• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුර එන්න – විමල් එන්න – උදය එන්න – පාදෙණිය එන්න, ඉන්න තැනකින් එන්න ඔන්න එනවා එට්කා…

December 22, 2022
in Exclusive, News
Reading Time: 5 mins read
A A
අනුර එන්න – විමල් එන්න – උදය එන්න – පාදෙණිය එන්න, ඉන්න තැනකින් එන්න ඔන්න එනවා එට්කා…
Share on WhatsAppShare on Facebook

එට්කා යනු ඔබ අසා පුරුදු වචනයකි. එහෙත් ඒ කවදා කොතැනදැයි එක් වරම ඔබට සිහි නොවන්නට පුළුවන. එහෙයින් 2015 – 2016 කාලයට ඔබේ මතක යානය හරවන්නැයි ඇරයුම් කරමි. සැබැවින්ම ‘එට්කා’ යනු යහපාලන රජය සමයේ විපක්ෂ බලවේග විසින් අහස පොළොව ගැටලමින් රට පැටලූ ප්‍රශ්නයකි. ඉන්දියාව සමග අස්සන් කිරීමට නියමිතව තිබූ ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුම නොහොත් (ETCA) නිසා රට වැනසෙන බවටත්, මෙරටේ රැකියා සියල්ල ඉන්දියානුවන් විසින් ඩැහැගන්නා බවටත් එදා රට තුළ මතයක් නිර්මාණය කරන්නට විපක්ෂය නියෝජනය කළ පක්ෂ සහ ඒහා බැඳුණු සිවිල් සමාජ සංවිධාන කටයුතු කළ බව ප්‍රකට කරුණකි.

එට්කා ගිවිසුම අස්සන් කිරීමට මුලින්ම උත්සාහ ගත්තේ මහින්ද රාජපක්ෂ රජය විසිනි. ඒ, 2009 වසරේදීය. එහෙත් එම අවස්ථාවේදීද ඊට එරෙහි බලවේග සක්‍රීය වීම නිසා කටයුත්ත තාවකාලිකව අතහැර දමන්නට ශ්‍රී ලංකාවට සිදුවිය. පසුකාලීනව මහින්ද රාජපක්ෂ එට්කා ගිවිසුම අස්සන් කිරීමෙන් වළකා ගැනීමේ පූර්ණ ගෞරවය විමල් වීරවංශ විසින් අත්පත්කොට ගත්තේය. එහෙයින් ජාත්‍යන්තර කුමන්ත්‍රණ හත්ගව්වක් තියා හඳුනා ගැනීමේ රුසියෙක් වූ වීරවංශ ප්‍රමුඛ දේශ හිතෛෂී නඩය එට්කා විරෝධයේ පියවරුන් ලෙස හැඳින්වීමේ වරදක් නැතැයි ලියුම්කරු සිතන්නේය.

යහපාලන ආණ්ඩුව සමයේ කරන්නට ගොස් අතරමඟ නතර කළ වැඩ ගොන්න අතර එට්කා ගිවිසුම අස්සන් කිරීමද වෙයි. එදා රට පුරා එට්කා විරෝධී රැලි සංවිධාන වූ අතර වීරවංශ, ගම්මන්පිල වැනි දේශපාලනඥයන් මතු නොව අනුරුද්ධ පාදෙණිය වැනි වෘත්තිකයෝද එදා එට්කා විරෝධය ජනගත කරන්න්නට මුල් වූ පෙරමුණේරාළලාය. ඇතැමුන් එට්කා ගිවිසුම රට පාවාදුන් උඩරට ගිවිසුමේ තත්ත්වයටත් තවත් සමහරක් එය 1987 දී අස්සන් කළ ඉන්දු ලංකා ගිවිසුම තරමට ඉන්දීය බලහත්කාරය විදහාපෑමක් ලෙසද හඳුන්වා දෙන්නට පෙලඹුණාහ. මේ කතාන්දර සිහිකරනුයේ පැරණි අවතාර යළි ඇවිද්දවීමට දැයි ඔබට සිතෙන්නට පුළුවන. නමුත් මේ සතියේ ‘මව්රට’ තුළින් එට්කා ගැන කතාකරන්නේ අන් කිසිවක් නිසා නොව, එම ගිවිසුම යළි අස්සන් කිරීමේ සූදානමක් මේ මොහොතේත් පවතින බැවිනි.

