ආණ්ඩු පක්ෂයේ සියලුම මැති ඇමැතිවරුන් සදහා වෝටර්ස් එජ් හෝටලයේ පැවැති සුපිරි රාත්‍රී භෝජන සංග්‍රහයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ සහ හිටපු ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ යන මහත්වරුන් සහභාගී වී නොමැති බව වාර්තා වේ.
ඔවුන්ට සාදය සදහා ආරාධනා කර තිබියදීත් මෙසේ ඊට නොපැමිණීම සම්බන්ධයෙන් සාදය අතරතුර විශාල කසුකුසුවක් පැවැති බව දැනගන්නට තිබේ.
කෙසේවෙතත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ චමල් රාජපක්ෂ මහතා එක වාහනයේ නැගී උත්සවයට සහභාගී වීමට පියවර ගෙන ඇත.