ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ සම්බන්ධයෙන් ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) යෝජනාව බලාත්මක කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 3.4 ක් (රුපියල් බිලියන 1.2) වෙන් කිරීමටකටයුතු කිරීම පිළිබදව ශ්‍රී ලංකා රජය විරෝධය පළ කොට ඇති බව වාර්තා වේ.
එමෙන්ම එය ප්‍රතික්ෂේප කිරීමටද රජය පියවර ගෙන ඇති බව පැවසේ.
මෙය 2023 සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් විවිධ රටවල් සම්බන්ධයෙන් සම්මත කරන ලද යෝජනා සහ තීරණ ක්‍රියාත්මක කිරීමට සහාය වීම සඳහා යෝජිත වැඩසටහන් කොටසකි.
පරිපාලන හා අයවැය කටයුතු සඳහා වගකිව යුතු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ පස්වන කමිටුවේදී සාකච්ඡා කෙරිණි.