කාලය සමග බොහෝ දෙනකුට අමතකව යමින් පැවැති එට්කා ගිවිසුම යළි කරළියට එන්නේ ඉන්දියවේ පළවන ‘ද හින්දු’ පුවත්පත පළකළ ලිපියක් සමගය. ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයේ නිදහස් වෙළෙඳ ගිවිසුම් පිළිබඳ ප්‍රධාන සාකච්ඡාකරු කේ.ජේ. වීරසිංහ උපුටා දක්වන ‘ද හින්දු’ පුවත්පත උක්ත කරුණ සම්බන්ධයෙන් 2016 සිට 2019 දක්වා කාලය තුළ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සාකච්ඡා වට 11ක් පවත්වා ඇති බව පවසයි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුම වඩාත් පුළුල් සහ ශක්තිමත් කිරීමේ අරමුණින් මෙකී සාකච්ඡා වට පැවැත්වූ බව කේ.ජේ. වීරසිංහ ‘ද හින්දු’ පුවත්පතට පවසා තිබේ. එට්කා ගිවිසුම පිළිබඳ සාකච්ඡා ආරම්භ කර වසර දහයක කාලයකට ආසන්න බවත් ආරම්භයේ සිට ඉන්දියාවට මෙම ගිවිසුම මගින් වැඩි වාසි අත්වනවා යැයි පවසමින් ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති සහ ජාතිවාදී කණ්ඩායම් දැඩි විරෝධයක් එල්ල කළ බවත් හින්දු පුවත්පත සිය ලිපිය මගින් වැඩිදුරටත් වාර්තා කර සිටී.

හින්දු පුවත්පත පවසන පරිදි ලංකාවේ වෘත්තීය සමිති සහ ජාතිවදී බලවේග එට්කා ගිවිසුමට එරෙහිව පෙරමුණට පැමිණි බව සැබෑය. ඊට හේතුව ලංකාවේ වෘත්තීය සමිති සහ ජාතිමාමක යැයි කියාගන්නා බලවේගද ඔය කියනා තරම් රටට ආදරේ වීම යැයි කෙනකුට සිතීමට පුළුවන. එහෙත් ඊට සැබෑම හේතුව ඕනෑම ආණ්ඩුවක කරනා ඕනෑම දේකට විරුද්ධ වීමේ ‘දේශහිතෛෂී සංස්කෘතිය’ මිස රටට ඇති ආදරයක් නොවන බව මේ වන විට ඕනෑවටත් වඩා පැහැදිලි වෙමින් පවතී. සැබැවින්ම මෙකී බලවේගයන්ගේ ඊනියා විරෝධතාවයන් තුළ සැඟව ඇත්තේ රට ගිනිලන වාර්ගික දේශපාලනය මිස අනෙකක් නොවේ. ඊට හොඳම උදාහරණය එට්කා ගිවිසුමට යළි පණ දීමට උත්සාහ ගන්නා වර්තමානයේ පෙර කී දේශ ප්‍රේමී බලවේග ආගිය අතක් සොයාගැනීමට නොහැකි පරිද්දෙන් වල්වැදී සිටීම දැක්විය හැක.

