• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සුරාබදු එක ඇතුළේ හොර සල්ලි අච්චු ගහන තරම් බරපතළ වැරැද්දක්! බුද්ධික පාර්ලිමේන්තුවේදී රහස් හෙළිකරයි!

December 10, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
සුරාබදු එක ඇතුළේ හොර සල්ලි අච්චු ගහන තරම් බරපතළ වැරැද්දක්! බුද්ධික පාර්ලිමේන්තුවේදී රහස් හෙළිකරයි!
Share on WhatsAppShare on Facebook

මත්වතුර බෝතලය මත ස්ටිකරය හොරට ඇලවීම තවමත් ක්‍රියාත්මක වන බවත්, පසුගියදා මෙලෙස හොරට මුද්‍රණය කළ ස්ටිකර් තොගයක් හසුව ඇති නමුත් සුරාබදු දෙපාර්තමේන්තුව ඔවුන්ට ස්ථානීය දඩයක් පමණක් අයකර සිද්ධිය යටගැසූ බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි බුද්ධික පතිරණ පසුගිය 08 වැනිදා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.

මෙම වැරැද්ද හොර සල්ලි මුද්‍රණය කිරීම තරම්ම බරපතල වරදක් වුවත් ඒ පිළිබඳ සුරාබදු නිලධාරීන් කිසිදු සැලකීමක් නොදක්වන බවත්, ඔවුන් තමන්ගේ සේවා දිගුව හෝ වෙනත් තතුරු වරප්‍රසාද ගැන පමණක් සිතා කටයුතු කරන බවත් චෝදනා කළ අතර, සුරාබදු නිලධාරීන් බරපතල දෝෂ දර්ශනයට ලක් කළේය.

දැන් බලන්න අපට ඉන්ධන ගත්තම කෝඩ් එකෙන් ඒ වෙලාවෙම අපේ දුරකථනවලට කෙටි පනිවිඩය එනවා. නමුත් මත්පැන් නිෂ්පාදකයන් කරන හොර වැඩ නිසා අහිමි වන රුපියල් බිලින 40ක මුදල රජයට ලබාගන්න ක්‍රියාත්මක කළ මත්වතුර බෝතලවල ආරක්ෂිත ස්ටිකරයක් ඇලවීමේ යෝජනාව බලාත්මක කරන්න මහ ලොකු කයි ගහන මුදල් අමාත්‍යංශයට තාම බැරිවෙලා…

එහෙම වෙලා තිබෙන්නේ ඇයි මත් වතුර බෝතලේ කෝඩ් එක ජංගම දුරකථනවලින් කියවන්න බෑ. හේතුව ස්ටිකර් හොරට ගහනවා. දෙපාර්තමේන්තුවට එකක්. පිට පාරෙන් යවන ඒවට තව එකක්. කෝඩ් දෙකක්. පහුගියදා හොරට ස්ටිකර් ගෙනාවා. ඒව අහුවුණා. මොකද කළේ සුරාබදු නිලධාරීන් ස්ථානීය දඩයක් ගෙවල මේක යට ගැහුවා.

ඊයේ අයවැය විවාදය අතරේදී මේ කතාව කී බුද්ධික පතිරණ මන්ත්‍රිවරයාගේ කතාව අතරේ නැගී සිටි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ද මේ චෝදනාව තහවුරු කළේය. ඔහු ප්‍රකාශ කළේ මෙම ස්ටිකර් ම්‍රදුණය කරන මැඩ්‍රාස් සිකියුරිටි ප්‍රින්ටින් සමාගම මේ ආකාරයට හොරට ස්ටිකර් ලබාදීමේ ජාවාරම් සිදුකිරීම හේතුවෙන් රටවල් තුනක අසාදු ලේඛනගත කළ සමාගමක් බවයි. එම සමාගමට එරෙහිව තමන්ද අභියාචනාධිකරණයේ නඩු කී බව සඳහන් කළ විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා මෙම නඩුවද ඉදිරියට කරගෙන යාමට ඔවුන් ඉඩ නොදුන් බව ප්‍රකාශ කළේය.

ඔය ස්ටිකර් හඳුන්වා දෙන්නට කටයුතු කළේ මේ රටේ මත්පැන් ව්‍යාපාරිකයො රජයට බදු ගෙවන් නැතිව හොරට කොටසක් වෙළෙඳපොළට නිකුත් කරන බවට වාර්තා වෙලා තිබුණා නිසා. මේ නිසා රුපියල් බිලියන 40ක පමණ බදු අලාභයක් අපට සිදුවනවා. මේ තත්ත්වය නැති කරන්න තමයි සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂිත ස්ටිකරයක් සෑම මත්පැන් බෝතලයකටම හඳුන්වා දෙන්නට කටයුතු කළේ.

නමුත් මේ වැඩේ පැවරුවේ ලෝකයෙන්ම අසාදු ලේඛනගත වෙලා ඉන්න සමාගමකට. දැන් වාර්තා වෙනවා මේවා රහසේ මෙරට මත්පැන් ව්‍යාපාරිකයන්ගේ අතටත් යනව කියලා.

ඔය ස්ටිකරය ගහන්න දුන්නු සමාගම ලෝකයේ රටවල් තුනක මේ විදිහට හොර කරලා ඒ රටවල බදු ආදායම් අහිමි කිරීම සම්බන්ධයෙන් හසුවෙලා බ්ලැක් ලිස්ට් කරපු සමාගමක්. අපේ සුරාබදු නිලධාරීන්ට මේ සමාගම හැර ලෝකයේ වෙන කිසි සමාගමක් තිබුණේ නෑ මේ වැඩේ පවරන්න. ඕක ස්ටිකරය නිකං දිනමිණ පත්තරේ ගහනව වගේ කඩදාසියක මුද්‍රණය කරන එකක්. ලේක්හවුස් එකෙත් ඕක ගහන්න තිබුණා.

දැන් මේ ස්ටිකරයට බිලියන ගාණක් වියදම් කර තිබෙනවා. තවමත් වංචා සිදුවෙනවා… යැයිද අධිකරණ අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.

lankasara

SendShareShare
Previous Post

චමල් එක්ක එක වාහනේ නැගලා ගෝඨා ආපු වෝටර්ස් එජ් පාටියට මහින්ද-බැසිල්-නාමල් ඇවිත් නෑ!

Next Post

ඩිනර් එකකදී රනිල් එක්ක සෙල්ෆියක් ගසා රස්සාව නැතිවුණේ කාටද?

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.