තු වෙනවා. මේ සඳහා නිතීඥවරියන් පමණක් සම්බන්ධ කර ගන්නවාද එසේ නොමැති නම් දෙපාර්ශ්වයම සහභාගී කරවා ගන්නවාද යන්න කොළඹ මහාධිකරණ නීතිඥවරුන් තීරණය කළයුතුයි.
මීට අමතරව පරිසරය සහ දේශගුණික විපර්යාස පිළිබඳව නව නීති මාලාවක් හඳුන්වාදීමට අපි බලාපොරොත්තු වෙනවා. එහිදී මහාධිකරණයට විශාල වගකීමක් පැවරෙනවා. රටක් ලෙස අප ඉදිරියට යන ගමනේ දී නිරන්තරයෙන් නව නීති සම්පාදනය වෙමින් පවතිනවා. ඇතැම් කටයුතුවල යම් පසුබෑමක් සිදුව තිබුණත් බොහෝ කටයුතුවල ප්‍රගතියක් දක්නට ලැබෙනවා.
අපි මෙලෙස හමුවන්නේ ඉතාම ව්‍යාකූලව පැවති වසරකට පසුවයි. එය අපේ ව්‍යවස්ථාමය සීමාවන් වගේම ව්‍යාකූල තත්ත්වයන් තුළ කටයුතු කිරීමේ හැකියාවත් පරීක්ෂාවට ලක්වූ කාලයක්. අධිකරණයට විශේෂිත භූමිකාවක් තිබෙනවා වගේම එය ඉදිරියටත් පවත්වාගෙන යා යුතු බව අප මතක තබා ගත යුතුයි.
21 වන සියවසේ නීතියේ භූමිකාව කුමක්ද? අධිකරණ පද්ධති වෙනස් විය යුතු ආකාරය කුමක්ද? සහ යුක්තිය පසිඳලීම වේගවත් කරන්නේ කෙසේද? යන කාරණාවලදී මහාධිකරණයට ඉටුකිරීමට වැදගත් භූමිකාවක් තිබෙනවා. විශේෂයෙන් නඩු කටයුතු ජනතාව වියදම්වලින් පීඩාවට පත්කරන එකක් නොවිය යුතු අතර දැනට පවතින එම තත්ත්වය කඩිනමින් අපි අවසන් කළ යුතු වෙනවා.
මේ අපේ අධිකරණ පද්ධතියේ පවතින ගැටලු කිහිපයක් පමණයි. මහාධිකරණයේ භූමිකාව කුමක්ද යන්න තීරණය කළ යුත්තේ මහාධිකරණයේ සිටින ඔබයි. නීතිය කඩිනම් කිරීම සහ සියලුදෙනාට සමානව නීතිය ක්‍රියාත්මක වීම තීරණය වනුයේ ඔබගේ ආකල්ප අනුවයි.

අදින් පසු ඔබ මෙම ගැටලු පිළිබඳව වඩාත් පුළුල්ව සොයා බලනු ඇතැයි මම විශ්වාස කරනවා. ඒ වගේම ඔබ නීතිඥ සංගමයේ කටයුතු කරන විට මම පෙන්වා දුන් මෙම ගැටලු පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ලැබේවි.
විශේෂයෙන්ම එදා මම අගමැති ධුරය දරණ සමයේත්, ඊට පෙර සිටත් ජනාධිපති නීතිඥ යූ.ආර්.ද සිල්වා මහතා ඇතුළු නීතිඥයන් මට විශාල සහයෝගයක් ලබාදුන්නා. යුක්තිය ඉටුකිරීමේ දී ඔබ ලබාදුන් එම සහයෝගය මට කිසිදා අමතක වන්නේ නැහැ.
ඔබට සුබපැතීමට මම මෙය අවස්ථාවක් කර ගන්නා අතරම, අන්තරායකර ඖෂධ පනත හැර අනෙක් සියලු කටයුතුවලදී මම ඔබත් සමඟ සිටින බව සඳහන් කරන්න කැමතියි.

ජනාධිපති මාධ්‍ය අංශය

SendShareShare
Previous Post

රාජ්‍ය සේවකයො ලක්ෂ 3ක් වැඩියිලු! රාජ්‍ය ආයතන ඔක්කොම බිලියන ගණනින් පාඩුයිලු! පඩි ගෙවන්නවත් සල්ලි නැතිලු! එහෙම තියෙද්දිත් රාජ්‍ය සේවකයන්ට බෝනස් දෙන්න ආණ්ඩුව තීන්දු කරයි! හැබැයි ඡන්ද තියන්න සල්ලි නැතිලු!

Next Post

ආණ්ඩුව සඳුදාත් නිවාඩු දෙයි!

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.