වෘත්තීයවේදී සංවිධාන, ජාතිවාදී බලවේග සහ වෘත්තීය සමිති එදා එට්කා ගැන මැවූයේ සංවිධානාත්මක බිල්ලෙකි. සමාජයේ සෑම ස්ථරයකටම තර්ජනයක් ඇතැයි පැවසෙන තරමට එට්කා බිල්ලාගේ බිය විමධ්‍යගත කරන්නට තරම් ඔවුහු උපායශීලී වූහ. මෙකී එට්කා විරෝධයේ පෙරගමන්කරුවෙක් වූයේ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණියය. රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ සභාපති පුවරුවට මුවාවී රාජපක්ෂ කඳවුර වෙනුවෙන් නිර්ලජ්ජිත දේශපාලනය යෙදුණු ඔහු, රසායනික පොහොර තහනම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලණුව දුන් කීපදෙනාගෙන් කෙනෙකි. ජාතියක් බඩගින්නේ තබන්නට හේතු වූ ඔහුගේ ළිං මැඩි මානසිකත්වය රාජපක්ෂවරු විපක්ෂයට ගිය සෑම අවස්ථාවකම ආවේගශීලී ලෙස කරළියට ආවේ දේශීයත්වය නම් පිරුවටය ඇඟේ ඔතාගෙනය. එට්කා විරෝධයේදී ඔහු දක්වා සිටියේ එම ගිවිසුම අස්සන් කළ පසු වෛද්‍ය වෘත්තිකයන් ප්‍රමුඛ සෞඛ්‍ය සේවකයන් ශ්‍රී ලංකාව ආක්‍රමණය කරනු ඇති බවය. එසේ කිරීමෙන් ලංකාවේ දොස්තරලාගේ රැකියා අවස්ථා අහිමි වන බව ඔවුහු පැවැසූහ. ඉන්ද නොනැවතී ඉන්දියාවේ වෛද්‍යවරුනගේ වෘත්තීයභාවය දෙකේ කොළයට දමා කතාකරන්නටද පාදෙණිය ප්‍රමුඛ ජී.එම්.ඕ.ඒ. නඩය කටයුතු කළේය.

වරක් කොළඹ පැවැති විද්වතුන්, බුද්ධිමතුන් සහ වෘත්තිකයන්ගේ රැස්වීමක් අමතමින් වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මෙසේ පැවසීය.

‘ගිවිසුම පැහැදිලිවම දේශපාලන එකක් වන අතර එහි ගෘහ නිර්මාණ ශිල්පීන් දේශප්‍රේමීන් නොවේ. ඔවුන් දේශප්‍රේමීන් නම් මෙවැනි ගිවිසුමක් අස්සන් කිරීමට සිතන්නේවත් නැහැ. සමහර ඉන්දියානු වෛද්‍යවරුන්ගේ ප්‍රමිතීන් කොතරම් දුර්වලද කියනවා නම්, ඔවුන් හොර ජාවාරම්කරුවන්ට වඩා ටිකක් හොඳ බවයි කියන්න වෙන්නේ. ශ්‍රී ලංකාවේ ඇමැතිවරයකු ඇතුළු ඔවුන් විසින් ශල්‍යකර්ම කළ සමහර රෝගීන් මියගියේ ඔවුන් මූලික කරුණු පවා නොදැන සිටි නිසාය…’

පාදෙණියලාගේ කතා දොස්තරගේ සිට කොන්දොස්තර දක්වා සමස්ත ලංකාවම බියගන්වනට එදා සමත් විය. ඉන්දියාවේ කාරණවෑමියන් පැමිණ ලංකවේ හිසකෙස් කපනු ඇති බවත්, එරට සුදුසුකම් නැති රූපලාවන්‍ය ශිල්පීන් මෙරට රූපලාවන්‍යාගාර විවෘත කර ලංකාවේ රූපලාවන්‍ය ශිල්පීන් පාරට බස්වනු ඇති බවටත් එදා සමාජය බිය කරන්නට මෙකී එට්කා විරෝධය සමත් විය. නව ගිවිසුමකට එළැඹීමට පෙර රජය ඉන්දියාව සමග පවතින නිදහස් වෙළෙඳ ගිවිසුමේ අඩුපාඩු සොයා බැලිය යුතුව තිබූ බව මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් පැවැසූ අතර එට්කා විරෝධයේ එවැනි ප්‍රකාශ ඉතා විරල විය.

