• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

හිටිහැටියේම ‌ගෝඨා ඇඳුම ‌වෙනස් කළේ ඇයි?

January 11, 2020
in News, Politics
Reading Time: 3 mins read
A A
හිටිහැටියේම ‌ගෝඨා ඇඳුම ‌වෙනස් කළේ ඇයි?
Share on WhatsAppShare on Facebook

ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරණයට එනවා කියලා කියපු ගමන් අපිට මැවුණෙ මහින්ද මහත්තයා වගේ කුරක්කන් සාටකේ දාලා රෙද්ද බැනියම ඇන්ද ගෝඨාභය රාජපක්‍ෂ කෙනෙක්ව. ඒකට හේතුවක් තිබුණා. ඒ වෙනකොට දේශපාලනයට ආපු හැම රාජපක්‍ෂ කෙනෙක්ගෙම ඇඳුම වුණේ ඒක.
‘මහින්ද ඇන්දෙ රෙද්ද බැනියම’
‘බැසිල් ඇන්දෙත් ඒක’
‘චමලුත් එහෙමයි’
‘ඇයි නාමල්’ ‘ශෂේන්ද්‍ර’
එහෙමනම් ගෝඨාත් එහෙම වෙන්නම ඕනෑ. හැබැයි ගෝඨාභය මහත්තයා දේශපාලනයට එන බවට රටට කියූ මහ සමුළුවේ ඇපි දැක්කෙ, කුරක්කන් සාටකේ දාපු ගෝඨාභය කෙනෙක් නෙවේ’ ඒ වෙනුවට ඔහු හිටියෙ කුරක්කන් පාට අත්කොට කමිසයක් ඇඳලා. එතැනින් පස්සෙ ඔහු දේශපාලන ව්‍යාපාරය වෙනුවෙන් රටපුරාම ගියේ ඒ ඇඳුමෙන්. ගෝඨාභය කුරක්කන් සාටකේ එක්ක ජාතික ඇඳුමෙන් මනාප ඉල්ලුවෙම නැහැ.
ඔහු ඡන්ද දිනුවට පස්සෙ කළ ප්‍රතිඵල කියන තැනට ආවෙත් පරණ පුරුදු විදියටම අත්කොට කමිසෙයි, කලිසමයි ඇඳලා. ඔහු වෙනස් වෙලා තිබුණෙ නැහැ. ඒ අනුව ලංකාවෙ හත් වැනි විධායක ජනාධිපතිතුමාගේ ඇඳුම වෙලා තිබුණෙ අත්කොට කමිසෙයි, දිග කලිසමයි. ඔහු ඉතිහාසයට එකතු වුණේ රෙද්ද සහ බැනියම නොඇන්ද පළමු වැනි ජනාධිපති විදියට. ‘මව්රට’ අපි ඡන්දයට පෙර වගේම ඡන්දයෙන් පසුවත් ඒ ගැන කතා කළා.
ගෝඨාභය රාජපක්‍ෂ දිවුරුම් දෙනදාත් මිනිස්සු බලාන උන්නා. හැබැයි එදත් ඔහු ඇන්දෙ පරණ පුරුදු විදියට අත්කොට කමිසෙයි, කලිසමයි. පාට විතරක් වෙනස් වුණා. ගෝඨාභය ඉන්දියාවට ගියෙත් පරණ පුරුදු විදියටමයි. ඉන්දියාවෙන් ගමනෙන් පස්සෙත් ලංකාවෙ හත් වැනි විධායක ජනාධිපතිතුමාගෙ ඇඳුමෙ වෙනසක් වුණේම නැහැ. හැබැයි ජනාධිපතිතුමා තීරණාත්මක තැනකට එන්න වුණා. ඒ පාර්ලිමේන්තුවේ රාජාසන කතාව වෙනුවෙන්.
‘ජනාධිපතිතුමා පාර්ලිමේන්තු අඳින්නෙ මොකක්ද?’

