HIV වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 600ට ආසන්න සංඛ්‍යාවක් මේ වසර තුළදී හඳුනාගෙන ඇතැයි HIV ඒ්ඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරචිචි මහත්මිය පවසයි.
මෙසේ හඳුනාගත් පුද්ගලයන්ගෙන් වැඩි පිරිස අවුරුදු 18ත් 45ත් අතර පසුවන්නන් බවත්, ඔවුන්ගෙන් වැඩි පිරිසක් අයිස් ඇතුළු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බවත් ඇය ප්‍රකාශ කළාය.
කොපමණ දැනුවත්කිරීම් සිදුකළද ඒවා නොසලකා අනාරක්ෂිත ලිංගික ක්‍රියාකාරකම්වල යෙදීම ඊට බලපා ඇති බවද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.