දේශපාලන පක්ෂයක් ලෙස ගත් කල ජනතා විමුක්ති පෙරමුණද එට්කා බිල්ලා මවා පෙන්වන්නට උත්සාහ ගත්තේය. 2016 සැප්තැම්බර් 20 හෝ ආසන්න දිනයක කොළඹ පැවැති ‘වෙළෙඳාම, පරිත්‍යාගය සහ ETCA’ නම් සම්මන්ත්‍රණය අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කියා සිටියේ මෙම ගිවිසුම මගින් මෙරටට අඩු ශ්‍රේණියේ තොරතුරු තාක්‍ෂණ වෘත්තිකයන් ගලා ඒම නිසා රටේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා අහිමි වන බවත්, ඉන්දියානුවන්ට රැකියා හිමි වන බවත්ය.

‘දක්ෂ ඉන්දියානු තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ට විදේශගත වීමට අවශ්‍ය නම් ඔවුන් තෝරාගන්නේ යුරෝපය සහ ඇමෙරිකාවයි. ඒ නිසා ඉන්දියාවේ ඉහළම ස්ථරය කවදාවත් ලංකාවට එන්නේ නැහැ. මැද ස්ථරය ඉන්දියාවේ පවතිනු ඇත. ඒක තමයි ලංකාවට එන පහළම ස්ථරය. ඉන්දියාවේ විශාල විරැකියා ප්‍රශ්නයක් තිබෙනවා. ඒ නිසා ETCA හරහා ලංකාවේ තරුණ තරුණියන්ට ඉන්දියාවේ කිසිම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ….’ අනුර කුමාර දිසානායක කැට තබා පැවැසීය. 2016 මාර්තු 05 වැනිදා තලවකැලේදී එට්කා විරෝධී රැළියක් අමතමින් ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත පවසා සිටියේ ඉන්දියාව සමග යෝජිත ආර්ථික හා තාක්ෂණ සහයෝගීතා ගිවිසුම අස්සන් කිරීමට පෙර සාකච්ඡා කර රටේ අවශ්‍යතා අනුව වෙනස් කළ යුතු බවය. එමෙන්ම විදේශ ආයෝජකයන් සහ බහුජාතික සමාගම් ETCA හරහා ඉන්දියාවෙන් අඩු වැටුපට ශ්‍රමය ලබාදීමේ උපක්‍රමයකට සූදානම් වන බවද ඔහු එහිදී පැවසීය. ගිවිසුම අස්සන් කිරීමට රජය ගත් තීරණයට එරෙහිව අත්වැල් බැඳගෙන නැගී සිටින ලෙස එදා ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලා සිටියේය.

2017 මැයි මසයේ 09 වැනිදා හෝ ඊට ආසන්න දිනයක තමා විසින් රචිත ‘රටට ඕනෑ වම’ කෘතිය ජනගත කිරීම සඳහා කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවැති උත්සවයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසා සිටියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉන්දියාවට ගොස් රට පාවාදෙන එට්කා ගිවිසුම අස්සන් කර ඇති බවයි. ඉන්ද නොනැවතුණු ඔහු, එට්කා විරෝධී සටන අතට ගත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය පාදෙණිය ඇතුළු පිරිසට සිය ස්තුතියද පළකර සිටියේය. එම උත්සවයෙදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු, පසුගියදා ඉන්දියාවට ගිය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අවබෝධතා ගිවිසුමකට අස්සන් කරන ලද බවත්, එහි ‘ත්‍රිකුණාමල සංවර්ධනය’ නමින් එහි ව්‍යාපෘතියක් තිබෙන, බවත් මන්නාරම සිට ත්‍රිකුණාමලය දක්වා අධිවේගී මාර්ග කිහිපයක් ඉදිකිරීම සඳහා ඉන්දියාවට කොන්ත්‍රාත් ලබාදීමත් ඒ යටතේ තිබෙන බවත් පැවැසීය.

විමල්ගේ එට්කා විරෝධය කෙතරම් දුර ගියේද යත් 2017 මැයි මාසයේ සිදුකළ ඉන්දීය අගමැති නරේද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයේදී කළු කොඩි ඔසවා විරෝධය දක්වන ලෙස ඉල්ලා සිටියේ වෙසක් සතියේ බෞද්ධ කොඩි මිස කළු කොඩි ඔසවන සිරිතක් නැති බව පවා අමතක කරමිනි.