රටම ඒ පැත්ත බලාගෙන ඉන්න අතරෙ අපි ඒ ගැන කතා කළා. අපි පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගැනත්, ජනාධිපතිතුමාගෙ සම්ප්‍රදාය ගැනත් සවිස්තර සටහනක් තිබ්බා.
පසුගිය හතර වැනිදා ලංකාවේ හත් වැනි විධායක ජනාධිපතිතුමා, නව පාර්ලිමේන්තු සභාවාරය අරඹමින් ඊට සහභාගි වුණේ සිය රාජාසන කතාව වෙනුවෙන් අසුපිට නැඟුණු හේවායෝ සහ කාලතුවක්කු වෙඩි මුර රහිතව, වාහන තුනක සහ යතුරුපැදි කිහිපයකින් සැදුම්ලත් රථ පෙළපාළියකින් ඔහු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ගොඩ වුණා. හැබැයි ඒ පරණ පුරුදු අත්කොට කමිසෙයි, කලිසමයි ඇඳලා නෙවෙයි. ගෝඨාභය මහත්තයට තිබුණෙ තෝර ගන්න ඇඳුම් ක්‍රම තුනයි. එකක් මහින්ද මහත්තයගෙ ක්‍රමේට ජාතික ඇඳුම. නැත්නම් යුරෝපීය ඇඳුම. එහෙමත් නැත්නම් මන්ත්‍රි ඇඳුම. හැබැයි ගෝඨාභය මහත්තයා තෝරාගත්තෙ ටයිකෝට් සහිත යුරෝපා ඇඳුම. ඒ විදියට ඔහු පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගරු කරමින් තමන්ගෙ සම්ප්‍රදාය වෙනස් කරගත්තා’ මීට කලිනුත් ඔහු නිතරම පාහේ මේ විදියට ටයිකෝට් ඇන්දත්, ජනාධිපතිවරණයට පෙර සහ පසු ඔහු ටයිකෝට් ඇඳලා ජනතාව ඉදිරියට ආපු පළමු වැනි වතාව ඒක. ඒ වගේ ජනාධිපතිවරණ වේදිකාවේ සිට මේ දක්වාම ඔහු ඇන්ද ඇඳුම වෙනස් කළ පළමු වැනි වතාවට. ඒ පාර්ලිමේන්තු සම්ප්‍රදාය වෙනුවෙන්ම වෙන්න ඇති කියලයි අපිට හිතෙන්නෙ.
ඊළඟට ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා එක තැනක කියලා තිබුණා තමන් කුරක්කන් සාටකේ නොදැම්මට කුරක්කන් සුවඳ දැනෙන බව. මෙහෙම කියපු ඔහු සරමටත් බැස්සා. ඒ අරලියගහ මන්දිරේ තිබ්බ පිරිත් පින්කමේදී. ඒ විදියට ගත්තම දැන් ජනාධිපතිතුමා, හැම විදියටම මාරුවෙලා තියෙනවා.
ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අරලියගහ මන්දිරේ තිබ්බ පිරිත් පින්කමට රෙද්ද බැනියම ඇන්දට ඒකෙ පවුලෙ ක්‍රමය තිබුණෙ නෑ. ඒ කියන්නෙ මහින්දගෙ, නාමල්ගෙ, චමල්ගෙ ක්‍රමයට කුරක්කන් සාටකේ දාලා තිබුණෙ නෑ. ඒ වගේම ඇඳලා තිබුණෙ සාමාන්‍ය කමිසයක් එක්ක සුදු පාට සරමක්. දෙකම එක වගේ සුදු පාට ඇඳුමක්. එදා ඒ ඇඳුමත් එක්ක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගෙන් පෙනුණෙ සාමාන්‍යයෙන් බෞද්ධ උත්සවයකට සහභාගි වෙන ගැමියෙක්ගෙ පෙනුම. ඒ ඇඳුමෙන් පෙනුණෙ කිසිසේත්ම දේශපාලනික ස්වරූපයක් නෙමෙයි. කොටින්ම කියනවා නම් ගෝඨාභය ජනාධිපතිතුමාගෙ මේ ඇඳුම දේශපාලනයට පටලව ගන්න එකක් නෑ කියලයි කාරණා කටයුතු දන්න උදවිය කිව්වෙ. හැබැයි ඔහු තවම මොනම හේතුවක් නිසාවත් සාටකේ නම් දැම්මෙ නෑ.

හැබැයි එකක්, මේ වෙනකොට ලංකාවෙ පත්වෙන සියලුම ජනාධිපතිවරු ජාතික ඇඳුමට හුරුවෙච්ච අය. විශේෂත්වය වෙන්නෙ ඒ අයගෙ දේශපාලන ඉතිහාසයම ජාතික ඇඳුමත් එක්ක බැඳිලා තිබුණ එක.
ලංකාවේ පළමුවැනි විධායක ජනාධිපති වෙච්ච ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ජනාධිපති වෙන්නෙ රෙද්ද බැනියම ඇඳලා. ඔහු දේශපාලනය කරන සම්පූර්ණ කාලයම ජාතික ඇඳුම ඇන්දා. ඒ වගේම ආර්. ප්‍රේමදාස මහත්තයත් එහෙමයි. සමහර විට ජේ.ආර්. ජයවර්ධන මහත්තයගෙ අඩිපාරේ ගියා වෙන්න ඇති. එතුමගෙ ඇඳුමත් සරම, කමිසය. ඊළඟට හදිස්සියේ පත්වෙන ඩිංගිරි බණ්ඩා විජයතුංග මහත්තයා ඒකත් ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ ෆොටෝකොපිය වගේ සරමයි කමිසෙයි. ඒ කියන්නෙ ජාතික ඇඳුම. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ජනාධිපතිතුමියගෙන් පස්සෙ එන්නෙ මහින්ද රාජපක්ෂ මහත්තයා. ඒ ඇඳුම රෙද්ද බැනියම විතරක් නෙමෙයි. කුරක්කන් සාටකෙත් එක්ක පස්වැනි විධායක ජනාධිපතිතුමා සලකන්නෙ රෙද්ද බැනියම ඇඳලා සරම විලාසිතාවක් කරපු කෙනෙක් විදියට. ඊට පස්සෙ හයවැනි විධායක ජනාධිපතිතුමා. මෛත්‍රිපාල සිරිසේන මහත්තයා. එතුමා මුලින් ඇඳපු රෙද්ද බැනියම වෙනුවට පස්සෙ මෝඩි පන්නයේ ජැකට් එකකුත් මෛත්‍රිට දැම්මා. පස්සෙ ඔහුත් ඇන්දෙ ජාතික ඇඳුම. හැබැයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා නම් මේ සරම ඇන්දෙ පළමුවැනි වතාව. ඒ නිසා එතුමා දීර්ඝ කාලීනව අඳීද නැද්ද කියන්න බෑ.
හැබැයි එකක්. මේ අපි කලින් කියපු හැම කෙනෙක්ම ජනාධිපතිවරණයට එන්නෙම දේශපාලනයේ ඉඳලා. ඒ වගේම මේ හැමෝම පාර්ලිමේන්තුවෙ ඉඳලා ඉවර වෙලයි ජනාධිපති පුටුවට ආවෙ. හැබැයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ සම්ප්‍රදාය වෙනස් කළා.
ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ඉතාම ප්‍රබල විදියට දේශපාලනයේ ඉන්න අතරයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරලා විධායක ජනාධිපති ධුරය ඇතිකරන්නෙම. රණසිංහ ප්‍රේමදාස මහත්තයා ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවෙ අග්‍රාමාත්‍යවරයා. ඊට කලිනුත් දේශපාලනයේ හිටපු කෙනෙක් ඩිංගිරි බණ්ඩා විජයතුංග මහත්තයත් එහෙමයි. ඒ ආර්. ප්‍රේමදාස රජයේ අගමැතිවරයා. ඔහුත් පාර්ලිමේන්තු ගියපු කෙනෙක්. මහින්ද රාජපක්ෂ මහත්තයත් එහෙමයි. එතුමන් පාර්ලිමේන්තුවෙ කටයුතු කරපු දේශපාලකයෙක්. සමහර විට දේශපාලකයො පාර්ලිමේන්තු ගියාම ඒ සම්ප්‍රදායට අනුව තමන්ගෙ සම්ප්‍රදාය හදාගන්නවා වෙන්න පුළුවන්. හැබැයි කොහොම වෙතත් ඔන්න ජනාධිපතිතුමා ටයි කෝට් වගේම රෙද්ද බැනියමත් ඇන්දා.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

SDB බැංකුව ගෞරව සම්මාන ලබයි

Next Post

පත්තිනි පුරාණයේ සැඟවුණු ඇත්ත

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.