අපේ රට සම්බන්ධයෙන් ඉන්දියාවට තිබෙන්නේ ප්‍රධාන වශයෙන් ආර්ථික න්‍යාය පත්‍රයක් බවත්, එට්කා හරහා එම න්‍යාය පත්‍රය ක්‍රියාවට නැගීමට ඉන්දියාව කටයුතු කරන බවත් එදා විමල් වීරවංශ ගෙනා තර්කය විය. ඉන්දියාව අද ක්‍රියාත්මක කරන්නේ ‘අබාන්ස් භාරත්’ ප්‍රතිපත්තිය බවත්, ඒ අනුව පාකිස්තානය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, බුරුමය මේ සියල්ල ඉන්දියාවට ඇඳා ‘මහා භාරතය’ පිහිටුවීම ඉන්දියාවේ අරමුණ බවත් විමල් වීරවංශ එදා පැවැසීය. අදටත් වැලි ඇටයක් සොලවා නැති ඉන්දියාව සහ ලංකාව යාකරන හනුමන් පාලම ඉදිකරනු අති බවත්, ඒ ඔස්සේ ලංකාවට එන ඉන්දියානුවන් මෙරට ආර්ථිකය ආක්‍රමණය කරනු ඇති බවත් ඔවුහු පැවැසූහ.

පුදුමයකට මෙන් එට්කා ගිවිසුම යළි බලාත්මක කරන්නට උත්සාහ ගන්නා වර්තමානයේ වීරවංශලා පාදෙණියලා සොයාගැනීමටවත් නැත. එට්කා විරෝධී රැළි පවත්වන්නට ජ.වි.පෙ.ටද ඕනෑකමක් නැත. එදා අගමැති ලෙස එට්කා ගෙන එන්නට ආ රනිල් අද ජනධිපති වී ඊට නායකත්වය දෙයි. එදා වීරවංශ පාදෙණිය වන්නෝ නියෝජනය කළ රාජපක්ෂ කඳවුර අද රනිල්ට හීලෑ වී හමාරය. මහින්දලාගේ පක්ෂයෙන් පාර්ලිමේන්තුවට ගොස් අපි ස්වාධීන යැයි කියමින් කාලය ගතකරන ජාති හිතෙෂී වීරයන්ද අද වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහට හීලෑ වී හමාරය. ඒ හින්දා මරාගෙන මැරෙන ජතිකානුරාගී සටන් අද ලංකාවේ නැත. සකලවිධ ජාත්‍යන්තර කුමන්ත්‍රණවලට එරෙහි වූ ඉන්දියාවේ ආර්ථික උගුල් කල් තබා දුටු, ඇමෙරිකානු අධිරාජ්‍යවාදීන්ට එරෙහිව සටන් කෙරූ අපේ දේශමාමක වීරයන්ගේ ඉන්දීය විරෝධය සහ දෙශප්‍රේමය එක මල්ලක ලා පෝක් සමුද්‍ර සන්ධියේ ගිල්වා දැමූවාදෝයි සිතෙන තරමට ලංකාවේ දේශපාලනය නිහඬය. අවස්ථාවාදී දේශපාලනයේ හැටි එහෙමය.



අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

හාස්කම් පිරි මඩු මාතා වන්දනාව මේ දෙසැම්බර් නිවාඩුවේ…

Next Post

ෂාෆ්ටර් ඝාතන පරීක්ෂණ අලුත් ‌පැත්තකට යයි! තමන් සිටින ස්ථානය සොයන Location Tracking පහසුකම බිරියට සහ මිතුරාට මීට පෙරත් ලබා දී තිබුණාද? ෂාෆ්ටර් මගදී කඩේකින් ‌දෙදෙනෙකුට සෑහෙන්න ෂෝට්ඊට්ස් අරන් ගියේ ඇයි?

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.